• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බාල බෙහෙත් ගෙන්වීමේ නඩුවේදී හොඳ හොඳ දේවල් එළියට ඇවිත්! අගතියට පත් පාර්ශ්වයක් ‌විදිහට නඩුවට මැදිහත් වෙන්න කෙහෙළියගේ නීතීඥයා අවසර ඉල්ලලා! අගතියට පත් වෙලා තියෙන්නේ ජනතාව බව කියමින් මහේස්ත්‍රාත්වරිය ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි! නඩුවට මැදිහත් නොවී නඩුව නිරීක්ෂණය කරන්න විතරක් අවසර දෙයි! සමාගමෙන් ඩොලර් 123ට එන්නත දෙන්නම් කිව්වත් ඩොලර් 130ටම එන්නත අරගෙන! ඒ අරන් තියෙන්නෙත් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් එන්නත් 75000ක් දෙන්න ලෑස්ති වෙද්දී! දින 5ක් ඇතුළත එන්නත් ‌ගේනවා කියලා කෙහෙළිය කැබිනට් අනුමැතිය ගත්තත් මාස 4ක් යනකම් එන්නත ගෙන්වලා නෑ! VIDEO I Sri Lanka Latest News

January 11, 2024
in Exclusive
Reading Time: 9 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රජයට රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීමේ නඩුවේ අතෘප්තියට පත් පාර්ශවකරුවකු වශයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් නීතීඥවරුන්ට පෙනී සිටීමට අවසර දීම මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය ප්‍රතික්‍ෂෙප කළාය.Sri Lanka Latest News

මෙම නඩුවේ සැකකරුවන් වශයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ සිට පහළ දක්වා වු නිලධාරීන් සිටින අවස්ථාවක හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා වෙනුවෙන් නීතීඥවරුන්ට පෙනී සිටීමට අවසර දුන්නොත් අධිකරණය කෙරෙහි ඇති මහජන විශ්වාෂය පළුදු වීමට හැකියාව ඇතැයි කියමින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් නීතීඥවරුන්ට පෙනී සිටීමට අවසර දීම ප්‍රතික්‍ෂෙප කළ මහෙස්ත්‍රාතවරිය නඩුවට මැදිහත් නොවී නීතඥවරුන්ට වෙන්කර ඇති ස්ථානයට වී නඩු කටයුතු නිරීක්‍ෂණය කීරීමට කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් පෙනී සිටී ජනාධිපති නීතීඥ යු. ආර්. ද සිල්වා මහතාට අවසර දුන්නාය.

කෙසේ නමුත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැමිණීලි කළ ‘අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බළය සංවිධානය සහ සිවිල් සංවිධාන එකතුමුතුව’ සංවිධානයට නඩුවේ අතෘප්තියට පත් පාර්ශවකරුවකු වශයෙන් ජනාධිපති නීතීඥ නලින්ද ඉන්දතිස්ස මහතා සමඟ පෙනී සිටීමට නීතීඥ තර්කනාත් අමරසිංහ මහතාට අවසර දුන්නාය.

සිද්ධිය සම්බන්ධයෙන් පැය 03 1/2ක පමණ කාලයක් පුරා දෙපාර්ශවයේ නීතීඥවරු දැක්වු කරුණු සැළකිල්ලට ගනිමින් අදාළ නියෝග නිකුත් කළ මහෙස්ත්‍රාත්වරිය සැකකකරුවන් ලබන මස 17 වැනිදා තෙක් තවදුරටත් රිමාන්ඩ් බාරයට පත් කළ අතර සැකකරුවන්ට ඇප නියම කරන ලෙස ඔවුන්ගේ නීතීඥවරුන් කළ ඉල්ලීම් සම්බන්ධ නියෝගය එදින ප්‍රකාශයට පත් කරන බව දැනුම් දුන්නාය.

