• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හිරගෙදර ඇතුළෙ ඉඳන් ඉම්රාන් ඛාන් පාකිස්තානය හොල්ලයි I Sri Lanka Latest News

December 29, 2023
in Exclusive, News
Reading Time: 4 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

විනාඩි 4ක් කතා කරලා… ලක්ෂ 45ක් බලලා… ආණ්ඩුවත් හොල්මන්…

‘මගේ සහෝදර පාකිස්තානුවනි, මෙම ඓතිහාසික ප්‍රයත්නය සඳහා මම මුලින්ම අපගේ සමාජ මාධ්‍ය කණ්ඩායමට ප්‍රශංසා කිරීමට කැමැතියි. සමහර විට ඔබ සැම හිතනවා ඇති මම හිරගෙදර ඉන්නේ කොහොමද කියලා. අද සැබෑ නිදහස සඳහා ඇති මගේ අධිෂ්ඨානය ඉතා ශක්තිමත් බව කිව යුතුයි. ඔබ වෙනුවෙන් මා තුළ තිබෙන ධෛර්යය දිනෙන් දින වැඩිවෙනවා මිස එය අඩාළ වීමක් වන්නේ නැහැ. ඉදිරි 2024 පෙබරවාරි මාසයේ පැවැත්වෙන මහ මැතිවරණයට අපි නොබියව මුහුණ දෙන්න ඕනෑ.(Sri Lanka Latest News)

පාලකයන් විසින් මාව සිතාමතාම සිරගත කර තිබෙනවා. ඒ අයගේ උත්සාහය මම මැතිවරණය සඳහා සහභාගි වීම වැළැක්වීමයි. මම අද සිරගෙදර සිටියත් පාලකයන්ගේ එම බලාපොරොත්තු ඉෂ්ට වන්නේ නැහැ. මම අපේ රටේ ජනතාවගේ සැබෑ නිදහස සඳහා සටන් කරනවා. මම අද සිරගෙදර සිටියදී හෝ විනාඩි කිහිපයක් ඔබ වෙනුවෙන් කතා කරනවා. මම එදා සිටියේත් ජනතාව සමගයි. අදත් මම සිටින්නේ ජනතාව සමගයි. බොරුව සහ අසාධාරණය අප පරාජය කළ යුතුයි. සත්‍යය හා සාධාරණය අප ජයග්‍රහණය කරා ගෙන යනවා නිසැකයි’

කුමක්ද මෙම ධෛර්යසම්පන්න එමෙන්ම බලාපොරොත්තුසහගත වදන් පෙළ? මෙම වගතුග කියා සිටින්නේ කවුරුන් විසින්ද? මෙයට දින කිහිපයකට පෙරදී මෙම වගතුග අපට අසන්නට ලැබුණේ යාබද ආසියානු දේශයක් වන පාකිස්තානයෙනි. පාකිස්තානයේ හිටපු අගමැති සහ දැනට එරට විපක්ෂ නායකවරයා ලෙස සැලකෙන ඉම්රාන් ඛාන් විසින් මෙම ප්‍රකාශය සිදුකර තිබිණි. එහෙත් එය එසේ වන්නේ කෙසේද? ඉම්රාන් ඛාන් දැනට මාස 04කට පමණ පෙරදී එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර 03ක සිර දඬුවමකට යටත් කළේය.

