විගණන නිලධාරී තනතුරු 400ක පමණ පුරප්පාඩු පවතින බව විගණාකධිපති දෙපාර්තමේන්තුව පවසයි. Sri Lanka Latest News
විගණකාධිපති ඩබ්ලිව්. පී. සී. වික්‍රමරත්න සඳහන් කළේ, මේ හේතුවෙන් විගණන සේවා සිදු කිරීම උපරිම කළමනාකරණයකින් කිරීමට සිදුව ඇති බවයි.
මේ අතර විගණන නිලධාරී තනතුරු සඳහා සුදුස්සන් බඳවා ගැනීම කඩිනමින් සිදු කරන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.
ඒ අනුව සුදුසුකම් ලත් දැනට රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන්ගෙන් ඒ සඳහා අයැදුම්පත් කැඳවීමට නියමිතයි.
ඒ සඳහා ගැසට් නිවේදනය නුදුරේදීම නිකුත් කරන බව ඔහු ප්‍රකාශ කළේය.










