• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘ජනපති ගෙන යන නිවැරදි ආර්ථික වැඩපිළිවෙළ නිසා රටේ ආර්ථිකය පිළිබඳ ජාත්‍යන්තරයේ විශ්වාසයක් ඇතිවෙලා’ අයවැය සම්මන්ත්‍රණයට එක්වෙමින් සාගල කියයි I PHOTOS I Sri Lanka Latest News

January 23, 2024
in Exclusive
Reading Time: 10 mins read
A A
‘ජනපති ගෙන යන නිවැරදි ආර්ථික වැඩපිළිවෙළ නිසා රටේ ආර්ථිකය පිළිබඳ ජාත්‍යන්තරයේ විශ්වාසයක් ඇතිවෙලා’ අයවැය සම්මන්ත්‍රණයට එක්වෙමින් සාගල කියයි I PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරම්භ කළ නිවැරදි ආර්ථික වැඩපිළිවෙළ හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳව ජාත්‍යන්තරය තුළ විශ්වාසයක් ගොඩනඟා ගැනීමට හැකිවී තිබෙන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා ප්‍රකාශ කළේය. (Sri Lanka Latest News)

මූල්‍ය, නීති හා පාලන අංශවල ප්‍රතිසංස්කරණ සිදු කරමින් රටේ ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා නව ආර්ථික දැක්මකින් යුතුව ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

සාගල රත්නායක මහතා මෙම අදහස් පළ කර සිටියේ, ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (23) පැවති “2024 අයවැය” සම්මන්ත්‍රණයට එක්වෙමිනි. මෙම සම්මන්ත්‍රණය ජනාධිපති වෘත්තිය සමිති සබඳතා අංශය විසින් සංවිධානය කර තිබිණි.

ශ්‍රී ලංකාව බලශක්ති අපනයනයේ කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමට සැලසුම් සකස් කර තිබෙන බවද සාගල රත්නායක මහතා සදහන් කළේය .

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සාගල රත්නායක මහතා මෙසේද පැවසීය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා රට බාර ගන්නා අවස්ථාවේ රට තුළ දරුණු ආර්ථික අර්බුදයක් තිබුණා. තෙල් පෝලිම්, ගෑස් පෝලිම් වගේම පැය ගණන් විදුලි කප්පාදුවක් ද තිබුණා. එවකට ක්‍රියාත්මක කළ බදු ප්‍රතිපත්තිය නිසා රාජ්‍ය ආදායම බිඳවැටීම, වැරදි කෘෂි ප්‍රතිපත්තිය, බදු ගොනු අවම කිරීම වැනි සාධක එම ආර්ථික අර්බුදය සඳහා බලපෑවා. කොවිඩ් වසංගතය නිසා සංචාරකයන්ගේ පැමිණීම අඩුවීම නිසා ලැබුණු විදේශ විනියමයත් අහිමි වුණා. ඉන් පසුව පැවති අරගලය නිසා ද ආර්ථික බිඳවැටීම උච්චතම අවස්ථාවට පැමිණියා. මේ නිසා ජීවන වියදම ඉහළ ගියා. ජනතාවට රැකියා අවස්ථා අහිමි වුණා. වත්මන් ජනාධිපතිවරයා රට භාර ගත්තේ මෙවැනි අර්බුදකාරී අවස්ථාවකදීයි.

එතුමා කෘෂි ප්‍රතිපත්තිය වෙනස් කර සහල් නිෂ්පාදනය වැඩි කළා. එමඟින් ආහාර හිඟය අවම කර ගැනීමට හැකි වුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමේ නව වැඩපිළිවෙළට එකඟ වුණා. ඒ අනුව මූල්‍ය ප්‍රතිසංස්කරණ, නීති ප්‍රතිසංස්කරණ හා පාලන ප්‍රතිසංස්කරණ ඇති කිරීමට කටයුතු කළා. ඒ මඟින් රටේ ආර්ථිකය වේගයෙන් ස්ථාවර කිරීමේ වැඩපිළිවෙළකට රජය අවතීර්ණ වුණා. නව බදු පැනවීම නිසා ජනතාවට යම් පීඩනයක් ඇති වී තිබෙන බව පිළිගත යුතුයි. නමුත් එම ක්‍රියාවලිය තුළ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් වෙමින් පවතිනවා. ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තරයේ විශ්වාසයක් ඇතිව තිබෙනවා.

