අනෙකුත් ආහාර ද්‍රව්‍ය මෙන්ම ඇදිරි නීති සමයේ සිගරට් සහ මධ්‍යසාරද ගෙදරට ගෙනත් දීමේ ක්‍රමයක් සකස් කිරීමට එම ආයතන සූදානම් වන බවට තමන් වෙත තොරතුරු වාර්තා වී ඇති බවත්, වහාම එම තත්ත්වය වළකාලීමට පියවර ගන්නා ලෙසත් දුම්කොල හා මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරිය ආණ්ඩුවට දැනුම් දී ඇත.
එහි සභාපතිනිය වන වෛද්‍ය සමාධි රාපක්ෂ මහත්මිය ලිපියක් යොමු කරමින් මෙම දැනුම් දීම කර තිබේ.











