• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ටිරාන් පාර්ලිමේන්තුවේ කරපු කතාව බැහැර කරමින් ආසියානු ඉන්ටනෙට් සන්ධානයෙන් හැරෙන තැපෑලෙන් තවත් නිවේදනයක්! අපිව දැනුවත් කර නෑ! මේ විදිහට පනත් කෙටුම්පත ක්‍රියාත්මක කරන්න බෑ! ආයෝජනවලටත් බලපෑමක් එයි! VIDEO I Sri Lanka Latest News

January 24, 2024
in Exclusive
Reading Time: 6 mins read
A A
ඔන්ලයින් පනතෙන් ඩිජිටල් ආර්ථිකය බිඳ වැටේවි! සංශෝධන නැතිව ක්‍රියාත්මක කරන්න එපා! Google-Yahoo-Amazon-Twitter-Apple සාමාජිකත්වය දරන ආසියානු අන්තර්ජාල සන්ධානය පොලිස් ඇමැති ටිරාන්ට ලිඛිතව දැනුම් දෙයි! මෙන්න යවපු ලියුම! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මාර්ගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබද පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස පාර්ලිමේන්තුවේ සිදුකළ ප්‍රකාශයෙන් ,ඔවුන් මෙම පනතට ලබා දුන් දායකත්වය නිවරදිව පිළිපිඹු නොවන බව, ආසියානු ඉන්ටනෙට් සන්ධානය පවසයි.Sri Lanka Latest News

සහයෝගීතාවයෙන් ඉදිරි කටයුතු කිරීමට සූදානමින් සිටිය ද , මාර්ගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පතේ සංශෝධන පිළිබඳව මෙතෙක් ආසියානු ඉන්ටනෙට් සන්ධානය දැනුවත් කර නොමැති බව නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දෙයි.

වර්තමාන ස්වරූපයෙන් මෙම පනත් කෙටුම්පත ක්‍රියාත්මක කළ නොහැකි අතර ශ්‍රී ලංකාවේ විද්‍යුත් ආර්ථිකයට ගලා එන සෘජු ආයෝජනවලට ද, එමගින් බලපෑමක් එල්ල වන බව, ඔවුන් නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ .

Google, Apple, Meta, X (Twitter), Amazon, Yahoo, Booking.com, FedEx, Pinterest වැනි දැවැන්ත සමාගම් ආසියානු ඉන්ටර්නෙට් සන්ධානයේ සාමාජිකයින් වේ.

ටිරාන් කරපු කතාව!

මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිළිබඳ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පාර්ලිමේන්තුවේදී මෙම අදහස් පල කරන ලදී.

මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිළිබඳ පනත පසුගිය ගිය ඔක්තෝබර් මාසයේ මා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් කිහිපයක්ද ඉදිරිපත් කර තිබෙනවා. ඒවාද සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊට සංශෝධන කිහිපයක් එක් කර අනුමැතිය ලබාදී තිබෙනවා. තවදුරටත් ඊට අවශ්‍ය සංශෝධන සිදුකිරීම සඳහා ජාත්‍යන්තර ආයතන ඇතුළු ආයතන රාශියක්, සහ සිවිල් සංවිධාන රාශියක් අප සමඟ මේ පිළිබඳ සාකච්ඡා කරනු ලැබුවා. කමිටුවක් වශයෙන් මුළු පනත පිළිබඳ සම්පූර්ණ අධ්‍යයනයක අප නිරත වුණා. සියලුම ජාත්‍යන්තර සංවිධාන වලිනුත් ඔවුන්ගේ නිර්දේශයන් ලබාදෙන ලෙස අප ඉල්ලා සිටියා. ඉන් අනතුරුව අමාත්‍යාංශ ලේකම්තුමා පොලිසියේ නීති අංශයේ නියෝජ්‍ය පොලිස්පතිතුමා සිංගප්පූරුවේදී මේ සියලූම ආයතන වල නියෝජිතයින් සමඟ තිදින සාකච්ඡාවක නිරත වුණා. දෙසැම්බර් 31 වනදා වන විට ඔවුන්ගේ නිර්දේශ අප වෙත ලබාදීමට ඔවුන් එකඟ වුණා. දෙසැම්බර් 31වනි දිනට එම නිර්දේශ ලබාදීමට නොහැකි වුවත් ජනවාරි අටවෙනිදා ඔවුන් එම නිර්දේශ අප වෙත ලබා දුන්නා.

