• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මැයි 2න් පස්සේ විශාල ජන ආකර්ෂණයක් එක්ක විපක්ෂය නැගිටිනවා! ආණ්ඩුව සීසීකඩ ගිහින් බෙලහීන වෙලා බිඳ වැටෙනවා! මෙතුවක් බිහිවුණු හැම ජනාධිපති කෙනෙක්ම පත්වුණේ ඒරාෂ්ඨක අපලය තියෙද්දී! ඒක තමයි රටාව! කියපු දේශපාලන අනාවැකි සියල්ල හරිගිය කේ.සී.ජේ. රත්නායක 2024 ජනාධිපති ගැන කියන අලුත්ම දේශපාලන අනාවැකිය! I Sri Lanka Latest News

February 3, 2024
in Exclusive, News
Reading Time: 19 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

උදාවූ 2024 අවුරුද්දේ අපේ රටේ සුවිශාල දේශපාලන පරිවර්තනයක් සිදුවෙන බවත්, බිහිසුණු වාතාවරණයක් වසර අවසානයේදී ඇතිවන බවත් ප්‍රවීණ ජ්‍යොතිෂවේදී කේ.සී.ජේ. රත්නායක මහතා පවසනවා. Vishwakarma යූටියුබ් නාලිකාවට අදහස් දක්වමින් එම දේශපාලන පෙරළි ගැන සහ මීළඟට රට භාරගන්නා නායකයා ගැන රත්නායක මහතා කළ එම හෙළිදරව්ව ‘මව්රට’ පාඨක ඔබ වෙනුවෙන් අප මෙලෙස ඉදිරිපත් කරමු.(Sri Lanka Latest News)

2024 වසර බොහෝ දෙනා සලකන්නේ මැතිවරණ වර්ෂයක් හැටියට. එහෙම නැත්නම් දේශපාලන වශයෙන් බොහොම උණුසුමක් ඇතිවන කාලයක් හැටියට. නමුත් කේන්දර බලන ලෝකායන ජ්‍යොතිෂය පරීක්ෂා කරන අපි මැතිවරණ වර්ෂ පිළිබඳ දන්නේ නෑ. මොකද මැතිවරණ ප්‍රකාශයට පත්කිරීම කරන්නේ මිනිසුන් විසින්. අප කියන්න පුළුවන් වෙන්නේ යම් බලයක් පිරිහෙන්නේ කවදද, යම් බලයක් ස්ථාපිත වෙන්නේ කවදද, ඒ බලය වඩාත් බලවත් වෙන්නේ කවදාද කියන කාරණා සහ කොයි ආකාරයෙන්ද කියන එක පමණයි. ලෝකායන ජ්‍යොතිෂ්‍ය අනුව ගත්තාමත් 2024 අවුරුද්ද ලංකාවට වගේම සමස්ත ලෝකයටම අභියෝගාත්මක වසරක් වෙනවා.

මම පසුගිය කාලේ කරපු ගණනය කිරීම් අනුව අද ඔබට පෙන්වන්න සූදානම් ඒරාෂ්ටක අපල රාජ යෝග බවට පත්වෙන හැටි සහ, රාජ යෝග ඒරාෂ්ටක අපල බවට පත්වෙන හැටි. ඒක හරි අපූරු කතාවක්. මේ සඳහා මම උදාහරණ විදියට ගන්නේ 1977 සිට 2022 දක්වා වූ සියලු ජනාධිපතිවරුන් බලයට පත්වෙලා දිවුරුම් දුන්නු අවස්ථාවන්. ඒ ඒ අවස්ථාවන් ගැන කරන කෙටි විග්‍රහයක් තමයි මේ. මෙහිදී ඔබට ඒරාෂ්ටකය කියන වචනයේ ගැබ්ව ඇති සැබෑව සහ මිථ්‍යාව වගේම ඊට යටින් සැඟවුණු කතන්දරය ග්‍රහණය කරන්න ලැබේවි. දැන් අපි ඒ ඒ ජනාධිපතිවරුන් ගැන කරන විග්‍රහයට පිවිසෙමු.

ජේ.ආර්. ජයවර්ධන

Sri Lanka Latest News

1977 දී 6/5ක අති දැවැන්ත ජන වරමක් අරගෙන බලයට පත්වුණේ ජේ.ආර්. ජයවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂය. ඊට පස්සේ එතුමා ඒ 6/5ක ජන වරම භාවිත කරලා 1978දී අද රටේ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කරලා සම්මත කළා. ඒකෙදී තමයි රට පාලනය කරන විධායක ජනාධිපති ධුරය හඳුන්වා දුන්නේ.