ඒ අනුව මේ වන විට ඔහු එම සිර දඬුවම විඳිමින් සිටියි. පසුගිය වසර දෙකක පමණ කාලයක සිට පාකිස්තානයේ වත්මන් හමුදා රාජ්‍ය පාලනය සහ ඉම්රාන් ඛාන් අතර පවතින්නේ අතිශය දැඩි අර්බුදයකි. එනම් පාලක හමුදා රජය බොහෝ අවස්ථාවලදී ඉම්රාන් ඛාන් තාඩන පීඩනවලට ලක්කරමින් ඔහුගෙන් පලිගැනීම් සිදුකළේය. ඉම්රාන් ඛාන් වටා විශාල ජනතා පවුරක් නිර්මාණය වී තිබීම නිසා රජය නිරන්තරයෙන්ම සිටින්නේ දැඩි වෛරයකිනි. පසුගිය 2023 මැයි මාසයේදී ඔහු සිරභාරයට ගෙන නැවත අධිකරණ නියෝගයක් මත නිදහස් කෙරිණි. එහෙත් මෙවර ඔහුට ස්ථිර සිර දඬුවමක් නියම කළ අතර, එම දඬුවමෙන් තවම ගෙවීගොස් ඇත්තේ මාස 04ක පමණ කාලයකි.

ඉදිරි 2024 පෙබරවාරි මාසයේදී පාකිස්තානයේ මහ මැතිවරණයක් පැවැත්වීමට නියමිතව ඇති හෙයින් හමුදා පාලනය මේ වන විට ඉම්රාන් සිරගත කර තිබීම කුමන්ත්‍රණකාරී පසුබිමක්ද මවාපායි. පාකිස්තානයේ ප්‍රධානතම දේශපාලන පක්ෂය වන PTI පක්ෂයේ නිර්මාතෘවරයා සහ නායකයා වන්නේද ඉම්රාන් ඛාන්ය. ඒ අනුව ඉදිරි මහ මැතිවරණයන් සඳහා මෙම පක්ෂයද මේ දිනවල ඡන්ද ප්‍රචාරක කටයුතුවල නිරතව සිටියි. එහෙත් ඒ කටයුතු සියල්ලක්ම වන්නේ පක්ෂයේ නායකයා වන ඉම්රාන් ඛාන් සිරගෙදර සිටින විටදීය.

ඔබට මෙම අතීත වගතුග යමක් පැහැදිලි කර තැබුවේ මෙයට දින කිහිපයකට පෙරදී සිදුවූ සිද්ධිය වඩාත් පැහැදිලි කිරීම උදෙසාය. එනම් මෙම කතාවේ මුලින් ලියාතැබූ ඉම්රාන් ඛාන්ගේ එම ජනතා ප්‍රකාශය ඔහු සිදුකරන්නේ සිරගෙදර සිටියදීද? මෙම ප්‍රකාශය දැනට අනතර්ජාලය හරහා අපට පැහැදිලිව දැකිය හැකිය. එහි ඉම්රාන් ඛාන්ගේ රූප පෙළක් සහ විනාඩි 04ක් පුරා ගලායන වදන් පෙළක්ද අසන්නට ලැබෙයි. එනම් මෙම දර්ශනවලින් අර්ථවත් වන්නේ ඉම්රාන් ඛාන් සිරදෙර සිටිමින් තම පාකිස්තානු ජනතාව අමතන ආකාරයක්ය.

එහෙත් එවැන්නක් කිසිසේත්ම සිදුවී නොමැත. ස්ථිර සිර දඬුවමක් විඳිමින් සිටින සිරකරුවකුට සිරගෙදර තුළදී එවැන්නක් සිදුකිරීම සම්පූර්ණයෙන්ම තහනම්ය. එසේම එවැනි ක්‍රියාවක් දඬුවම් ලැබිය හැකි වරදක්ද වෙයි. දැන් අපි මෙම කතාවේ නිසි හැරවුම් ලක්ෂ්‍යය වෙත පැමිණි සිටින්නෙමු. එසේ නම් මෙහිදී සිදුව ඇත්තේ කුමක්ද? මෙම කතාව සැබෑ ලෙසම අපූරු රසවත් වගතුගක් ඉදිරිපත් කරයි. එය කුමක්දැයි සොයා බලමු.

