විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විවේකීව කාලය ගත කරද්දී බොහෝ විට පියානෝව වාදනය කරමින් සංගීත රසය විදින ආකාරයක් දැකගන්න පුලුවන්.Sri Lanka Latest News
අවස්ථා කීපයකදීම විපක්ෂනායකවරයා ප්‍රසිද්ධියේම පියානෝ වාදනය කරපු අවස්ථා රැසක්ම අපිටය පහුගිය කාලයේ දැකගන්න පුලවන් වුණා.
විශේෂයෙන්ම සංජීව් ලොන්ලියෙස්ගේ අමු සිංදුවලට විපක්ෂනායකවරයා විශේෂ ඇල්මක් දක්වනවා.
ඒ නිසාම අංජලී හේරත් රියැලිටි තරගය ජයග්‍රහණය කරද්දී මේ දෙන්නාටම උපහාරයක් වෙන්න ඇය විසින් ගයපු පිටකවරේ ගීතය වාදනය කරන්නටත් විපක්ෂනායකවරයා කටයුතු කළා.
පහත දැක්වෙන්නේ විපක්ෂනායකවරයා වාදනය කරන තවත් අමු සිංදුවක්!









