• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

ඡන්ද දිනන මන්තරේ! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

January 6, 2024
in Exclusive, Gurudawa
Reading Time: 7 mins read
A A
ඡන්ද දිනන මන්තරේ! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

1990 ගණන්වල චන්ද්‍රිකා ශ්‍රීලනිප නායිකා බණ්ඩාරනායක මැතිනිය සමග එක්වී පොදු පෙරමුණ හදනකොට බණ්ඩාරනායකවරුන්ගේ ඔටුන්න හිමි කුමරා අනුර බණ්ඩාරනායක රටම හිනස්සන කතාවක් කීවේය.Sri Lanka Latest News

‘අපේ අක්කා ත්‍රීවීල් පක්ෂ ටිකක් එක්ක සන්ධාන ගහනවා. ඒ සන්ධානයේ ඔක්කොම පක්ෂ සාමාජිකයන් ත්‍රීවීල් එකක දමලා යවන්න පුළුවන්…’

මේ, අනුර කී කතාවය. මේ කතාවට එවක යූ.ඇන්.පී. ආණ්ඩුව උඩ පැන පැන අත්පුඩි ගැසුවේය. සන්ධාන හදන්න ගිහින් තම මව සහ අක්කා ශ්‍රීලනිපය පාවාදී ඇතැයි කියා අනුර යූ.ඇන්.පී.යට එක්විය.

‘සන්ධාන හදන්න ගිහින් චන්ද්‍රිකා ශ්‍රීලනිප ප්‍රතිපත්ති පාවා දුන්නා…’

අනුරත් එක්ක පක්ෂයේ සිටි ප්‍රබලතම මන්ත්‍රීවරු වූ ජනදාස නියතපාල, තිලක් කරුණාරත්න, ප්‍රදීප් හපන්ගම වැනි විශාල පිරිසක් ජනාධිපති විජේතුංගව ශක්තිමත් කරන්න යූ.ඇන්.පී.යට එක්වූහ.

‘කේ.පී. සිල්වාටයි, බර්නාඩ් සොයිසාටයි දේශ විමුක්තියේ නිහාල් පෙරේරාටයි ඡන්ද කීයද තියෙන්නේ? පක්ෂයේ ඉන්න ස්ප්‍රිට් එක ගියා. චන්ද්‍රිකාට පිස්සු….’

මේ එකල බණ්ඩාරනායක මැතිනියට සමීප ශ්‍රීලනිප ප්‍රබලයන් තැන තැන අහුමුලුවල කී කතාය. චන්ද්‍රිකා මේ හැමෝම හොල්මන් කරන්න යූ.ඇන්.පී. ආණ්ඩුවේ නියෝජ්‍ය කතානායක සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාව ගත්තේය. ගාමිණීගේ පැමිණීමට එරෙහිව චන්ද්‍රිකාට සමීප විකල්ප පුවත්පත් කර්තෘවරයකු වූ වික්ටර් අයිවන් දිගින් දිගටම චන්ද්‍රිකාට ගැහුවේ යූ.ඇන්.පී. කුණු චන්ද්‍රිකා කරේ තියාගෙන යනවා කියාය. ඒත් චන්ද්‍රිකා ගාමිණීව ඇය යන හැම වේදිකාවකටම ගෙනගියේ ඔහු ලවා ඡන්ද ආකර්ෂණය කරගන්නටය.

ගාමිණීට පමණක් නොව ප්‍රේමදාසට එරෙහි දෝෂාභියෝගය ගෙන ආ ලලිත්, ගාමිණී සහ ප්‍රේමචන්ද්‍රද ශ්‍රීලනිප වේදිකාවට නැග්ග විට ශ්‍රීලනිප ප්‍රබලයන්, යූ.ඇන්.පී. හොරු ශ්‍රීලනිප වේදිකාවේ කියා මැසිවිලි කීහ. ලලිත් නැව් ගිල්ලා, ගාමිණී මහවැලිය කෑවා, ගාමිණීට ඔස්ටේ්‍රලියාවේ ඇපල් වතු තියෙනවා කියා ගැහුවේ ශ්‍රීලනිපයමය. ඒත් ඡන්ද දිනන්න යූ.ඇන්.පී.යෙන් කඩාගෙන එන ඡන්ද අවශ්‍ය බව මැතිනියත් චන්ද්‍රිකාත් තීරණය කළහ. ඔවුන්ගේ තීරණය නිවැරැදි විය. අවසානයේ චන්ද්‍රිකා ත්‍රීවීල් පක්ෂ සමග වසර 17කට පසු ශ්‍රීලනිප ආණ්ඩුවක් හැදුවාය. යූ.ඇන්.පී.ය අන්ත පරාජයකට ලක්විය.

