ඇතැම් වෙබ් පිටු සහ සමාජ මාධ්‍ය ජාලාවල පලවන අසත්‍ය පුවත් සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව තිබේ.
ඒ අනුව සිය ෆේස්බුක් පිටුවේ විශේෂ සටහනක් තබමින් මේ බව ඒ මහතා දැනුම් දී තිබේ.
‘ මේ දිනවල රටේ පවත්නා හදිසි තත්ත්වය හමුවේ විවිධ වෙබ් පිටු හා සමාජ මාධ්‍ය ඔස්සේ මාගේ ප්‍රකාශ ලෙස සකස් කළ පණිවිඩ හුවමාරු වන බව නිරීක්ෂණය විය. මෙම නිසා විවිධ සාවද්‍ය ප්‍රකාශ ජනගත වීමට ඉඩ ඇති හෙයින් සියලුම නිවේදන හෝ ප්‍රකාශ මාගේ නිල වෙබ් පිටු සහ සමාජ මාධ්‍ය පිටු හරහා පමණක් ප්‍රකාශයට පත්කරන බව දැනුම් දෙමි.’










