50 වැනි රාජ්‍ය නාට්‍ය උළෙලේ දී සභාව ඇමතු රාජ්‍ය නාට්‍ය උපදේශක සභාවේ සභාපති පරාක්‍රම නිරිඇල්ල මහතා විෂයභාර අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා දැඩි ලෙස විවේචනය කළේය.Sri Lanka Latest News
මෙම රාජ්‍ය නාට්‍ය උළෙල ඊයේ (19) පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික තරුණ සේවා සභාවේදී පැවැත් වුණි.
ඊට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික අමාත්‍ය විඳුර වික්‍රමනායක මහතා හා කලාකරුවන් රැසක් එක්ව සිටියහ.
මෙහිදි කෙටි හා දිගු වේදිකා නාට්‍ය වෙනුවෙන් රාජ්‍ය සම්මාන 60ක්, ජාත්‍යන්තර සම්මානලාභීන් සඳහා සම්මාන 5ක් ඇතුළු සම්මාන රැසක් පිරිනැමුණි.
මෙහිදී සභාව ඇමතු පරාක්‍රම නිරිඇල්ල මහතා මෙලෙස අදහස් දැක්වීය.
“ප්‍රජාතන්ත්‍රීය ආණ්ඩුක්‍රමයක් තියෙනවා කියන මේ මව්බිම මත, අපේ නාට්‍ය කේෂේත්‍රයේ හදගැස්ම දන්නේ ඒ කේෂ්ත්‍රයේම නියැලී සිටින අපි. ඒ දැනුම අනුව විදේශයන්හි අපේ මව්බිමේ නාමය සටහන් කළ කලාකරුවන් තිදෙනෙකුට හා කලාකාරියකට ඇගයිම් සම්මාන ලබාදීම සුදුසුයි කියලා අපි යෝජනා කළා. එසේ තිදෙනෙකු යෝජනා කළේ, මීට පෙර එලෙස ලබාදී තිබූ බව දැනගෙනයි. නාට්‍යවේදී ඩග්ලස් සිරිවර්ධන මහතාට 2023 දෙසැම්බර් 11 වෙනිදා ලිපියක් යවලා එක් අංශයකට එක් සම්මානයක් දෙන්න ප්‍රතිපත්තිමය තීරණයක් අරගෙන තිබෙන නිසා ඔහුට හිමිවිය යුතු සම්මානය ලබන අවුරුද්දේ දෙනවා කියලා…කවුද මෙවැනි ප්‍රතිපත්තියක් හදිසියේම හැදුවේ? මේ ගැන විමසීමේ දී දෙපාර්තමේන්තුවෙන් දැනගන්න ලැබුණේ ඇමතිතුමාගේ නියෝගයක් අනුව වෙනස සිදුකළ බවයි. මෙවැනි සිද්ධියක් මේ රටේ පමණක් නෙමෙයි. මේ ලෝකේ කොහේදීවත් සිදුවුණා කියලා මම අහලා නෑ. මේක නාට්‍ය කලාවලට මෙහෙවරක් කළ කලාකරුවෙකුට කළ අගෞරවයක්. සදාචාරයට පටහැනි දෙයක්. මකා දැමිය නොහැකි කිළුටක්. ඇමතිතුමාටත් අධ්‍යක්ෂවරියටත් ගැලපෙන ආකාරයට තීරණ හිතුමතේ වෙනස් කරන්න පුළුවන්නම් මම සහ අපි, මේ උපදේශක මණ්ඩලයේ සිටීමේ තේරුමක් නැහැ. මේ නිසා මම මේ වේදිකාවෙන් පහළට බසින මොහොතේ සිට රාජ්‍ය නාට්‍ය උපදේශක සභාවේ සභාපතීත්වයෙන් හා එහි සාමාජිකත්වයෙන් ඉවත්වෙනවා. මට කරන්න දේවල් තියෙනවා. මට එළියට බැහැලා නාට්‍ය නිර්මාණය කරන්න පුළුවන්. මට ජනතාව අතරට යන්න පුළුවන්.”










