• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම උණුසුම් වෙයි! වැට් එකට ආණ්ඩුවේ මන්ත්‍රීවරු එකදිගට විරුද්ධව කතා කරයි! මහින්දානන්ද-මායාදුන්න වාදය ගහගන්න තරමට දුරදිග යයි! I Sri Lanka Latest News

December 17, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම උණුසුම් වෙයි! වැට් එකට ආණ්ඩුවේ මන්ත්‍රීවරු එකදිගට විරුද්ධව කතා කරයි! මහින්දානන්ද-මායාදුන්න වාදය ගහගන්න තරමට දුරදිග යයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රැස්වීම තීරණාත්මකයි!

පසුගිය සඳුදා පාර්ලිමේන්තු රැස්වීම ආණ්ඩු පක්ෂයට ඉතා තීරණාත්මක එකක් වී තිබිණි. සඳුදා පෙරවරුවේ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පැවැතියේ මෙවැනි තීරණාත්මක පසුබිමක් මධ්‍යයේය. ඒ කෙසේ වෙතත් වැට් බද්ද වැඩිකිරීමට ආණ්ඩුව ගත් තීරණය සම්බන්ධයෙන් කිසිදු තැනක අදහස් දැක්වීමට අවස්ථාව නොලැබුණු ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරු දිනේෂ්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ඒ සඳහා වේදිකාවක් බවට පත්කර ගැනීමට කටයුතු කළහ. ඒ අනුව රැස්වීම ආරම්භ වූ වහා කතාකිරීමට පටන් ගත් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් වැට් බද්ද ඉහළ දැමීමට ආණ්ඩුව ගත් තීන්දුව දැඩිව විවේචනය කිරීමට පියවර ගත්හ. එම දෙබරයට මුලින්ම ගල ගැසුවේ සරත් වීරසේකරය.Sri Lanka Latest News

වීරසේකර පටන් ගනී!

‘මොනවද අගමැතිතුමා මේ කරන වැඩ? මේවා කරලා අපි කොහොමද ගමට යන්නේ? ඉස්සෙල්ලාම ක්‍රිකට් ප්‍රශ්නෙ ආවා. ඒකෙන් අපේ මන්ත්‍රීවරුන්ට ගමට යන්න බැරි වුණා. දැන් වැට් ප්‍රශ්නය ඇවිත්. ඒක ඊට වඩා හපන්. මේ මගුල් කරන්න ගිහින් අපිට ගමට යනවා තියා අපේම මිනිස්සුන්ට මුහුණ දෙන්න පුළුවන්කමකුත් නෑ. අපි අනන්‍යතාවක් තියෙන පක්ෂයක්. අපි මොන තරම් අමාරුකම් තිබ්බත් ජනතාව පිට කවදාවත් ඒ බර පැටෙව්වෙ නෑ. අපි මිනිස්සුන්ට කියපු දේවල් ටිකක් තියෙනවා…’ යනුවෙන් කියමින් සරත් වීරසේකර සටන පටන්ගනිද්දී ඊට පිළිතුරු ලබාදීමට පියවර ගත්තේ අගමැතිවරයා සමග ප්‍රධාන මේසයේ අසුන්ගෙන සිටි මුදල් රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටියය. ඔහු පෙන්වා දුන්නේ මෙම බදු වැඩිකිරීම හරහා ජනතාවට පීඩාවක් සිදුවන බව පිළිගන්නා නමුත් පවතින වාතාවරණය හමුවේ මෙම බදු පැනවීම අත්‍යාවශ්‍ය වී ඇති බවකි. විශේෂයෙන්ම අඟහරුවාදා දිනයේ මූල්‍ය අරමුදලද රැස්ව ලංකාව සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට සූදානමින් සිටින බැවින් ඊට පෙර මෙම බදු සංශෝධනය සිදුකොට රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීමට ආණ්ඩුව සූදානම් බව පෙන්වා දිමට පියවර ගත යුතු බවද සියඹලාපිටිය පෙන්වා දුන්නේය.

මනුෂගෙනුත් චෝදනාවක්!

