කොරෝනා රෝගය ව්‍යාප්ත වීම හේතුවෙන් අසරණභාවයට පත්ව සිටින ජනතාව වෙනුවෙන් සිදු කරන සහනාධාර බෙදා හැරීමේ දෙවන පියවර අද (03) දිනයේ කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා විසින් සිදු කරනු ලැබීය.
මෙහිදී පළමු පියවරේදී ආහාර මලු 5000ක් බෙදා හැරීමට පියවර ගත් මරික්කාර් මහතා දෙවන පියවරේදී සහල් කිලෝ 10,000ක් බෙදා හැරීමට පියවර ගෙන ඇත.
එහිදී ඔහු ආණ්ඩුවේ නියෝජිතයන්ටද පෙන්වා දී ඇත්තේ වහාම කුසගින්නේ සිටින ජනතාවට ආහාර ලබා දීමට පියවර ගන්නා ලෙසත්, බේදයකින් තොරව සමෘද්ධීය සියලු දෙනා හටම ලබා දෙන ලෙසත්ය.










