• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අමාරුව හොඳ කළාට බොහොම ස්තූතියි… පිට්ටනි හිස් කරපු අපේ ක්‍රිකට් විරුවෝ I Sri Lanka Latest News

January 18, 2024
in Exclusive, News
Reading Time: 3 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘පට්ට, මරු, ෂෝක්, හෙන ආතල්, නියමයි, හොඳ වැඩේ’ මේ කොයි එක කිව්වත් හරියන්නේ නෑ, දැන් ක්‍රිකට් පිට්ටනිවල මිනිස්සු නැතිවෙන එක ගැන. මොකද සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකාව අතර තියෙන අවසාන තරගය බලන්න නරඹන්නන්ට එක්තරා ප්‍රදේශයක් නිදහසේ නරඹන්න ටිකට් නොගෙන නරඹන්න, නොමිලේ නරඹන්න අවස්ථාව තියෙනවා. මේ ලිපිය ගැන කතාකරද්දී අපේ පුවත්පත් මිත්‍රයෙක් කිව්වා ඒ කාලේ අපි මැච් බැලුවේ ගස්වල නැගලා කියලා. අපිට එච්චර අමාරුවක් තිබුණා ක්‍රිකට් ගැන.(Sri Lanka Latest News)

ක්‍රිකට් මැච් බලන්න අපි සමහර වෙලාවට දින ගැන ගැන ඉන්නවා. ක්‍රිකට්වලට අපි පට්ට ආදරෙයි. ලියුම්කරු මීට කලිනුත් මේක ලියලා තියෙනවා. පොකට් රේඩියෝවලින් එළිවෙනකල් ඇන්ටනාවට වයර් එකක් දාලා, වයර් එකේ කම්බිය ජනේලෙක ගැටගහගෙන, කට්ට කාගෙන මැච් බලපු මිනිස්සු අපි. අපිට මාර අමාරුවක් තිබුණේ. බොහොම ස්තුතියි අපේ ක්‍රිකට් ක්‍රීඩකයෝ ඔක්කොම එකතු වෙලා ඒ අමාරුව හොඳම එකෙන් හොඳ කරලා දුන්නට. දැන් අපිට ඒ අමාරුව ලොකුවට නෑ.

දැන් අපි දන්නවා මේ ක්‍රිකට් මැච් බලලා වැඩක් නෑ, මේක උන්ගේ ආතල් එකට කරන වැඩක් කියලා. ඒ නිසා මේවා බලන්නේ නැතුව අපේ වැඩක් කරන එක හොඳයි කියලා අපි තේරුම් ගත්තා. ඒකට අපි එක එක්කෙනාට චෝදනා කරනවා. හැබැයි මේ චෝදනාවේ ලොකුම කොටස අයිති වෙන්නේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට. ඒක පටන්ගන්න ඕනේ කාගෙන්ද කියන එක මම දන්නේ නෑ. කාගෙන් හරි පටන් ගන්න ඕනේ. මේක පටන් ගනිද්දීම අපි හොඳටම දන්නවා ලංකාවේ ක්‍රිකට් විනාශ කළා කියලා ක්‍රීඩකයෝ දෙතුන් දෙනකුට චෝදනා එල්ල වෙනවා.

ඒවා වැරැදිමත් නෑ. මොකද ක්‍රිකට් ඇතුළේ තිබුණා මාර මාර ගේම්. හැබැයි අර්ජුන රණතුංගලා, අරවින්දලා ක්‍රිකට් ගහපු කාලේ ගැන හැම තැනම කියවෙන්නේ ඒ කාලේ හරිම සුන්දරයි කියලා. අරවින්ද, අර්ජුන, ජයසූරිය වගේ අය මාර වැඩකාරයෝ, ජයසූරිය හැදුණේ අරවින්දලා, අර්ජුනලා යටතේ, ඒගොල්ලෝ තමයි සනත්ලාව රැකබලා ගත්තේ, කන්න බොන්න ඉඳුම්හිටුම් සියල්ල දුන්නේ වගේ කතා. ඒක පට්ටනේ. ඒක මරු. හැබැයි ඉතින් වැඩේ තියෙන්නේ දැන් ක්‍රිකට් විනාශ කරපු එවුන් මොකද කළේ ක්‍රිකට්වලට?

