• About us
  • Contact us
Sunday, July 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අවුරුද්දේ අන්තිම කැලෑ කොලම… සිරිපා සමය ඇරඹුනා ප්ලාස්ටික් නම් අරන් එන්න එපා I Sri Lanka Latest News

December 28, 2023
in Exclusive, Holiday, News
Reading Time: 2 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සීතල උඳුවප් මාසයත් සමගම 2023 අවුරුද්ද අවසන් වෙමින් පවතිනවා. ඔබට මේ ලියන්නේ 2023 අවුරුද්දේ අන්තිම කැලෑ කොලමයි. අද අපි ඔබගේ අවධානයට යොමුකරන්න සූදානම් වන්නේ ජෛව විවිධත්වයෙන් අනූන තවත් වටිනා පාරිසරික කලාපයක් වන ශ්‍රීපාද රක්ෂිතය හෙවත් සමනල අඩවිය පිළිබඳවයි.(Sri Lanka Latest News)

සමනල අඩවිය ඉහළ කඳුකර තෙත් කලාපයට අයත් පරිසර ප්‍රදේශයකි. වසරේ වැඩි කාලයක් වර්ෂාවෙන් පෝෂණය වන මෙම වනාන්තර අඩවිය කඳුකර තෙත් වනාන්තර කලාපයක් ලෙසයි පාරිසරික විශේෂඥයන් හඳුන්වා දෙන්නේ. විශාල කඳු පන්ති රැසකින් සමන්විත සමනල නුවරඑළිය, රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්‍රික් තුනට මායිම්ව පිහිටා තිබෙනවා. එම කඳු අතර ශ්‍රීපාද කන්ද මීටර් 2,243, බෑනසමනල කන්ද මීටර් 2,005ක්, මහාපිදුරුතලාව මීටර් 1,930ක්, හීන්පිදුරුතලාව මීටර් 1,502ක්, කුණුදිය පර්වතය මීටර් 1,580ක්, දෙතනගල මීටර් 1,829ක් උසින් යුක්ත වනවා. ඉතා අඳුරු වන ගහනයකින් යුක්ත මෙම පරිසර කලාපය ගුප්ත ස්වභාවයකින් යුතු වීම විශේෂත්වයක් ලෙස දක්විය හැකියි. නමුත් විවිධ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් දැඩි පාරිසරික හානියකට ලක්වෙමින් ඇති ප්‍රදේශයක් ලෙසද මෙම කලාපය හඳුන්වා දිය හැකියි.

ශ්‍රීපාද වන්දනා සමය ආරම්භයත් සමග පරිසරයට මුදාහැරෙන ප්ලාස්ටික් ඇතුළු විවිධ නොදිරන ද්‍රව්‍ය ප්‍රමාණය ටොන් සිය දහස් ගණනකි. 1815 සිට 1948 දක්වා අධිරාජ්‍යවාදීන්ගේ පාලන සමය තුළ සිදුකෙරුණු කෝපි හා තේ වගාවන් හේතුවෙන් සමනල රක්ෂිතයට සැලකිය යුතු වන ගහනයක් අහිමිව ගොස් තිබෙනවා. මෙකී සමනල අඩවි රක්ෂිතය, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් රක්ෂිත කලාප හතරකට බෙදා වෙන්කර ඇත.

සමනල ස්වභාවික රක්ෂිතය, පීල් විල්නස් ස්වභාවික රක්ෂිතය, මොරහෙල ස්වභාවික රක්ෂිතය සහ වලව නිම්නය එම රක්ෂිත හතරයි. මෙම රක්ෂිතවලට යාබදව පිහිටි අනෙක් රක්ෂිත වනාන්තර පද්ධතිය වන්නේ හෝර්ට්න් තැන්නයි. අතිදුර්ලභ ශාක, වැල් වර්ග හා බෙහෙත් පැළෑටි, මෙරටට ආවේණික ඕකිඩ් විශේෂ, දියකඳුරු හා මනස්කාන්ත ගිරිදුර්ග මෙම පරිසර කලාපයේ සුලබව දැකගන්නට ලැබෙනවා.

