කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කඩවත සහ කෙළවර පිටිය අතර කිලෝමීටර් 27 දශම 1 ප්‍රදේශයේදී ඔස්ට්‍රියා ජාතික එකම පවුලේ පිරිසක් ගමන් ගත් සුඛෝභෝගී වෑන් රථයක් ලොරියක ගැටීමෙන් 37 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි අධිවේගී රථවාහන පොලිසිය කියයි.Sri Lanka Latest News
මියගිය පුද්ගලයා schusccr woifgamg නැමැත්තෙකි.
ඔහුගේ මව බරපතල තුවාල ලබා රාගම රෝහල වෙත ඇතුලත් කර ඇත.
හික්කඩුව ප්‍රදේශයේ සංචාරක හෝටලයක සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ කරා යමින් සිටියදී ආපදාවට ලක්ව නවතා තිබූ ලොරි රථයක ගැටී මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.
වෑන් රථය පැද වූ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.
අධිවේගී අතුරුගිරිය අනුපාලක මධ්‍යස්ථානය පරීක්ෂණ පවත්වයි.-ලංකාදීප









