• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහින්ද කියනවා අත්වල ලේ තැවරිලා නෑලු! ඒ වුණාට ‌අල්මාරිය ඇරලා බලන්න! ලසන්ත වික්‍රමතුංග-තාජුඩීන්-ප්‍රදීප් එක්නැලිගොඩ-රවිරාජ්-ජෝසප් පරරාජසිංහම්ගේ ඇටකටු අල්මාරියේ ඇති! මුජිබර් මාර කතාවක් කියයි! VIDEO I Sri Lanka Latest News

December 19, 2023
in Exclusive
Reading Time: 5 mins read
A A
මුල් DNA වාර්තා දෙකේම නැති දෙයක් තුන්වන DNA වාර්තාවෙන් ආවේ කොහොමද? කව්ද මෙහෙම තීන්දුවක් ගත්තේ? සාරා මැරුණා කියලා මේක යටගහන්න හදන අදෘශ්‍යමාන හස්තය කාගේද? සහරාන්ගේ බිරිය හාදියාගේ කටඋත්තරයේ තියෙනවා සාරා ඉන්නවා කියලා! පොලිස් මාධ්‍ය ඒකකය මොකද්ද මේ කරන විහිළුව! මුජිබර් හදිසි මාධ්‍ය හමුවක් පවත්වා සාරා ගැන කතාකරයි! VIDEO
Share on WhatsAppShare on Facebook

බිත්තර ආනයනය කරන්න , බී ලූණු ආනයනය කරන්න රටට වෙළඳ ඇමැතිවරයෙක් අවශ්‍ය වන්නේ නැති බවත් රටේ තිබෙන අකාර්යක්ෂම පාලනය ඒ තුළින් පෙනෙන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවැසීය.Sri Lanka Latest News

ජානාධිපතිවරයා වැල් පාලමෙන් එගොඩ කළ රටේ මන්දපෝෂණය සියයට 40 දක්වා වැඩිවී ඇති බවත් රටේ ආර්ථිකය සියයට 40 කින් හැකිළි ඇති බවත් රටේ දරිද්‍රතා රේඛාවේ යටින්ම සිටින පිරිස ලක්ෂ 55 දක්වා වැඩිවී ඇති බවත් රටේ ආදායම් විෂමතාවය වැඩිවී ඇති බවත් ජනතාවගේ ක්‍රය ශක්තිය වැඩිවී ඇති බවත් රහුමාන් මහතා සඳහන් කළේය.

වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ජනාධිපති පුටුව ලබාදුන්න රාජපක්ෂලා සහ රාජපක්ෂලාගේ වංචා දූෂණ වලට සම්බන්ධ පිරිස් වැල් පාලමෙන් එගොඩ කළ බවත් ඔවුන්ට විරුද්ධව තිබෙන චෝදනා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා නීතිමය පියවර නොගන්නා බවත් මුජිබර් රහුමාන් මහතා කීය.

රට ගමන් කරන අගාධය තුළ ජනතාවට අවසානයේ ඉතිරි වන්නේ 2024 ජනවාරි මාසයේ සිට මහ පාරට පැමිණ රාජපක්ෂ වික්‍රමසිංහ පාලනය පලවා හරින්න උද්ඝෝෂණ කිරීම පමණක් බවත් රහුමාන් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ මහතා මේ බව පැවසුවේ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුජිබර් රහුමාන් මහතා මෙසේ පැවැසීය.

  ‘‘උත්සව කාලයේ භාණ්ඩවල මිල අඩු කරන්න ආණ්ඩුවට නොහැකි වෙලා තිබෙනවා.  අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල අසීමිත ලෙස ඉහළ ගිහින් තිබෙනවා. තානාපතිවරු හරහා බී ලුණු ලංකාවට ගෙන්වන බව රජය පවසනවා.  රටින් භාණ්ඩ ගේන්න මොකද රටට වෙළඳ ඇමැතිවරයෙක්.  වර්තමාන ආණ්ඩුව අකාර්යක්ෂම ආණ්ඩුවක් කියලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් කියනවා. 

ගොවියන්ට බෙදා දෙන්න ලෝක බැංකුවෙන් දුන්න බීජ අල මෙට්ට්‍රික් ටොන් 20,000 ක් සොයාගෙන තිබුණා. ඒ බීජ අල නරක් වෙලා. ලෝක ආහාර සංවිධානයෙන් ලබාදුන්න හාල් තොගයක් සොයා ගත්තා. ඒ හාල් තොගයත් නරක් වෙලා. මෙයින් පෙනෙන්නේ රාජ්‍ය යාන්ත්‍රණයේ අකාර්යක්ෂමතාවයයි.