මෙහිදී දැනට සිරගත කර සිටින හිටපු පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් තම මැතිවරණ ප්‍රචාරණ කතාව සිදුකරන්නේ කිසිදු ආකාරයකින් සිරගෙදර පරිශ්‍රය තුළ සිටියදී නොවේ. එනම් එය සිදුකරන්නේ නූතන පරිගණක තාක්ෂණය ආධාර කරගනිමිනි. එනම් එහිදී PTI පක්ෂයේ ක්‍රියාකාරීන් විසින් මෙම මෙහෙයුම සිදුකර ඇත. මෙහිදී පරිගණක විෂය තුළ සඳහන් වන කෘත්‍රිම බුද්ධිය (Artificial intelligence) නමැති තාක්ෂණය භාවිත කරමින් මෙම නිර්මාණය සිදුකර ඇත.

එම තාක්ෂණයට අදාළව ‘ක්ලෝනයක්’ බිහිකිරීම තුළින් ඉම්රාන් ඛාන්ගේ සැබෑ හඬ නිර්මාණය කර ඇත. එනම් ඉම්රාන් ඛාන්ගේ සජීවී කටහඬ භාවිත කරමින් මෙම නව දේශපාලනික කතාවට හඬකැවීම සිදුකර ඇත. පරිගණක තාක්ෂණයේදී ක්ලෝනයක් යනුවෙන් අර්ථවත් වන්නේ ‘සර්වසම යමෙක් හෝ යමක්’ යන්නය. එනම් යම් සජීවී පුද්ගලයකුගේ හෝ ද්‍රව්‍යයක හෝ කෘත්‍රිමව නිර්මාණය කෙරුණු සජීවී ප්‍රතිරූපයකි.

ඒ ආකාරයට යටකී සිදුවීමේදීද ඉම්රාන් ඛාන්ගේ සජීවී කටහඬ සහ දසුන් භාවිත කරමින් මෙම කෘත්‍රිම බුද්ධි ක්ලෝනය (AI Clone) නිර්මාණය කර තිබිණි. මෙය කෙතරම් තාත්විකව සිදුකර තිබේද යනු එය සැබෑ ලෙසම ඉම්රාන් ඛාන් සිරගෙදර සිට සිදුකරනු ලබන ජනතා ප්‍රකාශයක් ලෙස සිතිය හැකිය. විනාඩි 04ක කාලයක් තුළ ගලායන එම ප්‍රකාශය සැබෑ ලෙසම ජනතාව තුළ දැඩි විශ්වාසයක් ඇතිකිරීමට සමත්ව ඇත. පසුව PTI ක්‍රියාකාරීන් ප්‍රකාශ කර සිටියේ ‘ක්ලෝනකරණය’ භාවිත කරමින් එම නිර්මාණය සිදුකළ බවයි. මෙය ඉතා තාත්වික ආකාරයෙන් ප්‍රකාශ වන ආකාරය අපට අන්තර්ජාලය තුළින් දැකිය හැකිය.

PTI පක්ෂය විසින් දියත් කරන ලද මෙම වැඩපිළිවෙළ ඉම්රාන් ඛාන්ගේ කතාවටම පමණක් සීමා නොවිණි. එනම් මෙම නූතන තාක්ෂණික මැතිවරණ ප්‍රචාරණය සිදුකරන ලද්දේ සමාජ ජාල මාධ්‍යයන් කිහිපයක්ම හරහාය. සතියේ සඳුදා දිනකදී මෙය සිදුකෙරුණු අතර ඊට පෙර ඉරිදා දිනයේ රාත්‍රියේ සිටම එය ආරම්භ කෙරිණි. ඉන් පෙර දින කිහිපයකදී සිටම මෙම වැඩසටහන සඳහා විශාල ප්‍රචාරයක් ලබාදී තිබුණු අතර, එහිදී ප්‍රධාන වශයෙන් ප්‍රකාශයට පත්කෙරුණු සිරගත වී සිටින ඉම්රාන් ඛාන් බන්ධනාගාරයේ සිට ජාතිය අමතන බැව්ය. එහිදී මෙය සිදුවන්නේ කුමන ක්‍රමවේදයකටදැයි පැහැදිලි කළේ නැත. සමාජ මාධ්‍ය හරහා ප්‍රකාශ වූයේ මෙය අථත්‍ය රැලියක් (Virtual Rally) ලෙස පැවැත්වෙන බැව්ය.

