වැට් යටතේ සියයට 18 ක බදු වැඩි වූවත් එම වැඩි වීම නොමැතිව ග්‍රොසරි භාණ්ඩ විශාල ප්‍රමාණයක් සතොස පාරිභෝගිකයන් වෙත ලබාදීමට ලංකා සතොස තීරණය කර තිබේ. Sri Lanka Latest News
නව වැට් බද්ද සමග වෙළෙද පොලෙහි ග්‍රොසරි භාණ්ඩවල මිල විශාල ලෙස වැඩිවී තිබෙන තත්වයක් තුළ සතොස පාරිභෝගිකයන් හට බදු නොමැතිව එම භාණ්ඩ ලබා දීමට ලංකා සතොස කටයුතු කර තිබේ.
මේ හරහා විශේෂයෙන්ම දරුවන්ට අවශ්‍ය සබන් ,කොලෝන්,පවුඩර්,බිස්කට්, වර්ග මෙන්ම ග්‍රොසරි භාණ්ඩ රැසක් බදු නොමැතිව ලබා ගැනීමේ හැකියාව ලංකා සතොස පාරිභෝගිකයන් හට උදාවී තිබේ.
මීට අමතරව ලංකා සතොස වෙතින් අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල ද වෙළඳපොල පවතින මිළට වඩා ඉතා අඩුවෙන් ලබාගැනීමට පාරිගෝගිකයන්ට අවස්ථාව ලබා දී ඇත.