ජනවාරි පළමුවැනිදා සිට ලඳරු ආහාර , බිත්තර , පොහොර , ඉන්ධන , වෛද්‍ය උපකරණ , ඖෂධ නිෂ්පාදන යන්ත්‍ර , කෘෂිකාර්මික අමතර කොටස් ඇතුළු භාණ්ඩ 97 කට අලුතින් වැට් බද්ද අය කරනවා. ඒ අනුව අනිවාර්යෙන් භාණ්ඩ හා සේවා මිල ඉහළ යනවා. මේ තුළින් ජනතාව තව තවත් පීඩාවට පත්වෙනවා.

2022 දී සිව් දෙනෙක් ඉන්න පවුලකට ජීවත් වෙන්න රුපියල් 80,000 ක් අවශ්‍ය වුණා. 2023 වනවිට සිව් දෙනෙක් ඉන්න පවුලකට ජීවත් වෙන්න රුපියල් 150,000 ක් අවශ්‍ය වෙනවා. මේ හරහා මධ්‍යම පාන්තික ජනතාව ඉතා අසීරු තත්ත්වයකට පත් වෙලා තිබෙනවා.

ජානාධිපතිවරයා කිව්වා වැල් පාලමෙන් රට එගොඩ කළා කියලා. වැල් පාලමෙන් එගොඩ කළ රටේ මන්දපෝෂණය සියයට 40 දක්වා වැඩි වෙලා තිබෙනවා. රටේ ආර්ථිකය සියයට 40 කින් හකුළුවලා තිබෙනවා. රටේ දුප්පත් දරිද්‍රතා රේඛාවේ යටින්ම සිටින පිරිස ලක්ෂ 55 දක්වා වැඩිවෙලා. රටේ ආදායම් විෂමතාවය වැඩිවෙලා. ජනතාවගේ ක්‍රය ශක්තිය වැඩිවෙලා.ජානාධිපතිවරයා වැල් පාලමෙන් එගොඩ කරපු තවත් පිරිසක් ඉන්නවා. ඒ තමයි රාජපක්ෂලාගේ වංචා දූෂණ වලට සම්බන්ධ පිරිස් වැල් පාලමෙන් එගොඩ කරලා තිබෙනවා. ජනාධිපතිවරයා රට අරගෙන යන්නේ විශාල අගාධයකට.

සීනි බදු වංචාවලට සම්බන්ධ පිරිස් , පොල්තෙල් වංචාවට සම්බන්ධ පිරිස් , සුදුලූණු වංචාවට , අසූචි පොහොර වංචාවට සම්බන්ධ , මේ කිසිවක් ගැන ජනාධිපතිවරයා කිසිදු පියවරක් මේ වනතුරු අරගන්න උත්සහ කරලා නෑ.

රටේ වර්තමාන පාලකයන් රටේ ආර්ථිකය ගොඩගන්න කිසිදු කැප කිරීමක් සිදුකරලා නෑ. ඔවුන් කැපකිරීම් කරන්නේ නැතුව ජනතාවගේ පොකට් එකට විදින්න උත්සහ කරනවා. ආර්ථිකය බංකොලොත් කළ රාජපක්ෂවරුන්ගේ වරප්‍රසාද කප්පාදු කරන්න ජනාධිපතිවරයා කිසිදු පියවරක් අරගෙන නෑ. ජනතාව ගෙවන බදුවලින් රාජපක්ෂලා තවම නඩත්තු වෙනවා. ඒ වරප්‍රසාද කපා හැරලා ජනතාවට සහනයක් ලබාදෙන්න වික්‍රමසිංහ ජනාධිපතිවරයාට අවශ්‍යතාවයක් නෑ.

රට ගමන් කරන අගාධය තුළ ජනතාව ඉතිරි වන්නේ 2024 ජනවාරි මාසයේ ඉදලා පාරට ඇවිත් රාජපක්ෂ වික්‍රමසිංහ පාලනය පලවා හරින්න උද්ඝෝෂණ කිරීම පමණයි. රටේ වංචා දූෂණ වළක්වන්න වික්‍රමසිංහ ජනාධිපවරයා කවදාවත් පියවර ගන්නේ නෑ. වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ජනාධිපති පුටුව ලබාදුන්න රාජපක්ෂලාට විරුද්ධව කවදාවත් නීතිමය පියවර ගන්නේ නෑ.