අද සජිත් සහ සමගි ජන බලවේගය අනුගමනය කරන්නේත් චන්ද්‍රිකාගේ මේ උපක්‍රමයය. ශාන් දේශපාලනයට එන්නේ 1978දීය. ඔහු බණ්ඩාරනායක මැතිනිය යටතේ දේශපාලනය අකුරු කළ දැවැන්තයෙකි. ශාන් විජයලාල් කියන්නේ දකුණේ පතාකයෙකි. ඔහු 2004 දකුණු පළාත් සභා ඡන්දයේ සිට 2009 දකුණු පළාත් සභා ඡන්දයේත්, 2014 දකුණු පළාත් සභා ඡන්දයේත් මහ ඇමැති අපේක්ෂකයා වී අතිවිශාල ඡන්ද ගණනකින් ජයග්‍රහණය කළේය. චන්ද්‍රිකා පළමුව ඔහුව මහ ඇමැති කරනු ලැබුවාය. ඉන් පසු මහින්දත් ඔහුව මහ ඇමැති කරනු ලැබීය. එයට හේතුව ඔහුගේ ජනප්‍රියත්වයය. ඔහු කිසිදු චෝදනාවකට ලක්වූ අයෙක්ද නොවේ. ඔවුන් ගමේ දේශපාලනඥයන්ය.

රනිල් යූ.ඇන්.පී. නායකත්වයට පත්වූ පසු යූ.ඇන්.පී.යට සිද්ධ වුණ හෙණේ යූ.ඇන්.පී. ගමේ දේශපාලනඥයාත් ටයි කෝට් ඇඳගෙන කොළඹ තරු පහේ හෝටල්වලට වී දේශපාලනය කතා කරන්න පටන් ගැනීමය. ඔවුන් ගමට යන්නේ ඡන්ද කාලයටය.

නමුත් ශ්‍රීලනිප-පොහොට්ටු මන්ත්‍රීවරුන් එසේ නොවේ. ඔවුන් ඉන්නේම ගමේය. ජේ.ආර්.ගේ ප්‍රේමදාසගේ කාලයේ යූ.ඇන්.පී. මන්ත්‍රීවරු හිටියේ ගමේය. මේ නිසා ශ්‍රීලනිපයට ගම අල්ලන්න බැරිවිය. ඒත් රනිල් නායකත්වයට පත්වූ පසු ශ්‍රීලනිපය ගම ඇල්ලුවේය. මේ මන්ත්‍රීවරුන්ට කොළඹ හතේ හෝටල්වල ඉංග්‍රීසියෙන් දේශපාලනය කතා කරලා පුරුද්දක් නැත. ඔවුන් දේශපාලනය කතා කරන්නේ ගමේ මළගෙදර නැතිනම් මඟුල් ගෙදරය. ශාන් විජයලාල් ඒ වගේ ගමේ බහින, පළාතේ නායකයෙකි. මිනිස්සු ආදරේ කරන නායකයෙකි.

ඩිලාන් පෙරේරා 1994 චන්ද්‍රිකාගේ ජයග්‍රහණය පිටුපස සිටි දැවැන්ත සෙවණැල්ලකි. ඔහුගේ පියා බදුල්ලේ වාමවාදී පවුල් පරම්පරාවකට උරුමකම් කියන්නෙකි. අනුර, විජය-චන්ද්‍රිකා ඇතුළු වාමවාදී නායකයන් විනාශ කරන්න ජේ.ආර්. සමග ඩීල් දමන විට ඩිලාන්ලා ශ්‍රීලනිපය හැරගොස් මහජන පක්ෂයට එක්වූහ. පසුව චන්ද්‍රිකා යළිත් ශ්‍රීලනිපයට සම්බන්ධ වන විට ඩිලාන් චන්ද්‍රිකාගේ පිටුපසින් ආ ප්‍රධාන චරිතයකි. චන්ද්‍රිකා රැල්ල හදපු කිහිප දෙනා අතරින් ඩිලාන් ප්‍රමුඛයෙකි. වසර 17ක් විපක්ෂයේ සිටි ශ්‍රීලනිපය ඩිලාන්ලා යළි බලයට ගෙන ආවේ එහෙමය. ඩිලාන්ලා දේශපාලනය කරන්නේ දිනන්න මිසක් පරදින්න නොවේ. ඔහු දක්ෂ කථිකයෙකි. ශ්‍රීලනිපයේ ජාතිවාදීන් ප්‍රතික්ෂේප කරමින් වාර්ගික සමගිය වෙනුවෙන් පෙනී සිටි අයෙකි. ඔහු රාජකීයයෙකි. ශ්‍රීලනිපයේ රාජකීයයන් හිඟය. හැබැයි ඔහු රාජකීය ඔටුන්න දමාගෙන ගමේ දේශපාලනය කරපු කවදාවත් දූෂණ චෝදනාවලට හසු නොවූ ටයි කෝට් ඇඳගෙන ගමට බහින නායකයෙකි. 2005 ජනාධිපතිවරණයේදී ඔහුට රනිල්ට එකතු වෙන ලෙස චන්ද්‍රිකා උපදෙස් දුන්නත් ඔහු රනිල්ට කැමැති නොවීය. ඔහු සමගි ජන බලවේගයේ වාර්ගික ප්‍රතිපත්තියට සහ සජිත්ගේ මැද මාවතේ ආර්ථික ප්‍රතිපත්තියට කැමැති වූවා විය හැකිය.