අපි දැක්කා මැච් එක අස්සේ සෙට් එකක් කාඩ් සෙල්ලම් කරනවා. උන් මැච් එක අස්සේ කාඩ් සෙල්ලම් කරනවා, මැච් එක දිහාවත් බලන්නේ නැතුව. මැච් පරදිනවා. ඕවරේකට ලකුණු 10, 15, 20, 25 ගහනවා. ලකුණු 40ට 50ට 60ට 70ට අවුට් වෙනවා. ලංකාව ඇෆ්ගන් කණ්ඩායමට පරදිනවා. එහෙම තියෙද්දීත් මුන්ට මේක ඇඟේ නෑ. ඇම්මක් නෑ. වුවමනාවක් නෑ. පැරැදුණත් සල්ලි, දිනුවත් සල්ලි. කිසි ප්‍රශ්නයක් නෑ. ඒ බිස්නස් එක කරගෙන ඒගොල්ලන්ගේ ආතල් එක ඒගොල්ලෝ ගන්නවා.

වරදක් කියන්නත් බෑනේ. ඒ වගේම අපි දැක්කා එක හාදයෙක් ඔස්ටේ්‍රලියාවේ ගිහිල්ලා ඩේටින් ඇප්වලින් කෙල්ලෝ හොයාගෙන දැන් උදාන වාක්‍ය කියනවා නඩුව දිනුවා කියලා. නඩුව දිනුවේ ස්ත්‍රී දූෂණයක් නෙවෙයි කියලා. හැබැයි ඌට ක්‍රිකට් ගහනවා වෙනුවට වෙන වෙන ඒවා ගහන්න යන එක සම්බන්ධයෙන් ජයග්‍රහණය පිරිනමන්න අපේ කට්ටිය කලබල වෙන්න අවශ්‍ය නෑ.

ඒ වගේම අපි දැක්කා ඒ හාදයා එක්ක තව එවුන් දෙන්නෙක් අහවල් එක කස කසා පාර දිගේ දුවනවා ජෛව බුබුලක් තිබුණු කොරෝනා කාලේ. පාරේ ආතල් දාලා, සිගරට් බීලා, ක්ලබ්වලට ගිහින්, නටලා, වලි දාගෙන, රෑ දෙගොඩහරි ජාමේ තමයි උන් හෝටලේට ආපහු එන්නේ. එහෙම වෙලා මුං බින්දුවටම වැටුණා. නරකම විදියට පැරැදුණා. චාටර්ම විදියට පැරැදුණා. බීලා ගිහිල්ලා පිස්සු කෙළියා. පාරවල්වල නාඩගම් නැටුවා. පිට්ටනියේ ක්‍රීඩකයන්ට අදාළ හෝටල්වල විවේකාගාරවල පඩිපෙළවල්වල පිස්සු කෙළිනවා. ඉතින් ඔය ඔක්කෝම කරලා ඒවායේ ප්‍රතිඵලයක් විදියට තමයි මේ ක්‍රිකට් විනාශ වුණේ.

ක්‍රිකට් කියන්නේ ඇම්මක්, අමාරුවක්, වුවමනාවක් තියෙන්න ඕනේ එකක්. එහෙම ඇම්මක්, අමාරුවක්, වුවමනාවක් නැති එවුන් ක්‍රිකට් ගහලා, උන් උන්ගේ බිස්නස් ටික කරගෙන ඉන්නකොට මේ පාට් ටයිම් බිස්නස් එකක් බලන්න මිනිස්සු යන්නේ නෑ. ඒ නිසා තමයි පිට්ටනි හිස් වුණේ. මිනිස්සු ක්‍රිකට් මැච් බලන්න නොගියේ. තවදුරටත් මේ වැඩේ මෙහෙම වුණොත් ලංකාවේ මිනිස්සුන්ට ක්‍රිකට් කියන්නේ නිකන්ම නිකන් සෙල්ලමක් විතරක් වෙනවා. ඒක ඔයාලගේ සෙල්ලමක්.

ඒක අපේ සෙල්ලමක් නෙවෙයි. එක එකාට චෝදනා කරලා වැඩක් නෑ. මේකට වගකියන්න ඕනේ ක්‍රීඩකයෝ. විනයක් නැති ක්‍රීඩකයෝ. වුවමනාවක් නැති ක්‍රීඩකයෝ. ක්‍රිකට්වලට ආදරේ නැති ක්‍රීඩකයෝ. ක්‍රිකට් ගැන හැඟීමක් නැති එවුන්. රට ගැන හැඟීමක් නැති එවුන්. මෙන්න මේ අය තමයි ලංකාවේ ක්‍රිකට් විනාශ කළේ. මේකියන්නේ උඹ ගැනද, වෙන එකෙක් ගැනද කියන එක උඹ උඹේ හදවතට තට්ටු කරලා අහලා බලපං. උඹට ලංකාව ගැන හැඟීමක් තියෙනවද කියන එක හදවතින් අහලා බලපං. අපි දන්නවා ක්‍රිකට් ගහන එවුන්ට ඉස්සර තිබුණා ලංකාව ගැන අමාරුවක්. වුවමනාවක්. ඉන්දියාවේ එවුන්ට ඒක තියෙනවා. ඔස්ටේ්‍රලියාවේ එවුන්ටත් ඒක තියෙනවා.