අප රටටම ආවේණික මැඩි විශේෂ, බත්කූරන්, සමනලුන්, ඒකදේශික කුරුල්ලන්, අංකටුස්සන්, විවිධ කෘමීන්, අඳුරු පරිසරයට ආවේණික ගොළුබෙල්ලන් සහ පෘෂ්ටවංශික සතුන්ද සුලබව මෙහිදී දැකගන්නට ලැබෙනවා. කැහිබෙල්ලා, රතු දෙමළිච්චා වැනි ඒකදේශික කුරුල්ලන්ද මෙම ප්‍රදේශයේ සුලබ දසුන්ය. එසේම අතිදුර්ලභ කළු කොටියන්ද මෙම පාරිසරික කලාපයේ වාසය කරන බව සනාථ කළ හැකි සාධක හමුවී ඇති අතර, හොඳින් වැඩුණු ශ්‍රී ලංකා කොටින් විශාල ප්‍රමාණයක්ද මෙහි වාසය කරනු ලබනවා.

කොර, වල්දෙල්, ඇටඹ, කටුබොඩ, කැකිරිවරා, ගල්කිරඳ, පුස්වැල් වැනි දුර්ලභ ශාකයන් මෙම කඳුකර ප්‍රදේශවලට ආවේණික තුරුලතා වනවා. රතුදම්, අරුද්ද, රත්බෙරලිය, පොල්හූනා, වනරාජ, පොකිය වැනි කුඩා ශාකද ඒ අතර දක්නට ලැබෙනවා.

ඉතා මනස්කාන්ත දියඇලි විශාල ප්‍රමාණයක්ද මෙහිදී දැකගත හැකිය. අබඩීන් ඇල්ල, ශ්‍රීපාද ඇල්ල, ගාඩ්මෝ ඇල්ල, මාපලාන ඇල්ල, බත්තුලුඔය ඇල්ල ඉන් කිහිපයකි. එසේම මෙරටට ආවේණික මත්ස්‍ය විශේෂ සහ උරග විශේෂ විශාල ප්‍රමාණයක්ද මෙහි දිවි ගෙවන බව හඳුනාගෙන ඇත. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සමනල ශ්‍රීපාද රක්ෂිත වනාන්තර කලාපය 1940 ඔක්තෝබර් 25 වැනි දින ගැසට් පත්‍රයක් මගින් සංරක්ෂිත ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත.

ඉහළ ජෛව විවිධත්වයකින් යුත් සමනල ශ්‍රීපාද පාරිසරික කලාපය අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂා කරගැනීම සෑම ශ්‍රී ලාංකිකයකුගේම වගකීමක් බව කැලෑ කොලමේ අපි අවධාරණය කර සිටිමු.

සමන් හල්ලොලුව

SendShareShare
Previous Post

අල්ලස් කොමිසමට සාමාජිකයන් පත්වෙයි! සභාපති පුටුව කීර්තිමත් විනිසුරු නීල් ඉද්දවෙලට! I Sri Lanka Latest News

Next Post

1. ඇමැති කෙහෙළිය..! 2. අතිරේක ලේකම් වෛද්‍ය රත්නායක..! 3. NMRA ප්‍රධාන විධායක නිලධාරියා…! CIDයට ප්‍රකාශයක් දෙන්න යන්න කලින්ම බාල බෙහෙත් සිද්ධියේ මහමොළකරුවන් තිදෙනා වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන රටට හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

දුවත් එක්ක තියෙන ප්‍රේම සම්බන්ධය නතර කරන ලෙස බල කරමින්, පොලිස් කාන්තාවක් පාසල් සිසුවෙකු පැහැරගෙන ගිහින් හොඳටම ගහලා I Sri Lanka Latest News
Exclusive

විනිසුරු විශ්‍රාම යාමේ වසර දෙකේ දීර්ඝය තවත් ක්ෂේත්‍ර රැසකට එයි! විශේෂඥ වෛද්‍යවරුන්ට පොලිසියට රස පරීක්ෂවරුන්ටත් දෙන්න සැලසුමක්! Sri Lanka Latest News

මාග්‍රට් තැචර් ලංකාවවට ආ වෙලාවේ යාපනය කොටුවේ සිරවී සිටි සෙබළුන් 250ක් බේරාගන්න දියත් කළ ඓතිහාසික රාත්‍රී මෙහෙයුම ඇතුළු තවත් මෙහෙයුම් රැසක්! හිටපු ගුවන් හමුදාපති ඔලිවර් රණසිංහයන්ගේ ස්වයංචරිතාපදානය එළිදකී! Sri Lanka Latest News

