අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ ශිරන්ති රාජපක්ෂ මහත්මිය සිය ගෙවත්තේ පැලයක් සිටුවමින් නැවත වතාවක් වගා සංග්‍රාමයකට රට යොමු කිරීම සදහා ආරම්භ කොට ඇති ව්‍යාපෘතියට සහාය දැක්වීමට කටයුතු කොට ඇත.

කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම හේතුවෙන් දැනට රට තුළ පැන නැගී ඇති අර්බුදකාරී තත්ත්වය හමුවේ ආහාර හිගයක් මතුවුවහොත් ඊට දැන් තියාම පිළියම් යෙදීම සදහා මෙම වතුවගාව ප්‍රචලිත කිරීමට ආණ්ඩුවේ අවධානය යොමුව තිබේ.
මෙය ‘හෝම් ගාර්ඩ්න් චැලෙන්ජ්’ #HomeGardenChallenge ලෙස හදුන්වා ඇති අතර නාමල් රාජපක්ෂ මහතාද ඒ අනුව යමින් සිය බිරිය සමග එක්ව පැලයක් සිටුවීමට කටයුතු කර ඇත.