පැමිණීල්ල කැඳවනු ලැබු අවස්ථාවේදී සිද්ධියට අදාළව රිමාන්ඩ් බාරයට පත් කොට සිටින බාල ඖෂධ ගෙන්වු බව කියන ‘අයුසුලේට් බයෝටෙක් ෆාර්මා’ සමාගමේ හිමිකරුු වන සුගත් ජනක ප්‍රනාන්දු මහතා” වෛද්‍ය සැපයුම් අංශයේ සහකාර අධ්‍යක්‍ෂ ශාන්තිනී සොලමන් මහත්මිය” ගණකධිිකාරී (සැපයුම්) නෙරාන් ධනංජය සහ තොග පාලක සුජිත් කුමාර සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත” වෛද්‍ය සැපයුම් ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේරත් මුදියන්සේලාගේ ධර්මසිරි රත්නකුමාර හේරත් නමැත්තන් බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර සිද්ධියේ දෙවැනි සැකකාර වෛද්‍ය සැපයුම් හිටපු අංශයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා රෝද පුටුවක ආධාරයෙන් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

රෝගාතුරව කොළඹ ජාතික රෝහලේ 80 වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබන ඔහුට පැය 03 කාලයක් රෝහලෙන් පිටව සිටීම සඳහා දුන් අවසර මත ඔහු අධිකරණයට කැඳවාගෙන පැමිණී බව වෛද්‍ය වාර්තාවක්ද ඉදිරිපත් කරමින් බන්ධනාගාර නිලධාරීන් දැනුම් දුන් අතර ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් නඩු විභාගය අවසන් වීමට පෙර ඔහු යළි කොළඹ ජාතික රෝහලට කැඳවාගෙන යෑමට මහෙස්ත්‍රාත්වරිය අවසර දුන්නාය.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර දිවයිනේ රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීම සම්බන්ධයෙනන් විමර්ශනයක් කරන්නැයි ඉල්ලමින් ‘අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බළය සංවිධානය සහ සිවිල් සංවිධාන එකතුමුතුව’ කළ පැමිණීල්ලක් සම්බන්ධයෙන් කළ විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් රහස් පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ජයන්ත පයාගල මහතා විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

සිද්ධියට අදාළව කළ විමර්ශන වලදී අනාවරණය වු කරුණු මත අත්අඩංගුවට ගනු ලැබු සැකකරුවන් හත්දෙනා අධිකරණයට ඉදිරිපත් කරමින් ඔවුන් සම්බන්ධයෙන් කළ විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන පිටු 07කින් යුත් වාර්තාවක් රහස් පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ජයන්ත මහතා සමඟ පෙනී සිටි උප පොලිස් පරීක්‍ෂක යාළේවත්ත මහතා අධිකරණයට අධිකරණයට ඉදිරිපත් කළේය.

පැමිණීල්ල කැඳවනනු ලැබු අවස්ථාවේදී ජනාධිපති නීතීඥ යු” ආර්” ද සිල්වා මහතා අධිකරණය අමතමින් ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීමෙන් රජයට වංචා කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීමේ සිද්ධියේ මුල් පැමිණීලිකරු වන හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් නඩුවේ අතෘප්තියට පත් පාර්ශවකරුවකු වශයෙන් පෙනී සිටීමට අවසර දෙන්නැයි ඉල්ලා සිටියේය.

ඒ අවස්ථාවේදී පැමිණීල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය කරුණු දක්වමින් ආචාර්්‍ය සංජය පෙරේරා නමැත්තා මෙම සිද්ධිය සම්බන්ධයෙනන් පැමිණීලි කළ 2023 ඔක්තෝම්බර් 11 වැනිදාම ‘අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බළය සංවිධානය සහ සිවිල් සංවිධාන එකතුමුතුව’ වෙනුවෙන් කාමන්ත පෙරේරා නමැත්තාද පැමිණීලි කර ඇතැයිද කීවාය.

මෙම නඩුවට අදාළව සැකකරුවන් ඉදිරිපත් කර ඇත්තේ පොදු දේපළ පනත යටතේ බවත් ඒ අතර සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ සිට පහළ දක්වා වු නිලධාරීන් සිටින බවත් මෙය රටේ සමස්ථ පොදු ජනතාවට එරෙහිව කරන ලද වරදක් වන හෙයින් මෙහි නිශ්චිත අතෘප්තියට පත් පාර්ශවකරුවන් නැතැයිද කී ලක්මිණී ගිරිහාගම මෙනවිය ඒවැනි තත්වයන් යටතේ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා වෙනුවෙන් නීතීඥවරුන්ට පෙනී සිටීමට අවසර දීම සම්බන්ධයෙන් තරයේ විරුද්ධ වන්නේ යැයි කීවාය.

ඒ අවස්ථාවේදී අධිකරණය ඇමතූ මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය මෙම සිද්ධියෙන් අතෘප්තියට පත්ව ඇත්තේ ජනරජය බවත් එහි සමස්ථ ශ්‍රී ලංකා ජනතාව වෙනුවෙන් නීතීපතිවරයා පෙනී සිටින බවත් කීවාය.