මුට්ටිය දාලා බැලුවේ කව්ද-කොහෙන්ද? මොන විරෝධය ආවත් වැඩේ කරනවා! අනුර ගත්ත තීන්දුවේම ඉඳියි! රාජ්‍ය රහස්! Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ආචාර්ය-උපාධි සටන අස්සේ උණුසුම් ඡන්ද සටනකින් මොරටුවේදී ජාජබය පරදා සජබය දිනයි! I Sri Lanka Latest News
Exclusive

නාඋල සමූපයත් පොදු විපක්ෂය දිනයි! මාලිමාවට 20යි! සජබය තනිවම 26ක් අරන්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගම් පෙරළිය දිගටම! කරුවලගස්වැව සමූප ඡන්දයෙන් සජබය ප්‍රමුඛ විපක්ෂය ජයගනී! Sri Lanka Latest News

රඹුක්කන නිරායුධ මිනිස්සුන්ට වෙඩි තියපු උන්ට වැඩ වරදින්නයි යන්නේ! (VIDEO)
Exclusive

පොලිස් උත්තමාචාර සහිතව සී.ඩී.ගේ අවසන් කටයුතු හෙට! Sri Lanka Latest News

Load More
දුවත් එක්ක තියෙන ප්‍රේම සම්බන්ධය නතර කරන ලෙස බල කරමින්, පොලිස් කාන්තාවක් පාසල් සිසුවෙකු පැහැරගෙන ගිහින් හොඳටම ගහලා I Sri Lanka Latest News
Exclusive

විනිසුරු විශ්‍රාම යාමේ වසර දෙකේ දීර්ඝය තවත් ක්ෂේත්‍ර රැසකට එයි! විශේෂඥ වෛද්‍යවරුන්ට පොලිසියට රස පරීක්ෂවරුන්ටත් දෙන්න සැලසුමක්! Sri Lanka Latest News

රාජ්‍ය සේවයට සම්බන්ධ ක්ෂේත්‍ර රැසක පවතින උග්‍ර සේවක පුරප්පාඩුව පියවා ගැනීම සදහා වන පිළියමක් ලෙස, එම ක්ෂේත්‍රවලට අදාලව විශ්‍රාම යන...

Read more
මාග්‍රට් තැචර් ලංකාවවට ආ වෙලාවේ යාපනය කොටුවේ සිරවී සිටි සෙබළුන් 250ක් බේරාගන්න දියත් කළ ඓතිහාසික රාත්‍රී මෙහෙයුම ඇතුළු තවත් මෙහෙයුම් රැසක්! හිටපු ගුවන් හමුදාපති ඔලිවර් රණසිංහයන්ගේ ස්වයංචරිතාපදානය එළිදකී! Sri Lanka Latest News

මාග්‍රට් තැචර් ලංකාවවට ආ වෙලාවේ යාපනය කොටුවේ සිරවී සිටි සෙබළුන් 250ක් බේරාගන්න දියත් කළ ඓතිහාසික රාත්‍රී මෙහෙයුම ඇතුළු තවත් මෙහෙයුම් රැසක්! හිටපු ගුවන් හමුදාපති ඔලිවර් රණසිංහයන්ගේ ස්වයංචරිතාපදානය එළිදකී! Sri Lanka Latest News

මුට්ටිය දාලා බැලුවේ කව්ද-කොහෙන්ද? මොන විරෝධය ආවත් වැඩේ කරනවා! අනුර ගත්ත තීන්දුවේම ඉඳියි! රාජ්‍ය රහස්! Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ආචාර්ය-උපාධි සටන අස්සේ උණුසුම් ඡන්ද සටනකින් මොරටුවේදී ජාජබය පරදා සජබය දිනයි! I Sri Lanka Latest News

නාඋල සමූපයත් පොදු විපක්ෂය දිනයි! මාලිමාවට 20යි! සජබය තනිවම 26ක් අරන්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

ගම් පෙරළිය දිගටම! කරුවලගස්වැව සමූප ඡන්දයෙන් සජබය ප්‍රමුඛ විපක්ෂය ජයගනී! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.