1978දී ජයවර්ධන මහත්තයා තමාගේම බලය පාවිච්චි කරලා හදපු ව්‍යවස්ථාවෙන් තමාම විධායක ජනාධිපති ධුරයට පත්වෙලා දිවුරුම් දුන්නා 1978දී. එතුමා කන්‍යා ලග්නයෙන් උපත ලබපු කෙනෙක්. එතුමා 1978දී පළමු විධායක ජනාධිපති ලෙස ලංකාවේ දිවුරුම් දුන්නේ ලග්න ඒරාෂ්ටකයක් තිබියදී.

ඊට පස්සේ එතුමා දෙවැනි වරට 1982දී ජනාධිපතිවරණයක් කැඳවලා ඊට තරග කරලා ඒ ඡන්දෙනුත් ජයග්‍රහණය කරනවා. ඒ ඡන්දෙන් ජයග්‍රහණය කරන මොහොතේදීත් එතුමා ඒ ජයග්‍රහණය ලැබුවේ සෙනසුරුගේ ලග්න ඒරාෂ්ටකයක් ගතකරමින් සිටියදීම තමයි. එතකොට බලන්න ඒරාෂ්ටක දෙකකදී ලංකාවේ පළමු සහ දෙවැනි විධායක ජනාධිපතිවරයා හැටියට එතුමා දිවුරුම් දුන්නා. එතුමාගෙන් පසුව තරග කළේ ආර්. ප්‍රේමදාස මැතිතුමා.

ආර්. ප්‍රේමදාස

Sri Lanka Latest News

එතුමා මේෂ ලග්නයෙන් උපත ලබා ඇති බව ප්‍රසිද්ධයි. එතුමා තරග කරන අවස්ථාවේදී ඒ කේන්දරය අනුව සෙනසුරුගේ කිසිම ඒරාෂ්ටකයක් තිබුණේ නැහැ. හැබැයි ඔහු ඒ ඡන්දය දිනුවේ දැඩි කොන්දේසි යටතේ දැඩි දුෂ්කරතා මැද යුද්ධයක් වගේ කරලා. ඡන්දේ දිනුවේ කෙස්ගහට කියලා කිව්වොත් වැරැදි නෑ. ඒ ඡන්ද ප්‍රතිඵලයත් මතභේදාත්මකයි. එහෙම දිනපු ඔහු කිව්වේ දෙකොන ගිනිගත් විලක්කුවක් ලැබුණා කියලයි.

ඒ කාලයේ උතුරු නැගෙනහිර දෙපළාත කොටි සංවිධානයත්, ඉන්දියානු සාමසාධක හමුදාවත් අතින් තමයි පාලනය වුණේ. දකුණේ ජන සමාජය එහෙම පිටින්ම බිඳවැටිලා තිබුණේ. කැරැලි කෝලාහල මනුෂ්‍ය ඝාතන බහුල දැඩි භීෂණයක් ඉන් පසුව රටේ හටගත්තා. ඒකෙන් තමයි රටේ තරුණ තරුණියන් 60,000ක් පමණ ඝාතනය වුණා කියලා කියන්නේ. ඒ වගේ කාලයක පාලනය අතට ගත්ත ප්‍රේමදාස මහතා අවසානයේදී 1993 මැයි මාසේ 01 වැනිදා මැයි පෙළපාළියක් සංවිධාන කරමින් සිටියදී කොළඹ ආමර් වීදියේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට ලක්වෙලා ඝාතනය වුණා.

නමුත් එතුමාට දිවුරුම් දෙන මොහොතේ කිසිදු ඒරාෂ්ටකයක් තිබුණේ නෑ. නමුත් එතුමාට පාලනය ගැනීම, පාලනය කිරීම සහ අන්තිමේදී තම ධුර කාලය අවසන් වෙන්නත් ප්‍රථම ජීවිතයෙන් පවා වන්දි ගෙවන්න සිදුවුණා. එපමණක් නෙවෙයි එතුමා ඒ කාලෙදී පෞද්ගලික වශයෙන් දරුණු අපවාදයන්ට චරිත ඝාතනයන්ට සහ විශාල පීඩාවත්ටත් ගොදුරු වුණා. එතුමා නායකත්වය දුන්නු එක්සත් ජාතික පක්ෂයත් කැඩිලා බිඳිලා විසිරිලා ගියා. ඒ විදියටයි ප්‍රේමදාස යුගය අවසන් වුණේ. එතුමාගේ හදිසි අභාවයෙන් පස්සේ බලයට පත්වුණේ ඩී.බි. විජේතුංග මහතා.

