1994 වර්ෂයේ සිට මේ දක්වා විවිධ පක්ෂ විසින් බලය හෙබවූ රුවන්වැල්ල විවිධ සේවා සමූපකාරය මෙවර ජයග්‍රහණය කිරීමට සමගි ජන බලවේගය සමත්ව තිබේ.Sri Lanka Latest News
ඒ සම්බන්ධයෙන් දොස්තර තුසිතා විජේමාන්න මහත්මිය තබා තිබූ සටහන මෙසේය.
1994 වර්ෂයේ සිට මේ දක්වා රුවන්වැල්ල විවිධ සේවා සමූපකාර සමිතියේ පාලනය හෙබවූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය,පොදු ජන එක්සත් පෙරමුණ, එක්සත් ජනතා නිදහස් සන්ධානය හෝ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් ජයගත් කන්ඩායම මගිනි.
මොවුන්ගේ දූෂිත පාලනයන් නිමාවට පත් කරමින් සමගි ජන බලවේගය ඓතිහාසික ජයග්‍රහණයක් ලබමින්, එනම් පූර්ණ බලය(අධ්‍යක්ෂක මණ්ඩල සමාජිකයින් 9/9) හිමි කර ගනිමින් පාලන බලය,අද දින (2023-12-24) ලබා ගන්නා ලදී.
විවිධ බාධක මැදින් මෙම ජයග්‍රහණය ලබා ගැනීමට නන් අයුරින් සහාය ලබාදුන් සියළු දෙනාටම මාගේ ගෞරවණීය ස්තූතිය පුද කරන අතර ආදර්ශමත් අයුරින් පාලනය හෙබවීමට නව අධ්‍යක්ෂක මණ්ඩලය වෙත පැවරී ඇති වගකීමද ඔවුනට අවධාරණය කරමි.
“එක්ව එකට ජයගමු”
ස්තූතියි,මා ඔබේ හිතවත්, දොස්තර තුසිතා විජේමාන්න…










