වාහන ආනයනය ඇරඹීමට ආණ්ඩුව දැනට කිසිඳු සූදානම් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. Sri Lanka Latest News
වාහන ආනයනය බදු ආදායම පැත්තෙන් ලැබූ විට ආණ්ඩුවට වැඳගත් බවත් වාහන ආයනයන පිළිබඳව සෙවීමට කමිටුවක් පත්කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
රජය සතු සංචිත ප්‍රමාණය කොතරම් ප්‍රමාණයක් වූ විට ද වාහනය ආනයනය ආරම්භ කළ හැක්කේ සහ රටේ තියෙන වාහන සංඛ්‍යාව ප්‍රමාණවත්ද නැද්ද යන කරුණු පිළිබඳව කමිටුව දෙන වර්තා මත ඉදිරි කටයුතු කරන බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් කීය.