ඩී.බි. විජේතුංග

Sri Lanka Latest News

ඩී.බි. විජේතුංග මහතා ජනාධිපති වුණේ අනපේක්ෂිත විදියට. ප්‍රේමදාස මහත්මයා ඝාතනයත් සමග. මෙතුමා උපත ලබා තිබුණේ මිථුන ලග්නයෙන්. ඒ වන විට එතුමා ලංකාවේ 04 වැනි විධායක ජනාධිපති ලෙස දිවුරුම් දෙන අවස්ථාවේදී ගතකරමින් සිටියේ සෙනසුරුගේ ජන්ම ඒරාෂ්ටකයක්.

එතුමා බලය ලබාගත්තෙත් හරිම පහසුවෙන්. කිසිම තරගයකින් තොරව. ඒ වගේම සාමකාමී අයුරින්ම බලය හුවමාරු කරලා ගෞරවාන්විතව ජනාධිපති ධුරයෙන් ඉවත් වුණා. ඉවත්වූ පසුවත් එතුමා දිගු කාලයක් ආයුෂ වින්දා. කිසිම චෝදනාවකට මතවාදයකට ලක්වුණේ නැති පින්බර චරිතයක් ලෙසයි ඔහුව හැමෝම සැලකුවේ. 4 වැනි විධායක ජනාධිපති පත්වුණෙත් සෙනසුරු ඒරාෂ්ටකයක් විදියට තමයි. එතුමාගෙන් පසුව බලයට පත්වුණේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය.

චන්ද්‍රිකා බණ්ඩාරනායක

Sri Lanka Latest News

චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය 1994 බලයට පත්වුණේ ලංකා දේශපාලන ඉතිහාසයේ පළමු වරට විශාල වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබාගනිමින්. ඒක ඓතිහාසික ජයග්‍රහණයක්. 63%ක ජන වරමක් ලබාගනිමින් තමයි ඇය විධායක ජනධිපතිනිය ලෙස පත්වුණේ.

එතුමිය තමයි පස්වැනි විධායක ජනාධිපති ලෙස දිවුරුම් දීම කළේ. එතුමිය කටක ලග්නයෙන් උපත ලැබූ බව ප්‍රසිද්ධයි. එතුමිය ඒ ඡන්දයට ඉදිරිපත් වී ජනාධිපති ලෙස පත්වුණේ සෙනසුරු ඒරාෂ්ටක අපලයක් තිබියදීයි. මේ ඒරාෂ්ටක අපලය කොහොම වෙතත් එතුමිය බස්නාහිර පළාතේ මහ ඇමැති ධුරයේ සිට අගමැති ධුරයේ සිට ජනාධිපතිනිය දක්වා ආපු ගමන සිදුවුණේ ඒරාෂ්ටක අපලය මැදින්. චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගෙන් පස්සේ බලයට පත්වුණේ මහින්ද රාජපක්ෂ මහත්මයා.

මහින්ද රාජපක්ෂ

Sri Lanka Latest News

මහින්ද රාජපක්ෂ මහත්මයා කන්‍යා ලග්නයෙන් උපත ලබා තිබෙන බව ප්‍රසිද්ධ කරුණක්. 2005දී එතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වී අසීරු සහ අභියෝගාත්මක ජයග්‍රහණයක් ලැබුවා. 2010දී එතුමා දෙවැනි වරටත් ඒ ජනාධිපති ධුරයේ අභියෝගාත්මක ජයග්‍රහණයක් ලැබුවා.

ඒ අවස්ථාවේ එතුමා සෙනසුරුගේ ඒරාෂ්ටක තත්ත්වයක් ගතකරමින් සිටියදී තමයි ජනාධිපතිවරණය ජයගත්තේ. ඒ තමයි ලංකාවේ හයවැනි සහ හත්වැනි විධායක ජනාධිපතිවරයා. එතුමාගෙන් පසුව බලයට පත්වුණේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා.