මහජන සුභසාධක නඩුකර නමැති සංකල්පය අනුව මහජන සංවිධාන වලට පෙනී සිටීමට අවසර දීමට හැකයාව ඇතැයිද මෙම නඩුවේ සැකකරුවන් වශයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ සිට පහළ දක්වා වු නිලධාරීන් සිටින අවස්ථාවක හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා වෙනුවෙන් නීතීඥවරුන්ට පෙනී සිටීමට අවසර දුන්නොත් අධිකරණය කෙරෙහි ඇති මහජන විශ්වාෂය පළුදු වීමට හැකියාව ඇතැයිද කී මහෙස්ත්‍රාතවරිය හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් නීතීඥවරුන්ට පෙනී සිටීමට අවසර දීම ප්‍රතික්‍ෂෙප කළ අතර නඩුවට මැදිහත් නොවී නීතඥවරුන්ට වෙන්කර ඇති ස්ථානයට වී නඩු කටයුතු නිරීක්‍ෂණය කීරීමට ජනාධිපති නීතීඥ යු. ආර්. ද සිල්වා මහතාට අවසර දුන්නාය.

රහස් පොලිසියය සමඟ පැමිණීල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය කරුණු දක්වමින් නඩුවේ 06 වැනි සැකකාර සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතාගේ අවධානයට ලක් වු හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කොට ඇති කැබිනට් සංදේශ තුනක් අධිකරණ නියෝග මත අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා විසින් රහස් පොලිසියට බාරදී ඇතත් අමාත්‍ය ලේකම්වරයා සහ නියෝජ්‍ය ලේකම්වරයා විසින් පවත්වාගෙන ගිය ගොනු බාරදී නැතැයි කීවාය.

මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය- එදින දුන් නියෝගයේ යම් අපහැදිලිකමක් තියෙනවාද?

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය- නැහැ” එම නියෝගයේ පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් මැයි 30 වැනිදාත් ඔක්තෝම්බර් 30 වැනිදාත් අතර කාලයේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කොට ඇති කැබිනට් සංදේශ” තීරණ සහ ඊට අදාළ ගොනු ආදිය බාරදෙන ලෙස.

අසාදුගත වී ඇති ඉන්දියානු සමාගමක් සහ තවත් සමාගම් හරහා ඖෂධ වර්ග 296ක් ආනයනය කිරීමට අවසර ඉල්ලීමක් කර ඇතැයිද මෙම ඖෂධ තෝරා ගැනීමට හේතූ වු කරුණු සම්බන්ධයෙන් තොරතුරු රහස් පොලිසියට දීමට අතිරේක ලේකම් සමන් රත්නායක මහතාට නියම කරන්නැයි ඉල්ලා සිටි ලක්මිණී ගිරිහාගම මෙනවිය මීට අදාළ ඇමණුම් 04කට අදාළ තොරතුරු මෙන්ම කේවල් කිරීම් කළ ඇයැදුම්කරුවන් කවුද? යන්න පිළිබඳ හෙළි කිරීමටද ඔහුට නියම කරන්නැයි කළ ඉල්ලීම් වලට මහෙස්්‍රාත්වරයා අවසර දුන්නාය.

ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” නමැති ප්‍රතිදේහ එන්නතක් ඩොලර් 130කට දීමට හැකි බව ‘අයුසුලේට් බයෝටෙක් ෆාර්මා’ සමාගමේ හිමිකරු වන සැකකාර සුගත් ජනක ප්‍රනාන්දු නමැත්තා මුලින් අදාළ ටෙන්ඩරය ඔහුට ලැබුණු පසු එන්නතක් ඩොලර් 123කට දීමට හැකි බව දැනුම් දුන්නත් සෞඛ්‍ය බලධාරීන් අදාළ එන්නත් ගෙන ඇත්තේ ඩොලර් 130කටම බවත් පෙන්වා දුන් ලක්මිණී ගිරිහාගම මෙනවිය මීට අදාළ කරුණු හෙළි කිරීමට නියම කරන්නැයි ඉල්ලා සිටියාය.

