කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා ඇඳිරි නීතිය පනවා ජනතාව නිවාසවලට සීමා කර ඇති මොහොතක පොලිස් දෙපාර්තමේන්තුවේ වාදක කණ්ඩායම කළ අපූරු කටයුත්තක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවන්හි මහත් ප්‍රශංසාවට ලක්ව තිබේ.
ඇඳිරි නීතිය හේතුවෙන් සහ කොරෝනා වයිරසය හේතුවෙන් ජනතාව ආතතියට සහ ව්‍යාකූලත්වයට පත්ව ඇති මොහොතක ඔවුන් එම ආතතියෙන් මුදවාලීම සදහා පොලිස් වාදක කණ්ඩායම පසුගිය දිනෙක මරදාන ප්‍ර්‍රදේශයේ මහල් නිවාස අසලට පැමිණ ජංගම රථයක සංගීත සන්දර්ශනයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.
මේ හරහා ජනතාවගේ මානසික ආතතිය අවම කිරීමට කටයුතු කර තිබීම බොහෝ දෙනාගේ ප්‍රශංසාවට ලක්ව තිබේ.
ජාත්‍යන්තර සෞඛ්‍ය අංශද මේ වනවිට පෙන්වා දී ඇත්තේ ලෝකයම අර්බූදකාරී වාතාවරණයකට මුහුණ දී ඇති මේ මොහොතේ ජනතාව මානසික සුවයෙන් තැබීම අත්‍යවශ්‍ය කටයුත්තක් බවකි.