මෛත්‍රීපාල සිරිසේන

Sri Lanka Latest News

මෛත්‍රීපාල සිරිසේන මහත්මයා තුලා ලග්නයෙන් උත්පත්තිය ලැබූ බව ප්‍රසිද්ධයි. මෙතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙයිද කියන එක ගැන බොහෝ දෙනෙක් දැනගෙන හිටියේ නෑ. ඒ වගේම එතුමා ජයග්‍රහණය කරයි කියන එකත් බොහොම අඩමාන තැනක තමයි තිබුණේ. නමුත් එතුමා ඒ වන විට පාර්ලිමේත්තුවේ 3/2ක බලයකුත් තිබුණු, දැවැන්ත ප්‍රතිරූපයක් තිබුණු මහින්ද රාජපක්ෂ මහත්මාව පරාජයට පත්කරලා විධායක ජනාධිපති ධුරයට පත්වුණා.

ඒ අනුව ඔහු තමයි අටවැනි විධායක ජනාධිපතිවරයා. එතුමා ඒ විධායක ජනාධිපති ධුරයේ දිවුරුම් දුන්නේ ලග්න ඒරාෂ්ටක තත්ත්වයකට මුහුණ දී සිටියදී. ඒ කියන්නේ සෙනසුරුගේ අපලය තියෙද්දී තමයි එතුමා ඒ ධුරයට පත්වෙන්නේ. මෙතුමාගෙන් පසුව බලයට එන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්මා.

ගෝඨාභය රාජපක්ෂ

Sri Lanka Latest News

2019 වසරේ පැවැති ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා. එතුමා වෘශ්චික ලග්න හිමියෙක්. එතුමා ඒ මැතිවරණය අභියෝගාත්මක ලෙස ජය ගත්තා. ඒ වගේම ඔහු නව වැනි විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේ ඒරාෂ්ටක තත්ත්වයක් තියෙද්දී. එතුමාට තමන්ගේ ධුර කාලය හමාර කරලා යන්න සිද්ධ වුණා.

නමුත් එතුමාට සිදුවුණෙත් ඒරාෂ්ටක තත්ත්වයක් යටතේ තමයි ඒ ජයග්‍රහණය ලබාගන්න. ඒ අනුව තවත් ඒරාෂ්ටක අපලයක් සහිත කෙනෙක් ජනාධිපති වීමේ අවස්ථාව අපට දකින්න ලැබුණා. ගෝඨාභය රාජපක්ෂ මහතා ලංකාවේ දිවුරුම් දුන්නේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස නෙවෙයි, දහවැනි විධායක ජනාධිපතිවරයා ලෙසයි. එතුමාගෙන් පසුව බලයට පත්වුණේ රනිල් වික්‍රමසිංහ මහත්මයා.

රනිල් වික්‍රමසිංහ

Sri Lanka Latest News

රනිල් වික්‍රමසිංහ මහතා තමයි මේ වන විටත් ලංකාවේ විධායක ජනාධිපති ධුරය හොබවන්නේ. මෙතුමා මීන ලග්නයෙන් තමයි උපත ලබා තිබෙන්නේ. පසුගිය මහ මැතිවරණයේදී එකම එක ආසනයක්වත් එතුමාට හිමිවුණේ නැහැ. නමුත් ජාතික ලැයිස්තුවෙන් එක අසුනක් හිමිවුණා.

එතුමා සෑහෙන කාලයක් ගතකළාට පසුව ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස පාර්ලිමේන්තුවට පත්වුණා. 2022 මැයි මාසේ 09 වැනිදා ඉතා අනපේක්ෂිත ලෙස මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයෙන් ඉල්ලා අස්වුණාට පසුව අගමැතිවරයා ලෙස වික්‍රමසිංහ මහතා දිවුරුම් දුන්නා. එතුමා අගමැති ලෙස දිවුරුම් දීලා ඉතා කෙටි කලකදී වැඩබලන ජනාධිපතිවරයා ලෙසත් පත්වුණා. ඉන් පසුව පාර්ලිමේන්තුවේ තිබුණු ඡන්දයකින් නිල වශයෙන් විධායක ජනාධිපතිවරයා ලෙසත් එතුමා පත්වුණා.