ලෝකෙ සමහර රටවල එවුන්ට මේ අමාරුව, මේ වුවමනාව තියෙනවා. උන්ට ඕනේ දිනන්න. උන්ට රට වෙනුවෙන් දිනන්න ඕනේ. උන්ගේ පොළොව වෙනුවෙන් දිනන්න ඕනේ. උන් ඒකයි කොඩිය ඉඹින්නේ. මුං ඉඹින්නේ ආතල් එකට. මුං ඉඹින්නේ කැමරාවට. මුං ෂෝ දාන්නේ කැමරාවට. එහෙම ගොං පාට් කරලා ලංකාවේ ක්‍රිකට් විනාශ කරලා දැන් පිට්ටනියට නරඹන්නෝ එන්නෙ නැති වුණාම බලන්න එන්න කියලා නොමිලේ දොරවල් ඇරලා තියෙනවා. ඒත් එන්නේ නෑ. මොකද බලන්න දෙයක් නෑ, උඹලට මිනිස්සු ආදරේ නෑ. ක්‍රිකට් බලන්න දැන් පිරියක් නෑ. ඒ කියන්නේ ක්‍රිකට් අස්සේ උඹලා වෙන වෙන සෙල්ලම් කරපු හින්දා.

එදා අවසාන තරගයට කලින් මැච් එක දකිද්දී අපට හිතුණේ මේක හරියට ලංකාවේදී වෙන රටවල් දෙකක් මැච් එකක් ගහනවා වගේ. සමහර ලෝක කුසලාන තරගවලදී එහෙම වෙනවා. ඒ කියන්නේ ඉන්දියාවේ ලෝක කුසලානේ තියෙද්දී තරගයේ ඉන්නේ සිම්බාබ්වේ කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම. නරඹන්නෝ එන්නේ නෑ. මොකද හේතුව ඒ කණ්ඩායමට ආදරේ කරන ප්‍රේක්ෂකයෝ ඉන්දියාවේ ඉන්නේ ටිකක් නිසා. දැන් මේ වෙලා තියෙන්නෙත් එහෙම දෙයක්.

ලංකාවයි සිම්බාබ්වේ කණ්ඩායමයි මැච් එක ගහනකොට ලංකාවේ කොළඹ තියෙන තරගය බලන්න ලංකාවේ මිනිස්සු එන්නේ නෑ. දැන් අපිට ක්‍රිකට් එපා. උඹලා ඕනේ මගුලක් කරගනිං කියලා මිනිස්සු කරබාගෙන ඉන්නවා. දොරවල් ඇරලා තිබුණත් මිනිස්සු එන්නේ නෑ. ඒ නිසා අන්තිමට කියන්න තියෙන්නේ අනේ ඒ වරද සිදුවුණි නොදනිමි කාගේ දොසා කියලා විතරයි. පුළුවන් නම් හදපල්ලා ක්‍රිකට්, පුළුවන් නම් දියුණු කරපල්ලා ක්‍රිකට්. පුළුවන් නම් ඇත්තටම ගහපල්ලා ක්‍රිකට්. එතකොටවත් මිනිස්සු බලන්න එයි.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

වියට්නාමේ හිටපු සෞඛ්‍ය ඇමැති අවුරුදු 18කට හිරේ යැව්වා! සිංගප්පූරු ප්‍රවාහන ඇමැති අද ඉල්ලා අස්වුණා! ලංකාවේ එහෙම නොවුණට ලෝකයේ නම් එහෙම වෙනවා! I Sri Lanka Latest News

Next Post

VAT හින්දා දුක නම් මෙන්න කතා I Sri Lanka Latest News

MORE NEWS

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News
Exclusive

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

Load More
රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

මහබැංකුව සතුව තිබූ ඩොලර් සංචිතය මේ වනවිට ඩොලර් මිලියන 6800 සිට 6400 දක්වා අඩුවී ඇති බව හිටපු මුදල් අමාත්‍ය රවී...

Read more
ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.