ඉන් අනතුරුව කතා කළේ ඇමැති මනුෂ නානායක්කාරය. මනුෂද කියා සිටියේ තමන්ටද මෙම බදු පැනවීම සම්බන්ධයෙන් ප්‍රහ්නයක් ඇති බවත්, මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සිදුකරන අත්තනෝමතික කටයුතු හේතුවෙන් බරපතළ ගැටලු ගණනාවක් මතුව ඇති බවත්ය.
‘මේ බදු ගහන එක සම්බන්ධයෙන් මටත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මේ මන්ත්‍රිවරු කියන කතාව ඇත්ත. මෙහෙම කරලා අපිට ගමට යන්න බෑ තමයි. බදු අයකරගන්න වෙන කොච්චර ක්‍රම තියෙනවද? ඒවා කරන්නේ නැතිව මුදල් අමාත්‍යාංශයේ ඉන්න සමහර නිලධාරීන් එක එක ගැසට් ගහනවා. මන්ත්‍රීවරුන් අහන ප්‍රශ්නවලට අපිට උත්තර දෙන්නත් බෑ. ඒක නිසා මේ ප්‍රශ්නවලට මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ටම ඇවිත් උත්තර දෙන්න කියන්න….’ යනුවෙන් කියමින් මනුෂද පහර දෙද්දී සංජීව එදිරිමාන්නද මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට චෝදනා එල්ල කරමින් අදහස් දැක්වීම විශේෂ සිදුවීමක් විය.

සංජීවත් එකතු වෙයි!

‘මෙ අය කොහොම බදු අයකරනවද කියල මටත් තේරෙන්නේ නෑ. දැන් අපෙත් ආදායම් බදු ලිපිගොනු හදලා තියෙනවා. හැබැයි ඒවායෙත් රුපියල් 10,000, 15,000 වගේ වෙනස්කම් තියෙනවා. ඉතින් හරියට බදු ලිපිගොනුවක් හදාගන්න බැරි මුදල් අමාත්‍යාංශය කොහොමද මේක කරන්නේ කියන එක ප්‍රශ්නයක්.’ යන්න සංජීවගේද අදහස විය.
ඉන් අනතුරුව කතා කළේ ජගත් කුමාරය. ජගත්ද කියා සිටියේ ජනතාව මේ බදු වැඩිකිරීම හේතුවෙන් මහත් පීඩාවට පත්ව සිටින බවය.
‘දැන් මිනිස්සු ඉන්නේ හතරගාතේ වැටිලා. මේ ආර්ථික ප්‍රශ්නය පොඩි මිනිස්සුන්ට හොඳට දැනෙනවා. ළමයින්ට කන්න දෙන්න විදියක් නෑ. ඉස්කෝලෙ යවන්න විදියක් නෑ. ගොවියන්ට වගාකරන්න විදියක් නෑ. එහෙම තියෙද්දී තෙල්වලට ගෑස්වලට කරන්ට් එකට මේ වැට් එක වැදුණම මිනිස්සුන්ට තවත් අමාරු වෙනවා. අපිට ආයෙමත් මේ මිනිස්සු ඡන්දෙ දෙන එකක් නෑ. ඒක නිසා මම නම් කියන්නේ රටේ ප්‍රශ්න කියලා මේ බදු වැඩි කළත් ඉතා ඉක්මනින් මේක අඩු කරලා ජනතාවට සහන දෙන්න ඕනෙ කියලයි.’ යන්න ජගත්ගේ ස්ථාවරය විය.

ගුටිගහගන්න ලෑස්තියි!