වික්‍රමසිංහ මහජනතාවගෙන් (ඡන්දයෙන්) ප්‍රතික්ෂේප වෙලා හිටියත් ඔහුට හැකියාව ලැබුණා අගමැති බවට පත්වෙලා ඉතා කෙටි පියවර කිහිපයකින් විධායක ජනාධිපති ධුරය දක්වා වේගවත් ගමනක් යන්න. එතුමා 2022දී අගමැතිවරයා ලෙස දිවුරුම් දෙන මොහොතේදී ලග්න ඒරාෂ්ටකයක් ගතකරමින් සිටියා. ඒ අනුව තවත් ඒරාෂ්ටක අපලයක් සහිත කෙනෙක් විධායක ජනාධිපති ලෙස පත්වෙලා ඉන්නවා.

2024දී අපි හොයන්නේ 12 වැනි විධායක ජනාධිපතිවරයා කවුද කියන එක. මේ රටාවටම ගියොත් අපට පේනවා විධායක ජනාධිපතිවරු 11 දෙනාගෙන් (දිවුරුම් දුන් වාර ගණන අනුව) ප්‍රේමදාස මහතා හැරුණු විට අනෙක් සියලු දෙනා මහා බලවත්, කිසිවකුට යටත් නැති, සියල්ලන්ටම උඩින් ඉන්න විධායක ජනාධිපති ධුරයට පත්වෙලා තියෙන්නේ ඒරාෂ්ටක ලග්න අපලයෙන් පෙළෙන අවස්ථාවේ තමයි. සාමාන්‍ය ජනතාව බයවෙනවනේ ඒරාෂ්ටකයක් කියපු හැටියේ.

නමුත් බයවෙන්න දෙයක් නෑ. රටේ සුපිරි බලයක් සහිත ඉහළම පුරවැසියා බවට ඔවුන් පත්වුණේ සෙනසුරුගේ ලග්න ඒරාෂ්ටකයක් ගතකරමින් සිටියදී. එහි කිසියම් පොදු රටාවක් තියෙනවා. මේ රටාවටම ගියොත් 12 වැන්නට එන්නත් ඕනේ ඒරාෂ්ටක අපලයක් සහිත කෙනෙක් තමයි. නමුත් ඒක ඒ විදියටම වෙයිද නැද්ද කියන එක වෙන විදියකට විමසා බලන්න ඕනේ. මම මේ පෙන්නුවේ ඒ රටාව. ඒ රටාවට අනුව ඒරාෂ්ටකය කියන දේ ඔවුන්ට බලවත් රාජ යෝගයක් බවට පත්වෙලා තියෙනවා.

හැබැයි ඒ අයගේ රාජ යෝගය රටට සහ මහජනතාවට නම් ඒරාෂ්ටක අපලයක් බවට පත්වෙලා තියෙනවා. මොකද ඒ අය බලයට පත්වීමෙන් පසුව 1977 සිට මේ දක්වාම අන්තිමට වෙලා තියෙන්නේ ජනතාවට දැඩි අපලකාරී කාලයක් උදාවීමයි. ඒරාෂ්ටකය ඒ අයට රාජ යෝග වෙලා තියෙනවා. ඒ රාජ යෝග අපට ඒරාෂ්ටක වෙලා තියෙනවා. ජනතාව වෙච්ච අපි පවු ගෙවනවා.

ඉදිරි දේශපාලනය ගැන අනාවැකියක්

මේ රටාව අපි බලන්න ඕනේ 2024දී ඒ විදියටම යනවද, නැත්නම් වෙනස් වෙනවාද කියන එක. එහිදී කිව යුතු දේ තමයි 2024 අවුරුද්දේ සිද්ධ වෙන්නෙත් ඒකම තමයි කියන එක. විවිධ අය සීත කාමරවලට වෙලා බලය ලබාගැනීමට, බලය රැකගැනීමට විවිධ දේශපාලන උපක්‍රම සකස් කරමින් ඇති. හැබැයි ඒ කිසිවක් සාර්ථක වෙන්නේ නෑ. සිදුවෙන්නේ රටේ ඉතිහාසයේ දෛවය විසින් ඉල්ලා සිටින පුද්ගලයා සහ බලවේගය ඉහළට එසවීමයි.

ඒක පූර්ව සැලසුමක් මිසක් මිනිසාගේ සැලසුමක් නෙවෙයි. සමූහ ජන විඥානය කියන එක සකස් වෙන්නේ මේ ආකාරයටයි. ඒක කොයි තරම් ජනමාධ්‍ය තිබුණත්, කොයි තරම් මුදල් තිබුණත්, කොයි තරම් බලහත්කාරයක් තිබුණත් හසුරුවන්න බෑ. එහෙම නම් 2015දී මහින්ද රාජපක්ෂ මහත්මයා පරාජය වෙන්නෙත් නෑ. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් තිබුණා. නමුත් එතුමාට ගෙදර යන්න වුණා. ඒ වගේම තමයි 2024 සිද්ධ වෙන්නෙත් මේ දේම තමයි.