‘අථත්‍ය රැලියක්’ යනු සයිබර් අවකාශය නොහොත් අන්තර්ජාලය හරහා පැවැත්වෙන ජන රැලියකි. පක්ෂ ක්‍රියාකාරීන් සහ පක්ෂයේ ප්‍රවීණ පරිගණක විශේෂඥයන්ගේ සහභාගිත්වයෙන් සයිබර් අවකාශ ජන රැලිය නිසි වේලාවට ආරමභ කෙරිණි. පැය 05ක් පුරා පැවැත්වුණු මෙම රැලියට මුලින්ම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන්ගේ කතා කිහිපයක්ම අයත් විය. ඊට අමතරව තවත් විවිධ විසිතුරු විශේෂාංගද අයත්වූ අතර, ජනතාව මිලියන ගණනක් එය නරඹන්නට වූහ.

ජනතාව දැඩි නොඉවසිල්ලෙන් බලා සිටියේ ඉම්රාන් ඛාන්ගේ කතාව සහ දසුන් නැරැඹීමටය. එහිදී ජනතා රැලියේ අවසාන අංගය වශයෙන් පැවැත්වුණේ ඉම්රාන් ඛාන්ගේ කතාවයි. එය විනාඩි 04ක කාලයක් පුරා සාර්ථකව ගලා ගියේය. ජනතාව මුලින් සිතුවේ මෙම කතාව සිරගෙදර සිට කරනු ලබන එකක් බවය. එහෙත් සංවිධායකයන් පසුව නිවේදනය කරනු ලැබුවේ එය ක්ලෝනකරණය හරහා නිර්මාණය කරනු ලැබූ එකක් බවය.

මෙම සිදුවීමේ අපූරු වගතුග හෙළිවන්නේ මෙතැනදීය. එනම් ඉම්රාන් ඛාන් තමන්ට ජනතාවට ප්‍රකාශ කරන්නට අවශ්‍ය වගතුග මුලින්ම ඉතා කෙටි සටහනක ලියා තබමින් එම ලියවිල්ල බන්ධනාගාරයට පැමිණෙන තම නීතිඥයන් වෙත ලබාදී ඇත. ඉන් පසුව එය පරිගණක තාක්ෂණික සමාගම වෙත ලබාදී ඇත. මෙලෙස ඉම්රාන් ඛාන්ගේ මෙම ආන්දෝලනාත්මක කතාව නිර්මාණය කර ඇත්තේ ලොව ප්‍රකට කෘත්‍රිම බුද්ධි පරිගණක තාක්ෂණික සමාගමක් වන ඇමෙරිකාවේ පිහිටුවා තිබෙන ‘ඉලෙවන්ලැබ්ස්’ (ElevenLabs) නමැති පරිගණක මෘදුකාංග සමාගම විසිනි. ඉතා ප්‍රකට සමාගමක් වන ඔවුන් මෙම කර්තව්‍යය ඉතා විශිෂ්ට අයුරින් සිදුකර ඇත. පරිශීලකයන් මිලියන 4.5ක් මෙම අථත්‍ය රැලිය නැරඹූ බවට කරුණු වාර්තා විය. Youtube හා Facebook හරහා එය ප්‍රචාරය විය.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

පොලොන්නරුවට පට්ට වැස්සක්! මහවැලියත් උතුරයි! මනම්පිටිය ඇතුලුව ගම් රැසක් යටවෙයි! ජලාශ රැසක වාන් දොරටු ඉබේ විවෘත වෙලා! VIDEO I Sri Lanka Latest News

Next Post

චෙක් කරනවා කියලා පොලිසිය ගෙවල්වලට ඇවිත් ගේ අනෙක් පැත්ත පෙරළලා බඩු විනාශ කරනවාද? එහෙම වුණොත් මොනවද කරන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.