ඩෙංගු උණ රෝගය වැළදී රෝහල් ගත කළ යාපනය විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ අවසන් වසර සිසුවියක් ඊයේ (24) මියගොස් ඇත. (Sri Lanka Latest News)
ගුණරත්නම් සුපිනා නමැති 25 හැවිරිදි මෙම සිසුවිය දින කිහිපයක්ම උණ රෝගයෙන් පෙළීම නිසා යාපනයේ තෙලිපලෙයි රෝහලට ඇතුළත් කොට ඇත.
එහිදී සිදුකළ පරීක්ෂණවලින් ඇයට ඩෙංගු වැලඳී ඇති බව තහවුරු වීම නිසා ඇයව යාපනය ශික්ෂණ රෝහල වෙත මාරුකොට යවා ඇත.
මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය යාපනය ශික්ෂණ රෝහලේදී පවත්වා ඇතත් ඇයගේ මරණයට හේතුව නිශ්චිත වශයෙන් හඳුනාගැනීමට නොහැකි වීම නිසා ඇගේ ශරීරයේ අභ්‍යන්තර කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා කොළඹට එවා ඇත.
lankasara