මීළඟ ජනාධිපති කවුද?

දැන් අපි බලමු 2024 අවුරුද්දේ එන කෙනාට මොකද වෙන්නේ කියලා. පරණ රටාවට අනුව මේ එන්න ඉන්නෙත් ඒරාෂ්ටක අපලකාරයෙක්ද? එහෙම නැත්නම් ඒ රටාව බිඳගෙන රැඩිකල් ආකාරයෙන් අලුත් රටාවක් ආරම්භ කරන කෙනෙක් එයිද? ඒක කියන්න තවම කල් වැඩියි. යම් යම් රැලි, පෙරළි අපි දකිනවා. ඒකට පොඩි කාලසටහනක් තියෙනවා මගේ ගණනය කිරීම් අනුව. මේක පුරෝකථනයක්. ඒ පුරෝකථනය සඳහා ලෝකායන ජ්‍යොතිෂයේදී දේශපාලනය සම්බන්ධව ක්‍රමවත් ගණනය කිරීම් තියෙනවා. සිද්ධාන්ත සහ න්‍යායන් තියෙනවා. ඒවායෙන් පිට පැනලා අපේ රුචි අරුචිකම් අනුව මත පළකරන්න අපට බැහැ.

එහෙම කළොත් ඒක මගේ පෞද්ගලික මතයක් හෝ කාට හරි කඩේ යෑමක් වෙනවා. මේ පුරෝකථනයක් එලෙසම සිදුවීමේ ඉඩකඩ 75%ක්වත් විය යුතුයි. එලෙස නොවීමේ සම්භාවිතාව 25%ක් හෝ ඊට අඩු විය යුතුයි. ඒ කියන්නේ එය සිදුවීමේ සම්භාවිතාව වැඩියි. ඒ නිසා මම මේ කියන පුරෝකථනය දිහා යම් යම් දේශපාලන කණ්ණාඩිවලින් බලන්න එපා. ඇතැම් විට ඔබ දරන දේශපාලන මතයට එරෙහි දෙයක් මම කියන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබේ මතයට පක්ෂපාතී වෙන්නත් පුළුවන්. නමුත් මම ඔය මත දෙකටම අයත් නැති නිදහස් පුද්ගලයෙක්. මම කිසිම දේශපාලන පක්ෂයකට අයත් කෙනෙක් නෙවෙයි.

2024 ජනවාරි 01 වැනිදා සිට 2024 අප්‍රේල් මාසය පසුවෙන තුරු ගතවෙන්නේ එක්තරා දේශපාලන රටාවක්. ඒ දේශපාලන රටාව බොහෝ විට ඇල්මැරුණු අවිනිශ්චිත තත්ත්වයක් මිසක් පැහැදිලි තත්ත්වයක් ඉන් පෙන්නුම් කරන්නේ නැහැ. මැයි මාසයේ 02 වැනිදා සිට යම් යම් වෙනස්වීම් ඔබට දකින්න ලැබෙයි. ඉන් ප්‍රධාන එකක් තමයි පවතින විපක්ෂයට වඩා පැහැදිලි බලයක් වගේම ලොකු ජන ආකර්ෂණයකින් නැගී සිටින විපක්ෂයක් දැකගන්නට ලැබීම.

ඒ වර්ධනය සිදුවන අතරේ ඊට සාපේක්ෂව ආණ්ඩු පක්ෂයේ සීසීකඩ යෑම්, බිඳවැටීම්, බෙළහීන වීම් දකින්න ලැබේවි. ඔය අතර අගෝස්තු මාසයේ සිට වසරේ අවසානය දක්වා මාස 04ක කාලය ලංකාවට ඉතා තීරණාත්මක බිහිසුණු කාලයක් බව ග්‍රහචාරය අනුව පෙනෙනවා. මේ කාලයේ සිදුවිය හැකි එක දෙයක් තමයි අතිධාවනකාරී විනාශකාරී අඳුරු බලවේග ක්‍රියාත්මක වීම.