නාලක ගොඩහේවා 2015 පරාජයට පත් රාජපක්ෂ සන්ධානයට උගත් වියත් මුහුණුවරක් දෙන්න මාර්කටින් ගේම් එකක් ගහපු අයෙකි. ගෝඨාට දිනන්න අවශ්‍ය පාවෙන සහ තරුණ ඡන්ද ගන්න කැම්පේන් හැදුවේ ඔහුය. 2020 මහ ඡන්දයේ පොහොට්ටු පතාකයන් වූ ප්‍රසන්න රණතුංගලා පරයා ඔහු ඡන්ද ලක්ෂ 3,25,479ක් ගත්තේය. මේ ඡන්ද සංඛ්‍යාව දෙවැනි වන්නේ 1994 චන්ද්‍රිකාත්, 2010 බැසිල් රාජපක්ෂත් ගත්ත මනාප ඡන්ද සංඛ්‍යාවටය. අරගලය වෙලාවේ ගෝඨා ඔහුව ඇමැති ධුරයකට පත්කළත් ඔහු ඇමැති ධුරය ප්‍රතික්ෂේප කොට අරගලයට හිස නැමුවේ රාජපක්ෂ පවුලේ මඩ තම අතේ ගෑවී නැති බව පෙන්වමිනි.

‘ඒ වුණාට නාලක ගොඩහේවාට චෝදනා තියෙනවානේ…?’

එස්.බී. හඟුරන්කෙත මාලිගා හැදුවා යැයි කීවේ යූ.ඇන්.පී.යය. එස්.බී.ව යූ.ඇන්.පී.යට ගත්ත වෙලාවේ මිස්ටර් ක්ලීන් රනිල් හොරු එක්ක බුදියනවා යැයි ජවිපෙ සහ ශ්‍රීලනිපය චෝදනා කළහ. මංගල ක්‍රෙඩිට් කාඩ් වංචාවක් කළා යැයි විශ්වාසභංගයක් ගෙනැවිත් 2001 ආණ්ඩුවක් අරන් මංගල පසුපස සී.අයි.ඩී.ය යැව්වේ යූ.ඇන්.පී.යය. ඒත් 2008 යූ.ඇන්.පී.ය මංගලව කරට ගත්තේය. 2015 ජනාධිපති අපේක්ෂක කළ මෛත්‍රිපාල කෘෂිකර්ම ඇමැති ලෙස මල්ලීට හාල් මාෆියාවක් හදලා දුන්නා යැයි චෝදනා කළේ යූ.ඇන්.පී.යය. 2015 මෛත්‍රී සමග ආ දුමින්දලාට, රාජිතලාට, චම්පිකලාට එරෙහිව යූ.ඇන්.පී.ය දූෂණ චෝදනා නගා තිබිණි. ඒත් 2015 යූ.ඇන්.පී.යට ආ පසු යූ.ඇන්.පී.යට ඔවුන් වීරයන් විය. සන්ධානවලට බය හතුරන් සන්ධාන හදන විට ‘අයියෝ අර දූෂිතයාව ගත්තා, මේ දූෂිතයාව ගත්තා’ කියා හඬා වැලපීම ස්වභාවිකය. අනෙක ගොඩහේවා ඔහුට එරෙහි චෝදනාවලින් අධිකරණය නිදොස් කොට නිදහස් කරනු ලැබීය.

මේ හැමෝම පොලිටිකල් ඇනිමල්ස්ලා නොහොත් දේශපාලන සත්වයන්ය. ඔවුන්ට හොඳ ඉවක් ඇත. ඔවුන් 1994 සිට දිනන දේශපාලනයක් මිස පරදින දේශපාලනයක් කර නැත.

‘මහාචාර්ය චන්න ජයසුමනට නම් සුළු ජාතිකයන් කැමැති නැහැ…’

මේ, රාජපක්ෂලා සහ යූ.ඇන්.පී.ය හදන කතාය.

