• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මතකද ඒ දවස්වල තැන් තැන්වල ගෑස් ටැංකි පිපිරුණා! හිටිහැටියෙම නතර වුණා! ඔන්න දැන් වැඩේ පත්තු වෙලා! ලිට්‍රෝ සමාගමට උසාවි එන්න කියලා සිතාසි නිකුත් ‌කරලා! බලමු කුමන්ත්‍රණයක්ද එහෙමත් නැත්නම් ඇත්තටම පිපිරුණාද කියලා! I Sri Lanka Latest News

December 18, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
මතකද කාලයක් ගෑස් සිලින්ඩර් පිපිරුණා..! පරීක්ෂණයක් කළා වෙච්ච දෙයක් නෑ! ඔන්න අද ආයෙත් පිපිරිලා! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලිට්රෝ ගෑස් සමාගමට අයත් ගෑස් ටැංකියක් පුපුරා යාමෙන් තමාට සිදුවූ හානිය වෙනුවෙන් රුපියල් මිලියන 500ක් අයකර දීමට නියෝගයක් ලබා දෙන ලෙස ඉල්ලා කඩවත ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ගොනු කර ඇති පැමිණිල්ලක් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ජනවාරි මස 5 වන දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා ලිට්රෝ ගෑස් සමාගමට සිතාසි නිකුත් කරන ලෙස කොළඹ දිසා විනිසුරු කේ.වී.එම්.පී. ද සිල්වා නියෝග කළා ය.Sri Lanka Latest News

දළුපිටිය පාර, මහර, කඩවත, ලිපිනයෙහි පදිංචි එස්.ඒ. ඩිස්නා ශිරානි සිය නීතිඥ ජයමුදිතා ජයසූරිය මගින් පෙනී සිටිමින් ගොනු කළ පැමිණිල්ලක් පිළිබඳව සලකා බැලීමෙන් අනතුරුව අධිකරණයෙන් එසේ නියම කෙරිණි.

ඉකුත් 2021 වසරේ නොවැම්බර් 6 වන දින හෝ ඊට ආසන්න දිනකදී තම ස්වාමිපුරුෂයා ඉහත සඳහන් විත්තිකාර සමාගමට අයත් කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් ටැංකියක් නිවසට රැගෙනවිත් පැමිණිලිකාරියට භාරදීමෙන් පසු අත්‍යවශ්‍ය කටයුත්තක් සඳහා ඔහු නිවෙසින් පිටව ගිය බව ද ඇය එම පැමිණිල්ල මගින් පෙන්වා දී ඇත.

සිය ස්වාමිපුරුෂයා නිවසින් පිටව යාමෙන් මඳ වේලාවකට පසු එම ගෑස් ටැංකිය පුපුරා යාම හේතුවෙන් තමා බරපතළ ලෙස පිළිස්සීමට ලක්ව තුවාල ලැබූ බවත් මේ හේතුව නිසා තමාට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සැත්කමකට පවා භාජන වීමට සිදුවූ බවත් ඇය පෙන්වා දී තිබේ.

මෙම අනතුරට පත්වීමට පෙර පවුලේ ආදායම් මාර්ගය ලෙස ආහාර අලෙවිසලක් තමා පවත්වාගෙන ගිය බවත් සිය ස්වාමිපුරුෂයා ද ව්‍යාපාර කටයුතුවල නිරතව සිටි බවත් එහෙත් මෙම අනතුර හේතුවෙන් එම කටයුතු ඉදිරියට කරගෙන යාමට නොහැකිව තම පවුලේ ආදායම් මාර්ග අතරමග නැවතී පවුලේ අය දැඩි ආර්ථික අර්බුදයකට පත්වූ බව ද ඇය පෙන්වා දී ඇත.

මෙම අනතුර සම්බන්ධයෙන් සිය ස්වාමිපුරුෂයා පෑලියගොඩ පොලිස් ස්ථානයට, පාරිභෝගික කටයුතු අධිකාරියට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට හා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහජන පෙත්සම් සභාව වෙත පැමිණිලි ඉදිරිපත් කළ බව ද ඇයගේ පැමිණිල්ලේ සඳහන් ය.

මෙම අනතුරත් සමග සිය පවුලේ ආර්ථිකය කඩා වැටී අසරණභාවයට පත් වුව ද විත්තිකාර සමාගම තම පවුල වෙත කිසිදු වන්දි මුදලක් මේ දක්වා ලබා දී නොමැති බව ද ඇය පෙන්වා තිබේ.

තම පවුලේ ආර්ථිකයට සිදුවූ පාඩුව වෙනුවෙන් දින 14ක් ඇතුළත තම පවුල වෙත වන්දියක් ගෙවන ලෙස දන්වමින් සිය නීතිඥවරිය වන ජයමුදිතා ජයසූරිය මගින් ඉකුත් ඔක්තෝබර් මස 20 වන දින විත්තිකාර සමාගමට එන්තරවාසියක් යැවූ නමුත් මේ දක්වා එම සමාගම ඊට කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බවත් ඇයගේ පැමිණිල්ලේ සඳහන් ය.

මෙම අනතුර සිදුවූ කාලවකවානුව තුළ විත්තිකාර සමාගම විසින් බෙදාහරින ලද ගෑස් ටැංකි නියැදිවල ඉහළ ප්‍රොපේන් ප්‍රතිශතයක් අඩංගුවීම හේතුවෙන් සිලින්ඩරය තුළ ඇතිවූ පීඩනය වැඩිවීම මෙම අනතුර සිදුවීමට මූලික හේතුව බව ද ඇය පෙන්වා දී ඇත.

ඉහත සඳහන් විත්තිකාර සමාගමේ ගෑස් ටැංකිය නිවස තුළදී පිපිරීම හේතුවෙන් තමාගේ ශරීරය තුළ පිළිස්සුම් තුවාල ඇතිවීම, ශරීර කොටස් අකර්මණ්‍ය වීම, ශ්‍රවණ හා අක්ෂි රෝග තත්ත්වයන්ට ගොදුරු වීම, තුවාල සුවකර ගැනීම සඳහා ශල්‍යකර්ම සිදුකිරීම යන කරුණු නිසා ඇතිවන පීඩාවන් හා වේදනාවන්වලින් ජීවිත කාලය පුරාවට ම තමන්ට මානසික වේදනාවක් විඳීමට සිදුව ඇති බව ද ඇය සිය පැමිණිල්ල මගින් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

SendShareShare
Previous Post

මිල්කෝ සභාපති රේණුක ඉල්ලා අස්වෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ඒගොල්ලෝ ඔක්කොම යාළුවෝ මල්ලී…! මහින්ද-රනිල්-දිලිත්-වජිර…! අලුත්ම පින්තූරේ…! I Sri Lanka Latest News

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News
Exclusive

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.