ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උපසභාපති ශාන් විජයලාල් මහතා යනු නිර්මල නායකයෙක් බවත්, හෙතෙම විපක්ෂනායකවරයා හා එක්වීම විශාල ගැම්මක් බවත් මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය.Sri Lanka Latest News
‘‘පාර්ලිමේන්තු මන්ත්‍රී ෂාන් විජයලාල් ද සිල්වා සමගි ජනබලවේගය සමඟ එකතු වීම සමගි ජනබලවේගයට විශාල ශක්තියක් ෂාන් විජයලාල් ද සිල්වාට පොදුජන පෙරමුණ සමඟ කිසිදු ප්‍රශ්නයක් තිබුණේ නෑ. නමුත් ඔහු රට වෙනුවෙන් දැවැන්ත තීරණයක් අරගෙන තිබෙනවා. ඔහුගේ එම තීරණය අපි සියලු දෙනාට විශාල ශක්තියක්. විපක්ෂයේ ඒකාබද්ධ වැඩපිළිවෙල ශක්තිමත් ලෙස ඉදිරියට ගෙන යාමට අපි සියලු දෙනා එකතු වෙලා සිටිනවා. රටේ ජනතාව පත්ව තිබෙන පීඩනයෙන් ගොඩගැනීම සඳහා විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන සමගි ජනබලවේගය සමඟ එකතුවෙලා අංග සම්පූර්ණ එ්කාබද්ධ වැඩපිළිවෙලක් 2024 ඇතිකිරීම තමයි අපගේ ඉලක්කය වෙන්නේ.‘‘