කිසිදු ප්‍රසම්පාදන කටයුත්තකින් තොරව රටේ සම්පත් විදෙස් රටවලට විකිණීමට වර්තමාන රජය කටයුතු කරගෙන යනවා. ලබන ජනවාරි වනවිට මත්තල ගුවන් තොටුපළ රුසියානු සමාගමකට දෙන්න සාකච්ඡා කරන බව ආරංචි වෙලා තිබෙනවා. කිසිදු විනිවිදභාවයකින් යුක්ත ගණුදෙනුවක් වික්‍රමසිංහ රාජපක්ෂ පාලනය තුළ සිදුවෙන්නේ නෑ.

2005 සිට 2015 දක්වා කාලය තුළ මහින්ද රාජපක්ෂගේ පාලන කාලය තුළ ලසන්න වික්‍රමතුංග , තාජුඩීන් , කීත් නොයාර් , පෝද්දල ජයන්ත , ප්‍රදීප් එක්නැගිගොඩ, රවි රාජ් , ජෝසප් පරරාජසිංහම් මේ කියපු නම් වලින් කිහිප දෙනෙක් ඝාතනයට ලක්වුණා. මහින්ද රාජපක්ෂගේ අත්වල ලේ තැවරිලා නැති වෙන්න පුලුවන්. නමුත් මේ ඝාතනය වුණු පිරිසගේ ඇටකඩු මහින්ද රාජපක්ෂගේ අල්මාරියේ තිබෙනවා. මේ මරණ වලට කිසිදු සාධාරණයක් තවම ඉටු වෙලා නෑ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ශානි අබේසේකර මරන්න උත්සහ කරන්නේ මේ මරණ වල තොරතරු රැසක් හොයා ගත්තේ ශානි අබේසේකර නිසයි.

රටේ ප්‍රධාන ඇඟලුම් කර්මාන්ත 10 ක් මේ වනවිට වහලා තිබෙනවා. 6000 කට අදවනවිට රැකියා අහිමිවෙලා තිබෙනවා. රටට කිසිදු ආයෝජකයෙන් එන්නේ නෑ. රට ගැන ආයෝජකයන්ට විශ්වාසයක් නෑ. අලුත් ජනවරමකට යා යුතු බව අපි කියන්නේ ඒ නිසයි. විකෘති පාර්ලිමේන්තුවක් සහ ජනවරමක් නැති ජනාධිපතිවරයෙක් නිසා රට දවසින් දවස අගාධයට ගමන් කරනවා.

වැඩබලන පොලිස්පතිවරයා රටේ පුරවැසියෙකුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබාදීලා තිබෙනවා.
ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස් කොමිසමට දන්වලා තිබෙනවා ඔහු සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්න කියලා. ඔහුට දඩයකුත් නියම කරලා තිබෙනවා. ඒ අනුව ජනාධිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාගේ වැඩ නවත්වන්න ඕන. වැඩබලන පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදී තිබෙන තීන්දුව සම්බන්ධයෙන් රටේ පාලකයන් නිශ්ශබ්දව කටයුතු කරනවා. ඒ ගැන රටේ පාලකයන්ට කිසිදු ගැටලුවක් නෑ. රටේ සිදුවන සෑම දෙයක්ම මේ ආකාරයට තමයි සිද්ද වෙන්නේ.‘‘

SendShareShare
Previous Post

රට යන්නේ කොතනටද? ගිය මාසෙ බාල වයස්කාර ගැහැනු ළමයින් 10ක් ගැබ් අරන්! මාස 11ට බාල වයස්කාර මව්වරු 2000ක් වාර්තා වෙලා! බරපතළ සමාජ සහ නීතිමය ගැටලුවක්!  I Sri Lanka Latest News

Next Post

පොලිස් මෙහෙයුමේ දෙවන පැය විසිහතරේ ප්‍රතිපල මෙන්න! 2166ක් අල්ලයි! 14කගේ වත්කම් හොයන්න තීන්දුයි! 226ක් පුනරුත්ථාපනයට! 66 දෙනෙකුට එරෙහිව රැඳවුම් නියෝග! I Sri Lanka Latest News

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.