• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

යුක්තියට මාසයයි! පොලිස් ඇමැති ටිරාන් ප්‍රතිපලත් අරන් මල්වතු-අස්ගිරි මහනාහිමිවරු-අනුනාහිමිවරු හමුවෙන්න මහනුවර යයි! PHOTOS I Sri Lanka Latest News

January 17, 2024
in Exclusive
Reading Time: 10 mins read
A A
යුක්තියට මාසයයි! පොලිස් ඇමැති ටිරාන් ප්‍රතිපලත් අරන් මල්වතු-අස්ගිරි මහනාහිමිවරු-අනුනාහිමිවරු හමුවෙන්න මහනුවර යයි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රට තුළ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම පාතාල ක්‍රියාකාරකම් ඇතුළු අපරාධ මැඩලීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ මග පෙන්වීම සහ උපදෙස් අනුව ක්‍රියාත්මක” යුක්තිය මෙහෙයුම ” ආරම්භ කර මසක් සපිරීම නිමිත්තෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ආගමික වතාවත් වලට එක්වීමෙන් අනතුරුව අස්ගිරි සහ මල්වතු මහා විහාරවාසී ගෞරවණීය මහා සංඝරත්නය බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමට එක් විය.Sri Lanka Latest News

මල්වතු මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමි, මල්වතු අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ ශ්‍රී විමලධම්ම නාහිමි , මල්වතු අනුනායක පූජ්‍ය නියංගොඩ ශ්‍රී විජිත සිරි නාහිමි , අස්ගිරි මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමි , අස්ගිරි අනුනායක පූජ්‍ය වේඬරුවේ ශ්‍රී උපාලි නාහිමි, අස්ගිරි අනුනායක පූජ්‍ය ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සි නාහිමි හා අස්ගිරි නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ශ්‍රී ආනන්ද නාහිමියන් බැහැ දැක ආශීර්වාද ලබාගත් අමාත්‍යවරයා ගෞරවණීය නායක ස්වාමීන් වහන්සේලා වෙත සිදු කෙරෙන කටයුතු පිලිබඳ කරුණු පැහැදිලි කළේය.

එහිදී ඇමැතිවරයා වෙත ආශිර්වාද කරමින් මල්වතු මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමි මෙලෙස අනුශාසනා කළහ.

“මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ඔබතුමා මේ රටේ ආරක්ෂක අංශයේ විශාල පරිවර්තනයක්‌ සිදු කළා. තවදුරටත් එය සිදු කෙරෙමින් පවතිනවා. එය රටට විශාල ආශිර්වාදයක්. ඩුබායි වැනි රටවල සිට මෙහෙයවන මෙරට ඝාතන ඇතුළු පාතාල ක්‍රියාකාරකම් මර්දනය කවුරුන් විසින් හෝ මූලික වී සිදු කළ යුතුයි. ත්‍රිවිධ හමුදාව, පොලිසිය ඇතුළු සියලූම දෙනා ඒ වෙනුවෙන් කැපවී සිටියත් ඒ සඳහා ශක්තිමත් මග පෙන්වන්නෙකු සිටිය යුතුයි. මීට පෙර මෙවැනි මෙහෙයුමක් සිදු නොවූයේ එවැනි නායකත්වයක් නොතිබීම හේතුවෙන්. පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ එලෙසින් දිරිමත් කොට ශක්තිමත් කිරීම ඉතාමත් වැදගත්.
ගුරුවරයකු,විදුහල්පතිවරයකු ලෙස ඉතාමත් විශාල මෙහෙවරක් කල ඔබතුමාගේ පියා අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශාල පෙරළියක් සිදු කළ ආකාරයටම රට තුල සිදුවන පාතාල ක්‍රියාකාරකම්,මත්ද්‍රව්‍ය ඇතුළු අපරාධ මර්ධනය සඳහා ගෙනයන මේ මෙහෙයුමට සිදුකරගෙන යෑමට කවරෙකුගේ නින්දා අපහාස සිදුවුවත් එම උදාර, බරපතල කාර්යය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට මහා සංඝරත්නය ඇතුළු ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා.”
එහිදී අස්ගිරි නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ශ්‍රී ආනන්ද නායක ස්වාමීන් වහන්සේ විදේශ තානාපතිවරුන් සහ අපරාධකරුවන් සැඟව සිටින රටවල්වල රජයන් සමඟ සාකච්ඡා කර විදේශවල සිට අපරාධ මෙහෙයවීම මැඩ පැවැත්වීම සඳහා අවශ්‍ය පියවර ගැනීම ඉතාමත් කාලෝචිත බවත් දැනට සිදු කර ගෙන යන වැඩපිළිවෙළ අඛණ්ඩව සිදුකරගෙන ගොස් රට තුළ අපරාධ සහ මත්ද්‍රව්‍ය මුළුමනින්ම තුරන් කිරීමට පියවර ගන්නා ලෙසද අමාත්‍යවරයා වෙත අනුශාසනා කර සිටියේය.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“මේ වැඩපිළිවෙල ආරම්භ කර මේ වන විට මාසයක් සම්පූර්ණ වී තිබෙනවා. මේ වන විට එහි විශාල සාර්ථකත්වයක් අත්කරගෙන තිබෙනවා. වැඩ බලන පොලිස්පතිතුමා ඇතුළු සියලූම නිලධාරීන් ඒ වෙනුවෙන් ඇප කැපවී කටයුතු කරනවා. මේ වන විට විවිධාකාරයේ බාධක මෙන්ම මේ වැඩපිළිවෙල හේතුවෙන් විශාල වශයෙන් මුදල් හුවමාරු වන ජාවාරම් ඇනහිටීම හේතුවෙන් සතුරන් රාශියක්ද ඇති වී තිබෙනවා. ඒ කවර බාධාවන් හමුවේ වුවත් නොනැවතී අඛණ්ඩව මෙම මෙහෙයුම් ඉදිරියට කරගෙන යෑම අපගේ අරමුණයි. විශේෂයෙන්ම ඩුබායි රාජ්‍යයත් සමඟ සාකච්ඡා කරමින් එරට සැඟවී සිටින අපරාධකරුවන් අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ඒම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වන විට ගනිමින් සිටිනවා. එමෙන්ම එවැනි අපරාධකරුවන් ඕනෑම රටකදී අත්අඩංගුවට ගත හැකි ආකාරයට රතු නිවේදන පවා නිකුත් කර තිබෙනවා. එහි අරමුණ ජාත්‍යන්තර වශයෙන් සැඟවී සිටිමින් සිදුකරන අපරාධ මෙහෙයවීම මැඩ පැවැත්වීමයි.”

මාධ්‍ය ඒකකය
මහජන ආරක්ෂක අමාත්‍යංශය
2024.01.17

SendShareShare
Previous Post

රත්තරන් දාගෙන-පර්ස් අරගෙන පාරවල්වල තනියම ගමන් බිමන් යන්නේ බලාගෙන! සිස්ටර් කෙනෙක්ටවත් ගැලවීමක් නෑ! මේ බලන්න පාරේ ආපු සිස්ටර් කෙනෙක්ව බයික් එකක ආපු දෙන්නෙක් මහදවල් කොල්ල කන හැටි! VIDEO I Sri Lanka Latest News

Next Post

ලාල්කාන්ත කියනවා බලය ගත්තාම අනිවාර්යයෙන්ම රාජ්‍ය බලය ක්‍රියාත්මක කරනවා කියලා! තව කෙනෙක් කියනවා එල්ලා මරනවා කියලා! සුජීව අද මාධ්‍ය හමුවට ඇවිත් හඬපටයක් ක්‍රියාත්මක කරයි! ජවිපෙ මෙහෙමද ආණ්ඩු කරන්න හදන්නේ? ජවිපෙ කොහොමද ඩොලර් බිලියන 90ක ණයක් ගෙවන්නේ? හදපු ෆයිල් ගෙදර අරන් ගිහින් කොහොමද හොරු අල්ලන්නේ? සජිත්ගෙයි අනුරගෙයි වෙනස මොකද්ද? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.