මීට අමතරව සංචාරක කර්මාන්තය ගොඩනැඟීම සඳහා නව ප්‍රතිසංස්කරණ යෝජනා ගෙනැවිත් තිබෙනවා. මෙම ආර්ථික වැඩසටහන තුළින් ගෙවුම් ශේෂයේ අතිරික්තයක් ඇති කිරීමට හැකියාව ලැබුණා. 2022 දී ඩොලර් බිලියන 2.1 ක්ව තිබුණු විදේශ සංචිත ප්‍රමාණය අද වන විට ඩොලර් බිලියන 4.5 දක්වා වැඩි කර ගැනීමට සමත්ව තිබෙනවා.

2022 දී 77%ක් වූ උද්ධමනය අද වන විට 4% ක් දක්වා අඩු කර ගැනීමට රජය සමත් වී තිබෙනවා. රාජ්‍යයක් පවත්වාගෙන යාමට නම් එහි රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් 16% ක් පමණ තිබිය යුතුයි. 2023 වසරේ සිදු කළ ආර්ථික ප්‍රතිසංස්කරණ නිසා දළ දේශීය නිෂ්පාදනයෙන් 11%ක පමණ රාජ්‍ය ආදායමක් ලබා ගැනීමට හැකි වුණා.

රාජ්‍ය ආදායම ශක්තිමත් කිරීම තුළින් ආර්ථිකය ස්ථායිකරණය කිරීමට හැකියාව තිබෙනවා. එහිදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව වැනි ආයතනවල බදු ආදායම් ජාලයක් සකස් කිරීම මඟින් රාජ්‍ය ආදායම ක්‍රමවත්ව වර්ධනය කළ හැකියි. ඒ සඳහා සැලසුම් මේ වනවිටත් සකස් කර තිබෙනවා. මෙම ආර්ථික වැඩපිළිවෙළ ඉදිරි වසරක කාලය ක්‍රියාත්මක කළහොත් සමස්ත ජනතාවට සහන ලබා දිය හැකියි. මේ පවතින තත්ත්වය යටතේද 2024 අයවැය ලේඛනයේ සංවර්ධනාත්මක යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. ගොවි ජනතාවට ඉඩම් සින්නක්කරව ලබාදීම මෙන්ම නාගරික ජනතාවට නිවාස අයිතිය ලබාදීමට ද යෝජනා කර තිබෙනවා. අස්වැසුම සඳහා විශාල මුදලක් වෙන්කර තිබෙනවා. කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය නවීකරණයට ද යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.

ඒ වගේම ශ්‍රී ලංකාව තුළ පුනර්ජනනීය බලශක්තිය ගිගාවොට් 80ක් නිපදවිය හැකි බවට ගණන් බලා තිබෙනවා. 2050 වන විටත් ශ්‍රී ලංකාවේ සමස්ත විදුලි පරිභෝජනය සඳහා අවශ්‍ය වන්නේ ගිගාවොට් 15ක් පමණයි. එම නිසා පුනර්ජනනීය බලශක්තිය නිෂ්පාදනය කර, ශ්‍රී ලංකාව බලශක්ති අපනයනයේ කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමටත් සැලසුම් සකස් කර තිබෙනවා. ග්‍රීන් හයිඩ්‍රිජන් නිෂ්පාදනය කර ජාතික ආර්ථිකයට ආදායම් උත්පාදනය කිරීමටත් සැලසුම් කර තිබෙනවා. මෙම සියලු කාරණා හමුවේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය තුළ ආර්ථික වශයෙන් ශක්තිමත්ව ඔසවා තබීමට හැකියාව තිබෙනවා.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාෂල් ඔෆ් ද එයාර් රොෂාන් ගුණතිලක මහතා
රටක අයවැයක් ඉදිරිපත් කරන්නේ ජාතික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමටයි. ජාතික අවශ්‍යතා කිහිපයක් මුල් කරගෙන මෙවර අයවැය ඉදිරිපත් කර තිබෙනවා. එම ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ නිසා ශ්‍රී ලංකාව නැඟී සිටින රාජ්‍යයක් බවට පත්වෙමින් තිබෙනවා. මේ අයවැය ක්‍රියාත්මක කිරීමේදී මහජනතාවට සම්පූර්ණ සහන ලැබෙන අයුරින් ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය නිලධාරීන් වගබලා ගත යුතුයි. අයවැය යෝජනා සඳහා අනියත බියක් ඇති කර ගැනීමට අවශ්‍ය නැහැ. රාජ්‍ය නිලධාරීන්ගේ පරිණතභාවය සහ අත්දැකීම් මහජනතාව වෙනුවෙන් භාවිතා කළ යුතුයි.