රෝගීන්ට එන්නත් ගෙන ඒමට දුන් අවසරය ප්‍රයෝජනයට ගෙන සැකකරු ජලය පිරිසිදු කිරීමට ගන්නා රසායනික ද්‍රව්‍ය තොගයක් මෙරටට ආනයනය කර ඇතැයිද ඖෂධ නියමන අධිකාරියේ අනුමැතියකින් තොරව මෙම භාන්ඩ සැකකරුට මුදාහැරීයේ කෙසේද යන්න හෙළි කර ගැනීමට කරන විමර්ශනය සඳහා රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගෙන් ප්‍රකාශයක් ගැනීමටද අවසර දුන් නමුත් ඔහු මෙතෙක් ප්‍රකාශයක් දී නැතැයි කියමින් කළ ඉල්ලීමකට අවසර දුන් මහෙස්ත්‍රාත්වරිය අධිකරණයේ පෙනී සීටීමට නියම කරමින් රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට නියෝගයක් නිකුත් කළාය.

‘අයුසුලේට් බයෝටෙක් ෆාර්මා’ සමාගමේ හිමිකරුු වන සැකකාර සුගත් ජනක ප්‍රනාන්දු මහතාට අයත් සීදුවේ පිහිටි පරික්‍ෂාණාගාරය පරීක්‍ෂා කිරීමට පසුගිය 08 වැනිදා ඔහු එහි කැඳවාගෙන ගිය බවත් ස්ථානය පරීක්‍ෂා කිරීම සඳහා එහි විදුලි සැපයුම ක්‍රියාත්මක කරන්නැයි දැනුම් දුන් විට විදුලි සැපයුම ක්‍රියාත්මක කරන ‘ස්විචය’ ඇති ස්ථානය ඔහුට මතක නැති බව කී නිසා අදාළ ස්ථානයය පරීක්‍ෂා කිරීමට නොහැකි වුයේ යැයි කියමින් ලක්මිණී ගිරිහාගම මෙනවිය කළ ඉල්ලීිමට අවසර දුන් මහෙස්ත්‍රාත්වරිය සැපයුම ක්‍රියාත්මක කරන ‘ස්විචය’ ඇති ස්ථානය සොයා ගෙන විදුලිය සන්ධි කරන ලෙස සීදුවේ විදුලි බල මණ්ඩලයේ කළමණාකාරවරයාට නියම කළාය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ දීමට නඩුවේ 02 සහ 03 වැනි සැකකරුවන් කැමැත්ත පළ කළ නිසා රහස් පොලිස් නිලධාරීන් බන්ධනාගාරයට ගොස් ඔවුන්ගෙන් ප්‍රකාශ ගත්තත් ඔවුන් මුලින් දුන් ප්‍රකාශයම දී ඇතැයි කියමින් අදාළ ප්‍රකාශවල පිටපත් අධිකරණයට ඉදිරිපත් කළ ගිරිහාගම මෙනවිය ලේඛණ වල ඇති අත්අකුරු සහ අත්සන් 06 වැනි සැකකරුගේ බව සැකකටයුතු ලේඛණ පරීක්‍ෂකවරයා විසින් තහවුරු කර ඇතැයිද කීවාය.

දෙවැනි සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතා කරුණු දක්වමින් තම සේවාදායකයා දැඩි රෝගී තත්වයකින් පසුවන බවත් විශේඥ වෛද්‍යවරයා විසින් දුන් තාවකාලික අවරයක් මත ඔහු අධිකරණයට කැඳවාගෙන විත් ඇති බවත් ඉඳගෙනවත් සිටීමට ඔහුට ඇති අපහසුතාවය හේතූවෙන් ඔහු යළි රෝහල වෙත යැවීමට නියම කරන්නැයි කළ ඉල්ලීිමට අවසර දුන් මහෙස්ත්‍රාත්වරිය නඩු විභාගය අතරතුරදීම ඔහු යළි රෝහලට ගෙන යෑමට බන්ධනාගාර නිලධාරීන්ට නියම කළාය.

04 වැනි සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ සංජීව ඇන්තනි මහතා කරුණු දක්වමින් ගණකාධිකාරීවරයකු වන තම සේවාදායකයා කර ඇත්තේ වව්චර් පත් ලීවීම පමණකැයිද මෙම නඩුවටට පාදක ඖෂධ මේ වන විට ඖෂධ ගබඩා වලින් රෝහල් වලට ගොස් රෝගීන්ටත් දී අවසන් යැයි කීය.

මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය- ලියාපදිංචිය අතහැරීමේ සහතිකය 04 වැනි සැකකරුට ලැබීමට පෙර මෙම නඩුවේ වෙනත් සැකකරුවන් එම සහතිකය පරීක්‍ෂා කර තියෙනවාද?

නීතීඥ සංජීව ඇන්තනි මහතා- ඔව්” එම සහතිකය නිරීක්‍ෂණය කළ යුතුයි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය- ලියාපදිංචිය අතහැරීමේ සහතිකය ලබා ගැනීමට උදව් කරන ලෙෂ පළමු සැකකරු උදව් ඉල්ලු විට ඔහු හමුවන ලෙසට 02 වැනි සැකකරු සටහන් දමා තියෙනවා” මෙම සියල සැකකරුවන් එක්ව මෙම අපරාධය කළ යුතුයි” එන්නත් කුප්පි 22500ක් දීමට ටෙන්ඩරය ගත් පුද්ගලයකු එන්නත් කුප්පි 100 ක් ගෙනැවිත් දෙන විට ආනයනික ඖෂධ එසේ දෙන්නේ කොහොමද? කියා සාමාන්‍ය්‍ය මනසින් බලන කෙනෙක් බැලිය යුතුයි” ආනයනික ඖෂධ ගෙන්වීමේ ක්‍රමවේදයක් තියෙනවා” එම ඖෂධ බාර ගන්නා ක්‍රමවේදයක්ද තියෙනවා” ඖෂධ නිශ්පාදකයා විසින් නිශ්පාදනාගාරයේ සිට ඖෂධ ගබඩාව දක්වා නිසි උශ්ණත්වයකින් යුතුව ඖෂධ රැගෙනවිත් එම කරුණු සඳහන් වන ‘ඩේටා ලොගර්” නමින් හඳුන්වන උපකරණයද සමඟ එය බාරදිය යුතුයි” භන්ඩ බාර ගන්නා විට 05 වැනි සැකකරු ‘ඩේටා ලොගර්” උපකරණය පරීක්‍ෂා කළ යුතුයි” නමුත් මෙම සිද්ධියේදී එසේ වී නැහැ” 06 වැනි සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ නුවන් ජයවර්ධන මහතාා කරුණු දක්වමින් අවශ්‍යතාවයක් තිබුණා නම් මෙම සිද්ධියට පාදක ලියවිලි අස්ථානගත කිරීමට සැකකරුවන්ට හැකියාව තිබුණත් කිසිදු සැකකරුවකු එසේ කළේ නැතයි කීය.

‘පහත් තැනින් යයි ගලා ජලේ ’ කියන්නා සේ මෙම සිද්ධියට සම්බන්ධ ලොකු ලොකු අය අල්ලන්නේ නැතුව පොඩි අය ඇල්ලීමට රහස් පොලිසිය කටයුතු කර ඇතැයිද ‘ප්‍රතිපුරුෂ වගකීම’ නිසා තම සේවාදායකයා අත්තඅඩංගුවට ගෙන ඇතැයිද කී නීතීඥ නුවන් ජයවර්ධන මහතා තනිව තීරණ ගත නොහැකි තම සේවාදායකාට හදිසි අවශ්‍යතා මත බව කියමින් ටෙන්ඩර් පත්‍රිකාවක් සමඟ ලැබුණු නියෝගයකට අනුව කටයුතු කිරීම නිසා මෙලෙස අත්අඩංගුවට පත් වීමට සිදුවුයේ යැයිද කීය.

මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය- ඉන්දියාවෙන් අමුද්‍රව්‍ය ගෙනැවිත් ඉන්දියාණු නාමය යටතේ ඖෂධ දෙනවා කියා පළමු සැකකරු කර ඇති සඳහන ඔබේ සේවාදාකයා බලා තියෙනවාද?

නීතීඥ නුවන් ජයවර්ධන මහතා එය අධීක්‍ෂණ කිරීමට මගේ සේවාදාකයාට හැකියාවක් නැහැ” එය කළ යුත්තේ ඖෂධ නියාම අධකාරිය විසිනුයි” මගේ සේවාදායකයාට මේ සම්බන්ධයෙන් විශේඥ දැනුමක් නැහැ.

07 වැනි සැකකරු වෙනුවෙන් නීතීඥ සංදීප්ත සුරිආරච්චි ඇතුලු නීතීඥ කණ්ඩායමක් සමඟ පෙනී සිටි නීතීඥ චමින්ද අතුකෝරල මහතාා කරුණු දක්වමින් තම සේවාදායකයා තාක්‍ෂණ කමිටුවේ හෝ ප්‍රසම්පාදන කමිටුවේ සාමාජිකයකු නොවන්නේ යැයි කීය.

