දෙමළ ජාතික සන්ධානය සදහා නව නායකයෙකු තෝරා පත් කර ගැනීම අද දිනයේ දී සිදු කිරීමට නියමිත ය.Sri Lanka Latest News
සාමාජිකයන් 325 දෙනෙකුගෙන් සමන්විත මහකාරක සභාව සහ සාමාජිකයන් 50 දෙනෙකුගෙන් සමන්විත විශේෂ මධ්‍යම කාරක සභාව රැස් වී පවත්වන රහස් ඡන්දයකින් නව පක්ෂ නායකයා තෝරා ගනු ඇත.
පක්ෂ නායකත්වය සදහා එම්.ඒ. සුමන්තිරන්, එස්.ශ්‍රීධරන් සහ එස්. යෝගේස්වරන් යන අය තරග කිරීමට නියමිත ය.
පක්ෂ නායකත්වය සදහා වන තරගයේ දී, එම්.ඒ. සුමන්තිරන් මහතා ඉදිරියෙන්ම සිටින බව පැවසේ. විශේෂයෙන්ම, දෙමළ, සිංහල සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වය චතුරව හැසිරවීමට හැකි වීමත් නීති වෘත්තිකයෙකු වීමත් ඔහුට තිබෙන විශේෂ සුදුසුකම් ය.