ඒ අනුව ජනවාරි 12වන දා අප අමාත්‍යාංශයේදී පැය කිහිපයක සාකච්ඡාවක් මේ පිළිබඳව පැවැත්වුණා. ඊට සිංගප්පූරුවේ සිට පැමිණි නියෝජිතයකු ද සහභාගි වුණා. එමෙන්ම එම සාකච්ඡාවන් සම්බන්ධීකරණය කළ මෙරට නියෝජිතයින් ද ඊට එක්වුණා. එහිදී ඉදිරිපත් වූ සියලු යෝජනා පිළිබඳවද අවධානය යොමු කරමින් ඇතුලත් කළ හැකි සහ ඇතුළත් කළ නොහැකි කරුණු පිළිබඳව එකඟතාවයකට එළඹුණා. නමුත් මෙම යෝජනා මෙම අවස්ථාවේ ඊට ඇතුළත් කළ නොහැකි බවත්, එම යෝජනා වෙනම ඉදිරිපත් කළ යුතු බවත් නීතිපතිතුමා විසින් අප වෙත දැනුම් දුන්නා. ඒ අතරින් ඇතැම් යෝජනා නීතිපතිතුමාගේ උපදෙස් මත ඊට ඇතුළත් කිරීමේ හැකියාව ලැබුණා. ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නියෝග වලට සහ නීතිපතිතුමාගේ උපදෙස් වලටද අනුකූලව ඇතුලත් කළ හැකි යෝජනාද සමඟ පනත මේ ආකාරයෙන් ඉදිරිපත් කර ඡන්දය අවසන් වීමෙන් අනතුරුව අලුතෙන් ඉදිරිපත් වූ යෝජනා සියල්ල ඊළඟ කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වනවා. පසුව සංශෝධන ලෙස පනතට එය ඇතුළත් කිරීමට සියලු දෙනා එකඟතාවය පළ කර තිබෙනවා.

මේ වන විට පාර්ලිමේන්තුවේ සාමාජිකයින් කිහිප දෙනෙකුට සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ආකාරයෙන් ප්‍රහාර එල්ල වෙමින් පවතිනවා. සමාජ මාධ්‍ය භාවිතයෙන් වංචා සිදුකිරීම, අන් අයකු වෙනුවෙන් පෙනී සිටිමින් වංචා සිදුකිරීම, කැරැල්ලක් ඇතිවන ආකාරයෙන් අසත්‍ය ප්‍රචාර සන්නිවේදනය කිරීම, ළමා අපචාර සහ කාන්තා හිංසනය, ආගමික සහජීවනයට බාධා කිරීම, අසත්‍ය ප්‍රකාශ සිදුකිරීම මගින් ජාතික ආරක්ෂාවට, නීතිය හා සාමයට, ආර්ථිකයට තර්ජනයක් වන විට ඒ පිළිබඳව ක්‍රියාමාර්ග ගැනීම, ආගමික හා සංස්කෘතික ගැටුම් නිර්මාණය වීම වැනි අංශ සමස්තයක් ලෙස මේ පනතින් ආවරණය කරනු ලබනවා.

මෙහිදී ළමා අපචාර සහ කාන්තා හිංසනය පිළිබඳ මාගේ විශේෂ අවධානය යොමු වනවාවා. සමාජ මාධ්‍ය හරහා අපේ රට තුළ ළමා අපචාර හා කාන්තා හිංසන විශාල ප්‍රමාණයක් සිදුවනවා. ඝාතන සිදුව තිබෙනවා.ස්ත්‍රී දුෂණ සිදුව තිබෙනවා.

2023 වසරේ අන්තර්ජාලය ඔස්සේ සිදුකල අපරාධ සම්බන්ධව පැමිණිලි අට දහසකට අධික ප්‍රමාණයක් ලැබී තිබෙනවා.ලිංගික හිරිහැර කිරීම් පිලිබඳ පැමිණිලි 669ක්.නිරුවත් ඡායාරූප ප්‍රසිද්ධ කිරීම පිලිබඳ පැමිණිලි 506ක්. පසුගිය වසරේ පමණක් නිරුවත් ඡායාරූප ලක්ෂයකට අධික ප්‍රමාණයක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචලිත කර තිබෙනවා.අප මේ පනත ඉදිරිපත් කරන්නේ අපහාස කිරීම්, සයිබර් හිරිහැර කිරීම්,තර්ජනය කිරීම්,රාශියක් මෙන්ම ජාතික ආරක්ෂාවට බලපාන සිද්ධීන් 88ක්, මුදල් වංචා කිරීම් 457ක්,දත්ත සොරකම් කිරීම් 547ක් ආදී ක්‍රියාකාරකම් රාශියක් අතරේයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට කිසිඳු පදනමකින් තොර චෝදනා එල්ල කිරීමට ඇතැමුන් සමාජ මාධ්‍ය භාවිතා කරන ආකාරය අපට දක්නට ලැබෙනවා. සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන වංචා කිරීම් පිළිබඳ විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන්ද මා වෙත පැමිණිලි ඉදිරිපත් කර තිබෙනවා.මේ සියල්ල පාලනය කිරීම උදෙසා යම් යම් නීතී රීති අවශ්‍ය වනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලැබුණු ඉහත පැමිණිලි මෙන්ම පොලිස් කාන්තා සහ ළමා අංශය වෙත ද පැමිණිලි දහස් ගණනක් ලැබී තිබෙනවා.