ජනාධිපති ආර්ථික උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා
ශ්‍රී ලංකාව ඉතිහාසයේ දරුණුම ආර්ථික අර්බුදයට 2022 වසරේ මාර්තු මාසයේ දී මුහුණු දුන්නා. ජනතාවගේ ජීවිත අවධානම තමන්ගේ නිවස තුළටම ළඟා වෙමින් තිබුණා. එවැනි දරුණු ආර්ථික අර්බුදයක් මීට පෙර ශ්‍රී ලංකාව තුළ සිදුවූ බවට තොරතුරු වාර්තා වී නැහැ. 2022 දී ඒ වන විටත් ලබාගෙන තිබූ විදෙස් ණය ගෙවීමට නොහැකි බව ප්‍රකාශයට පත් කළා. එවැනි අවස්ථාවකදී අප සමඟ ගනුදෙනු කිරීමට කිසිම රටක් සම්බන්ධ වුණේ නැහැ. එම නිසා ගෑස්, ඉන්ධන හිඟය ආරම්භ වුණා. දරුණු ආර්ථික අර්බුදයට රට ඇදවැටුණා.

එම අවස්ථාවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට භාරගෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර, නව මූල්‍ය ප්‍රතිසංස්කරණයක් සිදු කරමින් නව ආර්ථික තත්ත්වයක් ගොඩනැගීමට කටයුතු කළා. සාර්ව ආර්ථික ස්ථාවරභාවයක් රට තුළ ඇති කිරිමට එතුමන්ගේ ආර්ථික වැඩපිළිවෙළට හැකි වුණා. මේ වන විට ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳ විශ්වාසයක් ජාත්‍යන්තරයට තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටද වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ යම් අවබෝධයක් තිබෙනවා. නමුත් දරුණු ආර්ථික අර්බුදයකදී අඩපණ වූ ආර්ථිකය එක රැයකින් යථාතත්ත්වයට පත් කරන්න බැහැ. ඒ සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි.

ඉදිරිපත් කර ඇති නව ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම තුළින් ඉදිරි වසර කිහිපය තුළ ආර්ථිකය ස්ථායි කිරීමක් සිදු කළ හැකියි. මෙවැර අයවැය මඟින් රටේ ආර්ථිකය ස්ථාවර කිරීමේ පළමු පියවර ගෙන තිබෙනවා. අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීම, දුෂණ විරෝධි වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, අස්වැසුම ක්‍රියාත්මක කිරීම, ඉඩම් ලබාදීම , නිවාස ලබාදීම වැනි ධනාත්මක ආර්ථික යෝජනා මෙවර අයවැයට ඉදිරිපත් කර තිබෙනවා. ඒ තත්ත්වයන් හමුවේ මේ වසර අවසානය වන විට ආර්ථික වර්ධන වේගය 2%ක් වේ යැයි පුරෝකථනය කළ හැකියි.

ජනාධිපති වෘත්තීය සමිති පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා
මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2024 අයවැය ඉදිරිපත් කළා. 2024 අයවැය යනු මේ වසරට අදාළ ආර්ථික ලියවිල්ලයි. ඉතාමත්ම අසීරු අවස්ථාවක වුවත් මේ ඉදිරිපත් කළ සාධනීය අයවැය පිළිබඳ නිසි කතිකාවක් සමාජය තුළ සිදු නොවුනහොත් ඒ තුළින් ඉදිරිපත් කළ යෝජනා මේ මහ පොළොව තුළ යථාර්ථයක් බවට පත් කර ගැනීමට හැකියාවක් ලැබෙන්නෙ නැහැ.
මේ වන විට වැට් බදු සංශෝධනය පිළිබඳ බොහෝ වැරදි මත සමාජගත වී තිබෙනවා. වැට් බද්ද වැඩි වන්නේ 15% සිට 18%ක් දක්වා බව අපි සෑම කෙනෙක්ම දන්නවා. වැට් බද්ද ඒ වන විටත් පනවා තිබූ භාණ්ඩවලට 3%කින් වැඩි වූ නමුත් 0% සිට 18%ක් දක්වා වැඩි වූ තවත් භාණ්ඩ ප්‍රමාණයක් ද මේ අතර තිබෙනවා. ඒ වගේම පැනවූ බද්ද 18%ක් වුවත් බදු ගැලපුම් නිසා ඒ ප්‍රමාණයෙන්ම නොවී ඊට වඩා අඩු ප්‍රතිශතයකින් වැට් බද්ද වැඩිවුණු භාණ්ඩද තිබෙනවා. ඒ නිසා මේ වැට් බද්ද පිළිබඳවද සාමාජය තුළ නිසි කතිකාවක් ඇති වීම වැදගත් වෙනවා.