‘එහෙම නම් හෙළ උරුමය පටන්ගෙන දෙමළ ප්‍රශ්නය විසඳනවාට එරෙහිව රට පුරා උද්ඝෝෂණ කළ, හලාල්වලට එරෙහිව කැම්පේන් කළ, වරක් චන්ද්‍රිකා අන්ත ජාතිවාදියකු ලෙස හඳුන්වපු චම්පික රණවක 2015 යූ.ඇන්.පී.යෙන් තරග කළේ කොහොමද?’

ඒ වෙලාවේ හකීම්ලා, රිෂාඩ්ලා, සුමන්තිරන්ලා කවුරුත් චම්පිකගේ පැමිණීම ප්‍රශ්න කළේ නැත. හේතුව ඒ වෙලාවේ මෛත්‍රීපාලට දිනන්න ඔහුගේ හෙළ උරුමයේ ඡන්ද අවශ්‍ය වූ නිසාය.

රනිල් අනුරාධපුරය ශ්‍රීලනිපයට නැතහොත් පොහොට්ටුවට ලියලා දීලා තිබුණු දිස්ත්‍රික්කයකි. චන්න ජයසුමන 2020 මහ ඡන්දයෙන් අනුරාධපුරයෙන් ඡන්ද 1,33,780ක් ගත්තේය. අනුරාධපුරය වගේ දිස්ත්‍රික්ක දිනන්න චන්න ජයසුමනලා වගේ ඒ පළාත්වල ජනප්‍රිය චරිත අවශ්‍යය.

2001දී පොදු පෙරමුණු ආණ්ඩුව හෝදාගෙන නායකයෝ යූ.ඇන්.පී.යට ආහ. එස්.බී. ආ විට නවීන් දිසානායක ගොස් රනිල්ට සිය අසතුට පළ කළේ නුවරඑළියේ තමාට තියෙන තැන නැතිවෙයි කියලාය. මහින්ද විජේසේකර ආ විට ලක්ෂ්මන් යාපා බයවී මාතර තමාට දිනන්න බැරිවෙයි කියලා රනිල් හමුවී ගතු කීවේය. කිරිඇල්ල ආ විට කෙහෙළිය රඹුක්වැල්ල (එකල යූ.ඇන්.පී. මන්ත්‍රී) බයවී නුවර ප්‍රශ්නය කීවේය.

‘ආණ්ඩුවක් අරගන්න දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන ගණන වැඩිකරගෙන ඇතුළට එන්න මහන්සි වෙනවාද? මහන්සි නොවී ආයෙත් විපක්ෂයට හිමි මන්ත්‍රීකම අරගෙන එනවාද…?’

රනිල් ඇහුවේ එපමණකි.

2001 යූ.ඇන්.පී.ය දින්නේය. නාහෙන් අඬපු ඔක්කොම පාර්ලිමේන්තු ඇවිත් මැති ඇමැතිකම් ගත්හ.

ආණ්ඩු හදන්නේ, ඡන්ද දිනන්නේ ආණ්ඩුවෙන් විපක්ෂයට එන මන්ත්‍රීවරු නිසාම නොවේ. එලෙස එන මන්ත්‍රීවරුන්ට ඉඩ දෙන සමගි ජන බලවේගයේ බන්දුලාල් බණ්ඩාරිගොඩලා වැනි නිහඬ වීරයන් නැතිනම් සන්ධාන හදන්නත් බැරිය. ආණ්ඩු හදන්නත් බැරිය. තමාට පෙර පක්ෂය ගැන හිතන ඔවුන් බලාගැනීම පක්ෂයේ යුතුකමය.

1994 පොදු පෙරමුණයි 2024 සමගි ජන බලවේගයයි අතර එක සමානකමක් ඇත. පොදු පෙරමුණ හැදුවේ වසර 17කට පසු ශ්‍රීලනිපයට ආණ්ඩුවක් ගන්නය. 2024 සමගි ජන සන්ධානය හදන්නේ වසර 30කට පසු මහජන ඡන්දයෙන් ජනාධිපතිවරයෙක් පත් කරගන්නටය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ඇමැතිගේ තහනම් මැද මණ්ඩලය විකුණනවට එරෙහිව පාරට බැහැපු දහස් ගණන් විදුලි සේවකයෝ ආණ්ඩුව ගේන්න යන පනතට ගිනි තියයි! ගැරඬියෙක්ගෙන් කවුරු හරි බලන් ඉන්නවා නම් නයි නැටුම් නටන්න ඒක කරගන්න බෑ! කපුටන්ගෙන් මොනර නැටුම් බලන්න බෑ! VIDEO I Sri Lanka Latest News

Next Post

දිනන සන්ධානය හදන අතරතුරේ සජිත් දිගටම ‘සක්වල’ මෙහෙයුමේ! 62 වන ස්මාර්ට් පන්ති කාමරයත් අරන් සජිත් අද මිනුවන්ගොඩ නැදගමුව කණිෂ්ඨයට යයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.