මෙම පනත ගෙන ඒමේ අරමුණ මාධ්‍ය මර්ධනය කිරීම හෝ ප්‍රතිවාදීන්ට පහර එල්ල කිරීම හෝ නොවෙයි.මේ වෙනුවෙන් විශේෂඥ දැනුම සහිත පස් දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් ජනාධිපතිතුමා විසින් පත්කරනු ලැබුවා. තොරතුරු තාක්ෂනය, නීතිය, සමාජ සේවා,පාලනය, මාධ්‍ය කලාව, කළමනාකරණය ආදී විෂය ක්ෂේත්‍ර පිලිබඳ ප්‍රවීණයන් ඒ වෙනුවෙන් තෝරා දෙන ලෙස ජනාධිපතිතුමාගෙන් අප ඉල්ලා සිටියා. එලෙස නම් කළ පුද්ගලයින් ව්‍යවස්ථා සභාවෙන්ද අනුමත කළ යුතුයි. එම නිසා මෙම කමිටුව තුළින් අපේ පුද්ගලික අවශ්‍යතාවන්ට අනුව එකිනෙකාට ප්‍රහාර එල්ල කිරීමට හැකියාවක් පවතී යැයි මා විශ්වාස කරන්නේ නැහැ.

එම කොමිසමට පැමිණිල්ලක් ලැබූ අවස්ථාවක අන්තර්ජාලය සහ අනෙකුත් සමාජ ජාලා ඔස්සේ සිදු කෙරෙන අසත්‍ය ප්‍රචාරයන් ඉවත් කිරීම සඳහා හෝ ඒ වෙනුවෙන් ක්‍රියාමාර්ගයක් ගැනීම සඳහා අදාල ආයතන වලින් ඉල්ලීමක් සිදු කළ හැකියි. එසේ නොවූවහොත් කොමිසම මහේස්ත්‍රාත් උසාවිය ඉදිරියේ පෙනී සිටිය යුතු වනවා. ඒ පිළිබඳව වන වගන්තිය කිසිදු වෙනස් කිරීමකින් තොරව ඒ ආකාරයෙන්ම මේ තුළ පවතිනවා. මේ සියල්ල සිදුකිරීමේ අරමුණ රටේ ළමා පරපුර සහ කාන්තාවන් ආරක්ෂා කර ගැනීමයි. එම නිසා දූ දරුවන් සිටින සහෝදරියන් සිටින බිරින්දෑවරුන් සිටින කිසිවෙකු මීට විරුද්ධ නොවනු ඇති බව මා විශ්වාස කරනවා. මෙහි සිටින බොහෝ දෙනෙකුට, තමන්ට හෝ තමන්ගේ පවුලේ සාමාජිකයින්ට සමාජ මාධ්‍ය ඔස්සේ මොනයම් ආකාර හෝ පීඩා පීඩාවන්ට මුහුණ දීමට සිදුව තිබෙන බව මා විශ්වාස කරනවා. එම නිසා රට වෙනුවෙන් සිතමින් මේ පනත සම්මත කර ගැනීමට සහයෝගය දක්වන ලෙස ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.

SendShareShare
Previous Post

‘ජනපති ගෙන යන නිවැරදි ආර්ථික වැඩපිළිවෙළ නිසා රටේ ආර්ථිකය පිළිබඳ ජාත්‍යන්තරයේ විශ්වාසයක් ඇතිවෙලා’ අයවැය සම්මන්ත්‍රණයට එක්වෙමින් සාගල කියයි I PHOTOS I Sri Lanka Latest News

Next Post

කාලගුණයත් අයහපත්! වැට් එකත් වැඩි කළා! උද්ධමනය 7%ක් වෙනකම් ඉහළ යන්න පුලුවන්! පාන් කියාගන්න බැරිව ඉන්න මිනිස්සුන්ට ‌ඉස්සරහට වෙන්න යන දේ ගැන මහබැංකු අධිපතිගෙන් බය හිතෙන කතාවක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.