මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ තුරන්කිරීමේ දීපව්‍යාප්ත ‘යුක්තිය’ මෙහෙයුම සම්බන්ධයෙන් පොලිසිය ක්‍රියාකරන ආකාරය පිළිබඳ දැඩි අවධානයක් යොමුකරන බවත්, ඒ ගැන ජනාධිපතිවරයා සහ ආරක්ෂක ඇමැතිවරයා වන රනිල් වික්‍රමසිංහ සහ මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් ඇතුළු සියලුම පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා කරන බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ප්‍රකාශ කරයි.Sri Lanka Latest News
මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් සහ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන දෙදෙනාගේ උපදෙස් මත 2023 දෙසැම්බර් 17 දින ‘යුක්තිය’ මෙහෙයුම දිවයින පුරා ආරම්භ කරන ලදී.
පොලිස් විශේෂ කාර්ය බළකාය, යුද හමුදාව වැනි අනෙකුත් ආරක්‍ෂක අංශවල සහායද ඇතිව එය දියත්කෙරේ.
දිවයින පුරා සිදුකළ වැටළීම්වලදී මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීම සහ විවිධ අපරාධවලට සම්බන්ධ බව කියන සැකකරුවන් දහස් ගණනක් අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න පවසන්නේ, මෙම මෙහෙයුම සම්බන්ධයෙන් පොලිසිය ක්‍රියාකරන ආකාරය පිළිබඳ අවධානයෙන් පසුවන බවයි.
“පොලිසිය සියදහස් ගණන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන, ඔවුන් රිමාන්ඩ් භාරයට පත්කරමින්, රැඳවුම් නියෝග ලබාගනිමින්, දේපළ කඩා බිඳදමමින්, දේපළ පවරාගනිමින් සිටිනවා. මූලික වශයෙන් පොලිසියයි තීරණය කරන්නේ, කුමක් කළයුතුද කියලා. ඔවුන්ට එය කළ නොහැකියි. මේක පොලිස් රාජ්‍යයක් නෙවෙයි.” යැයි ඔහු පැවසීය.
සඳහා ක්‍රියාවලියක් සහ නීතියක් අනුගමනය කළයුතු බව අවධාරණය කරන ඔහු පෙන්වාදෙන්නේ, එම මෙහෙයුම නීති පද්ධතිය හරහා යා යුතු බවයි.
“රටේ විනිසුරුවරුන් සිටිනවා, මෙය නීතිමය ක්‍රියා පටිපාටිය හරහා යා යුතුයි. මේ සම්බන්ධයෙන් අපි වරක් නොව බොහෝ වාරයක් අපගේ කණස්සල්ල මතු කළා. නමුත් ඔවුන් දැන් මේ මෙහෙයුම් වැඩිකරලා. මෙම කාරණය සම්බන්ධයෙන් සිදුකළ යුතු යම් යම් සන්නිවේදනයන් අවසන් කිරීමට අපි මේ වන විට කටයුතු කරමින් සිටිනවා. අපි මේ ප්‍රශ්න ඇමැතිතුමාට විතරක් නෙවෙයි ජනාධිපතිතුමා ඇතුළු අනෙකුත් සියලුම පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා කරනවා.” යැයි ද ඔහු ප්‍රකාශ කරයි.