ඒක රටේ සාමාන්‍ය ජන ජීවිතයට, ප්‍රජාතන්ත්‍රවාදී වටපිටාවට, ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂවලට, සාමකාමී ජන සමාජයට තර්ජනයක් වෙනවා. ජන මනස විකෘති කරන කඩාකප්පල්කාරීවූත්, විනාශකාරීවූත්, අතිධාවනකාරීවූත් අඳුරු බලවේගයන් මතුවෙන කාලයක්. මේ වෙලාවේදී තමයි නියම නායකයා එළියට එන්නේ. අනාගතය සඳහා සුදුසු නායකයා එළියට එන්නේ වසරේ අවසන් මාස හතරක කාලයේදීයි.

පුදුමයකට වගේ ඔය කියන ජනාධිපතිවරණය හෝ යම් මැතිවරණයක් හෝ පැවැත්වීමට දින යෙදිලා තියෙන්නෙත් ආන්දෝලනාත්මක බිහිසුණු කාලයක තමයි. ඒකට හේතුව වෙන්නේ කේන්ද්‍රස්ථාන දෙකක සිටින රටේ ලග්නාධිපති වූ සෙනසුරු, ගුරු සමාන්තරව වක්‍ර වීම. ඊට සමාන්තරව ලංකා කේන්දරයේ දෙවැන්නේ සහ අටවැන්නේ රාහු සහ කේතුගේ පිහිටීමත් ඉතා දුෂ්ට ආකාරයෙන් තමයි සිදුවෙන්නේ. විශේෂයෙන්ම කේතු ග්‍රහයාගේ ගමන හරිම ගුප්තයි.

කේතු විසින් පෙන්වන්නේ අදෘශ්‍යමාන හස්තයකින් මෙහෙයවන කටයුතු. ඒ කියන්නේ විදෙස් රටවලින් කරන අතපෙවීම් වගේ දේවල්. ඒ වගේම ඒ විදෙස් රටවලින් කරන අතපෙවීම් නිසා ලංකාවේ ඇතුළේ රූකඩ හැටියට ඉස්මතු වීම්, උසිගැන්වීම්, කඩාකප්පල් කිරීම් ලෙසයි මේවා එළියට එන්නේ. මේ වෙලාවේ සිදුවෙනවා සියලු දේශපාලන පක්ෂවලට ඡන්දය පැත්තක තියලා රටේ ජාතික ආරක්ෂාව සඳහා එක පොදු මතයකට ඇවිල්ලා ඊට පස්සේ මැතිවරණයේදී ගනුදෙනු බේරාගැනීමේ තත්ත්වයට යන්න.

ඒ සඳහා බලකිරීමකුත් සිදුවෙනවා. ඒ කාලයේදී තමයි මට දැනෙන විදියට රටේ මීළඟ නායකයා තීන්දු වෙන්නේ. දැනට යම් යම් ව්‍යාපාර, යම් යම් බලවේග ඉස්මතු වෙලා තියෙනවා. ඒ වගේම ඉස්මතු නොවූ බලවේගත් තියෙනවා. කෙසේ නමුත් මැයි මාසයේ 02 වැනිදා සිට විපක්ෂය බලවත් වෙනවා. අගෝස්තු සහ වසරේ අවසාන මාස 04ක කාලය තුළ මතභේදකාරී තත්ත්වයන් හටගනී. ඒ වෙලාවේදී අහක යන කෝච්චිවලට බෙල්ල තියන්නේ නැතුව ඡන්දදායකයන් ලෙස රටවැසියන් ලෙස දූරදර්ෂීව ප්‍රඥාවන්තව මේ දුෂ්කර කාලයට මුහුණ දීම තමයි වඩා වැදගත් වෙන්නේ. ඒ වගේම ප්‍රාර්ථනාවක් ලෙස කියන්න තියෙන්නේ එවැනි බිහිසුණු අඳුරු යුගයක් අපේ රටට උදාවෙන්න එපා කියන එකයි.

SendShareShare
Previous Post

යුක්තියෙන් අල්ලපු බඩෝවිට අසංකගේ ගෝලයා! I Sri Lanka Latest News

Next Post

කාටත් හොරෙන් ශාන් සජබයට ගන්න සජිත් දියත් කළ තිරය පිටුපස මෙහෙයුම! දිගම්බරම් වැඩේට අත ගැහුවේ කොහොමද? බන්දුලාල්ව බැලන්ස් කළේ කවුද? රාජ්‍ය රහස්!  I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.