2023 ජනවාරී 31 වැනිදා වන විට ඉන්දියාණු ණය යෝජනා ක්‍රමය යටතේ ඇති මුදල් වල වලංගු කාලසීමාව ඉක්ම යන හෙයින් ඊට පෙර මෙම මුදල් වලින් අවශ්‍ය ඖෂධ ගන්නා ලෙස වෛද්‍ය චම්පිකා වික්‍රමසේකර මහත්මිය ලිපියක් මඟින් කළ දැනුම් දීමකට අනුවව තම සේවාදායකයා කටයුතු කර ඇතැයිද ඉන්දියාණු ණය යෝජනා ක්‍රමය යටතේ ඇති මුදල් වලින් ඖෂධ ගැනීමට හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඔුක්වැල්ල මහතා කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කර ඇතැයිද ඉන්දියාණු ණය යෝජනා ක්‍රමය යටතේ ඇති මුදල් වලින් හෝ වෙනත් අරමුදල් වලින් ලබාගත් ඖෂධ වෙනුවෙන් ‘සැවරිටා ෆාර්මා සුටිකල්’ ආයතනය සහ වෙනත් අයට මුදල් ගෙවීමට ඔහු අවසර ඉල්ලා ඇතැයිද කී නීතීඥ චමින්ද අතුකෝරල මහතා හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා දින 45ක් තුළ ගෙවීම් කරන ලෙෂත් ප්‍රමාද වුවහොත් සීයයට 3ක අධිභාරයක් ගෙවීමට සිදුවෙන බවත් ලිඛිතව දැනුම් දී ඇතැයිද කීය.

රහස් පොලිසිය තම සේවාදායකයා මෙම නඩුවෙව් සැකකරුවකු කර හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඔුක්වැල්ල මහතාට සහ වෛද්‍ය චම්පිකා වික්‍රමසේකර මහත්මියට එරෙහිව ඇති නඩුවේ හොඳම සාක්කිකරු වන තම සේවාදායකයා ඉන් ඉවත් කිරීමට කටයුතු කර ඇතැයිද නීතීඥ චමින්ද අතුකෝරල මහතා වැඩිදුරටත් කීය.

පළමු සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ජාලිය සමරසිංහ මහතා කරුණු දක්වමින් නිර්දෝෂි තම සේවාදායකයාට එරෙහිව නඩු පැවරීමට හැකියාවක් නැතැයිද ඔහු කූඨ ලේඛණයක් තබා කිසිඳු ලේඛණයක් සකස් කර නැතැයිද මේ තත්වය යටතේ ඔහු මුදාහරින්නැයි ඉල්ලා සිටියේය” ලක්මිණී ගිරිහාගම මෙනවිය වැඩිදුරටත් කරුණු දක්වමින් මෙම නඩුවේ සැකකාර රාජ්‍ය නිලධාරීන් කටයුතු කර ඇත්තේ ජනරජයට පාඩු වන අන්දමට හා සැකකාර ටෙන්ඩර්කරුට වාසි වන අයුරින් යැයි කීවාය.

ඖෂධ 182ක් නොමැති වීම හේතූවෙන් ඉදිරි සති 03 ක කාලය තුළදී රට කඩා වැටමට ඉඩ ඇතැයි කියමින් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා කැබිනට්ටුවට ඉදිරිපත් කළ ලේඛණයක් හේතූවෙන් දින 05ක කාලයක් තුළ ඖෂධ සැපයයීම සඳහා පළමු සැකකරුට ටෙන්ඩරය දුන්නත් මාස 04 ක කාලයක ගතවන තුරු අදාළ ඖෂධ සපයා නැතැයිද ඒ වන විටත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඉමියුනුග්ලෝබින් නමැති ඖෂධය මාත්‍රා 75000ක ප්‍රමාණයක් ලබාදීමට එකඟතාවය පළ කර තිබියදී මෙන්ම මාසයකට අවශ්‍ය ඖෂධ රට තුළ තිබියදී මෙම වංචාවට පාදක වු ඖෂධ ගැනීමට රුපියල් බිලියනයක මුදලක් නිකුත් කිරීමම රාජකාරීමය නෙසළකා හැරීමට එහා ගිය වංචාවක් නොවන්නේදැයි ප්‍රශ්න කළාය.

