අනූහය හැවිරිදි අට දරු මවක රිය අනතුරකින් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටියදී අනූහය වන උපන් දිනය සමරා දින හතකට පසුව පෙරේදා (18) දා මියගොස් ඇතැයි තලංගම පොලිසිය පවසයි. (Sri Lanka Latest News)
මෙසේ මියගොස් ඇත්තේ තලවතුගොඩ උතුවන්කන්ද පාර, අංක 202 /A හි පදිංචි ගමගේ මිසිනෝනා නමැති (96) හැවිරිදි අට දරු මවක බව පොලිසිය කියයි.
මෙම මව නිරන්තරයෙන් ඥාතීන් හා අසල්වාසීන් සමඟ සුහදශීලීව කටයුතු කරන මවක වන අතර දිනපතා එම නිවෙස්වලට ගොස් ඒම පුරුද්දක් කොට ඇත. ඒ අනුව අසල්වාසී ඥාති නිවසකට ගොස් උතුවන්කන්ද පාර ඔස්සේ යළි එමින් සිටියදී මාර්ගයේ ධාවනය වූ ත්‍රීරෝද රථයක ගැටී ඉකුත් 11 දා අනතුරක් වී තිබුණි.
ඒ අනුව ප්‍රතිකාර සඳහා තලවතුගොඩ ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකටත් ඉන්පසුව කළුබෝවිල ශික්ෂණ රෝහලටත් ඇතුළත් කොට ශල්‍යකර්මයකින් අනතුරුව මඳක් සුවවී නිවසට පැමිණ සිටියදී එළැඹි අනූහය වන ජන්ම දිනය සමරා සතුටින් කල් ගෙවමින් සිටියදී ඉකුත් (18) මියගොස් ඇති බව පොලිසිය කියයි.
පශ්චාත් මරණ පරීක්ෂණය අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය ජේ.ඩී.ඇම්.ඇස්. ප්‍රනාන්දු මහත්මිය විසින් අයි.ඩී.එච්. රෝහලේදී සිදුකර තිබූ අතර එහිදී රිය අනතුරකින් හිසට වූ බරපතල තුවාල මරණයට හේතුව බව නිගමනය කර තිබුණි.
එහිදී හදිසි මරණ පරීක්ෂිකා ප්‍රේමලතා අබේවර්ධන මහත්මිය මරණ පරීක්ෂණය තීන්දුව ප්‍රකාශ කරමින් රිය අනතුර සිදුකළ ත්‍රීරෝද රථයේ (27) හැවිරිදි රියැදුරු අත්අඩංගුවට ගෙන බලප්‍රදේශයේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද පොලිසියට නියෝග කළාය. සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.
gossiplankanews