ජනාධිපති කාර්යාලයේ රාජ්‍ය ආදායම් ඒකකයේ අධ්‍යක්ෂ කේ.කේ.අයි. එරන්ද මහතා
වැට් බදු නිසි ලෙස රජයට එකතු නොවන බව නිරීක්ෂණය වී තිබෙනවා. සාමාන්‍යයෙන් එකතු කළ අගය මත බද්ද නිසි පරිදි එකතු වෙනවා නම් දළ දේශීය නිෂ්පාදනයෙන් 6% ක ප්‍රතිශතයක් එමඟින් ආර්ථිකයට එකතු කිරීමට හැකියාව තිබෙනවා. නමුත් මේ වනවිට එම බද්දෙන් ආර්ථිකයට එකතු වන්නේ 2% ක ප්‍රතිශතයක් පමණයි. ඒ පිළිබඳ සොයා බැලීමේදී ප්‍රධාන බදු කාන්දු තුනක් සොයාගෙන තිබෙනවා. එයින් පළමු කාන්දුව ව්‍යාපාරිකයන් බදු අය කරන නමුත් එය රජයට ලබා නොදීමයි. දෙවැනි බදු කාන්දුව නිලධාරීන්ගේ අක්‍රමිකතා නිසා අහිමි වන බදු ප්‍රමාණයයි.. බදු නිදහස් කිරීම් මඟින් තෙවැනි බදු කාන්දුව සිදුවෙනවා. මේ බදු කාන්දුවීම වළක්වා ගැනීමට කටයුතු කළ යුතුයි. එසේ වුවහොත් ආර්ථිකය ස්ථාවර කර ගැනීමට හැකිවෙනවා.

2019 වසරේ මුල් භාගයේදී වැට් බද්ද පැවතුණේ 15%ක අගයකයි. 2020 දී එය 8% ක් දක්වා අඩු කළා. එය 2020, 2021 හා 2022 යන වර්ෂ තුනේදීම එම අනුපාතයෙන් පැවතුණා. වැට් බද්ද 8%ක් දක්වා අඩු කළ පමණින් 2020 දී බඩු මිලේ පහළ යාමක් සිදු වුණේ නැහැ. මේ අවුරුදු තුන තුළ බිඳවැටුණු ආර්ථිකයේ ඉහළ යෑමක් ඇති කිරීමද වැට් බද්ද 15% ක තබාගෙන සිදු කළ නොහැකියි. ඒ නිසා වැට් බද්ද 18% ක් ලෙස සංශෝධනය කිරීමට සිදු වුණා.

මහ භාණ්ඩාගාරයේ අධ්‍යක්ෂ ජනරාල් කපිල සී. සේනාරත්න මහතාද බස්නාහිර පළාත් ලේකම් ප්‍රමුඛ කොළඹ දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන්, දේශපාලන ක්‍රියාකාරීන්, වෘත්තීය සමිති නායකයන් සහ ජනමාධ්‍යවේදීන් ඇතුළු සිවිල් සමාජ ක්‍රියාකාරීන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.‍

ජනාධිපති මාධ්‍ය අංශය

SendShareShare
Previous Post

අතට අරන් බලන්නවත් වටින්නේ නෑ! තුවක්කුවකට වඩා භයානකයි! ඡන්ද කාලෙ ඉස්සර කරපු සෙල්ලම් දැන් කරන්න බෑ! ඒකයි සමාජ මාධ්‍ය පාලනය කරන්න හදන්නේ! චූටි මල්ලි ආණ්ඩුවේ ඔන්ලයින් පනත ගැන කියපු කතාව! Sri Lanka Latest News

Next Post

ටිරාන් පාර්ලිමේන්තුවේ කරපු කතාව බැහැර කරමින් ආසියානු ඉන්ටනෙට් සන්ධානයෙන් හැරෙන තැපෑලෙන් තවත් නිවේදනයක්! අපිව දැනුවත් කර නෑ! මේ විදිහට පනත් කෙටුම්පත ක්‍රියාත්මක කරන්න බෑ! ආයෝජනවලටත් බලපෑමක් එයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News
Exclusive

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

Load More
කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News
Exclusive

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

චීන ජාතිකයෙකුගෙන් රුපියල් කෝටි 2ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතාගේ පුත් අනුද...

Read more
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.