මෙහි සැකකරුවන්ගේ වරදකාරීත්වය සම්බන්ධයෙන් සාක්කි ඉදිරිපත් කර ඇත්තේ ඔවුන් විසින්ම බවත් පුද්ගලයින්ට බොරු කළ හැකි වුවත් ලේඛණ වලට සහ පරවේෂණීය කරුණු වලට බොරු කළ නොහැකි යැයි කී ගිරිහාගම මෙනවිය මෙම නඩුවේ වරදකරුවන් වන විත්තිකරුවන්ට රුපියල් ලක්‍ෂ 4000කට අධික දඩ සහ වසර 20 වැඩිකිරීම චෝදනා 08 බැගින් වන දඩුවම් වලට යටත් වීමට සිදුවන බව මතයේ තබා ගන්නැයිද කීවාය.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඔුක්වැල්ල මහතා කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කරමින් ඉල්ලීමක් කළ විට මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුමැතිය දී ඇත්තේ ඉන්දියාණු ණය යෝජනා ක්‍රමය යටතේ ගත් ඖෂධ වලට ඉන්දියාණු ණය යෝජනා ක්‍රමය යටතේ ඇති මුදල් වලින් මුදල් ගෙවීමට නියම කර ඇතැයි කී ලක්මිණී ගිරිහාගම මෙනවිය සැකකරුවන් සම්බන්ධයෙන් මුදල් විශූද්ධීකරණ පනත යටතේද විමර්ශන ආරම්භ කර ඇතැයිද කීවාය.

ඉදිරිපත් වු සියළු කරුණු සළකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝග නිකුත් කළ මහෙස්ත්‍රාත්වරිය සැකකරුවන් ලබන මස 17 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයට පත් කළ අතර සිද්ධියට අදාළව කරන විමර්ශන වල ප්‍රගතිය එදින අධිකරණයට වාර්තා කරන ලෙස රහස් පොලිසියට නියම කළා.

පැමිණීල්ල වෙනුවෙන් රහස් පොලිසියේ උප පොලිස් පරීක්‍ෂක ලක්සිරි සැරයන්වරුන් වන 35124 ප්‍රනාන්දු 61823 මනෝජ් සමඟ ප්‍රධාන පොලිස් පරීක්‍ෂ ජයන්ත මහතා පෙනී සිටියේය” නීතීපතිවරයා නියෝජනය කරමින් පැමිණීල්ල වෙනුවෙන් ජේ්‍යෂ්ඨ රජයේ නීතීඥ හේෂාණී විජේසිංහ මහත්ම සමඟ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මහත්මිය පෙනී සිටියාය. -ලංකාදීප

SendShareShare
Previous Post

ලංකාවට ආපු ICC ‌ලොක්කා ජනාධිපති හමුවෙයි! I Sri Lanka Latest News

Next Post

බාල බෙහෙත් දාලා ඇස් අන්ධ වුණු 20 දෙනාට කෙහෙළිය වන්දි ‌දෙනවා කිව්වත් තාම කිසි කෙනෙකුට වන්දියක් ගෙවලා නෑ! ලැජ්ජයි කෙහෙළිය! තවත් බාල බෙහෙතක කතාවක් පාර්ලිමේන්තුවේදී පත්තු වෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සරණගේ නඩු 4ක් අද කැඳවයි! වැරැද්ද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කරගන්න කලින් කරපු දැනුම් දීම අයින් කරගන්නා බව උසාවියට කියයි! Sri Lanka Latest News
Exclusive

සරණට කිසිම පිළිසරණක් නෑ! නඩු 4ට බරපතළ වැඩ සහිතව අවුරුදු 16ක් හිරේ..! දඩය ලක්ෂ 18යි! I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

Load More
පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News
Business

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා ආයතනය 2026 ජූනි මස 5 වන දින කොළඹ ඔරියන් සිටිහි පිහිටි සිය නව ආයතනික කාර්යාලය නිල...

Read more
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සරණගේ නඩු 4ක් අද කැඳවයි! වැරැද්ද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කරගන්න කලින් කරපු දැනුම් දීම අයින් කරගන්නා බව උසාවියට කියයි! Sri Lanka Latest News

සරණට කිසිම පිළිසරණක් නෑ! නඩු 4ට බරපතළ වැඩ සහිතව අවුරුදු 16ක් හිරේ..! දඩය ලක්ෂ 18යි! I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.