කෙසේ වෙතත් මේ ආකාරයට ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගේ ප්‍රහාර හමුවේ උණුසුම් වී තිබුණු ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ගුටිබැට ඇනගන්නා තරමට උණුසුම් වූයේ මහින්දානන්ද හා පුත්තලමේ මන්ත්‍රී චින්තක මායාදුන්න අතර ඇතිවූ උණුසුම් සංවාදය හේතුවෙනි. ඊට හේතු වූයේ මහින්දානන්ද කී කතාවකට චින්තක උත්තර දීමට ඉදිරිපත් වීමය.
‘මේ මන්ත්‍රීවරු කියන කතාව ඇත්ත. මෙහෙම වැට් එක වැඩිකරලා අපිට ගමට යන්න බෑ. නමුත් දැන් අපිට වෙන කරන්න දෙයක් නෑ. මේක අපි හදාගත්ත ආණ්ඩුව. අපි ඒක ආරක්ෂා කරගන්න ඕනේ. අපේ මුදල් රාජ්‍ය ඇමැතිතුමන්ලා කියනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහායෙන් මේ ප්‍රශ්නෙන් ගොඩ එන්න පුළුවන් කියලා. මේ වැට් බද්ද වැඩිකරන එක සම්මත කරගත්තොත් 12 වැනිදා මූල්‍ය අරමුදල අපිට දෙවැනි වාරිකය නිදහස් කරන්න තීරණය කරයි කියලා කියනවනේ. මම නම් දන්නේ නෑ ඒ ගැන. හැබැයි ඒක වෙනවා නම් අපි ඕන කෙහෙම්මලක් වෙන්න කියලා මේකත් කරලා දාමු…’ යනුවෙන් මහින්දානන්ද කියද්දී ඊට විරෝධය පළකරමින් කතා කළේ පුත්තලමේ මන්ත්‍රී චින්තක මායාදුන්නය.

ඇජෙන්ඩා කතාවට යකා නගී!

‘මම නම් කවුරුත් කියන ඒවා අහන්නේ නෑ. මේ බදු ගැහිල්ලෙන් මිනිස්සු අමාරුවෙ වැටෙන එකයි වෙන්නේ. ඒ නිසා මම නම් මේකට ඡන්දෙ දෙන්න එන්නෙ නෑ…’ යනුවෙන් චින්තක කියද්දී මහින්දානන්ද ඊට පිළිතුරු දුන්නේ, ‘ඇජෙන්ඩා’ (න්‍යායපත්‍ර) කතාවක්ද ඉදිරියට දමමිනි.
‘එහෙම කොහොමද කරන්නේ? එහෙම තනි තනියෙන් තීන්දු ගන්න බෑ. අපි පක්ෂයක් විදියට තීන්දුවක් ගත්තා නම් ඔක්කොම ඒ තීන්දුවෙ ඉන්න ඕනෙ. එහෙම එක එක්කෙනාගෙ පෞද්ගලික ඇජෙන්ඩාවලට මෙතන වැඩ කරන්න බෑ. ඔයා ඉතින් ඊට කලිනුත් ආණ්ඩුවට ඡන්දෙ නොදී හිටිය කෙනෙක්නේ.’ යැයි කියමින් මහින්දානන්ද, ‘ඒවා තියාගන්න එපා’ යැයි තරමක් සැරෙන් කියද්දී චින්තක මායාදුන්නද ඊට එකට එක කියමින් මහින්දානන්දට අභියෝග කළ ආකාරයක් දැකගත හැකි විය.

දෙදෙනාම නැගිටියි!

‘ඔබතුමා මේ මොනවද කියන්නේ? අපිද එක එක ඇජෙන්ඩාවල හිටියේ? ඔබතුමාලා තමයි එක එක ඇජෙන්ඩාවල ඉඳලා ගිය ආණ්ඩුව වැට්ටුවේ.’ යැයි කියමින් චින්තකද මහින්දානන්දගෙන් ගේම ඉල්ලද්දී මහින්දානන්දද, ‘ඇයි ඇයි මොකද? මොකද්ද කියන්නේ’ යනුවෙන් කියමින් පුටුවෙන් නැගී සිටි ආකාරයක් දැකගත හැකි විය.
මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මහින්දානන්දත් චින්තකත් දෙදෙනාම එක ළඟ අසුන් දෙකක වාඩිවී සිටි නිසා චින්තකද ‘ඇයි ඇයි මොකද ගහගන්නද?’ කියමින් නැගී සිටි නිසා ගුටි කෙළියක් ආරම්භ වීම අත ළඟ බව දෙදෙනා වටේ සිටි මන්ත්‍රීවරුන්ට වැටහිණි. ඒ අනුව වහාම දෙදෙනාම අල්ලාගෙන දෙපැත්තට කරමින් මන්ත්‍රීවරුන් ඇවිලීමට ගිය ගුටි කෙළියක් ආයාසයෙන් යුතුව නවතා ගැනීමට සමත් විය.

පරණ ‌කෝන්තරයක්!

‘මට ඔබතුමාගෙ අත්දෙක අල්ලලා වඳින්න හරි පුළුවන්. හැබැයි ඇජෙන්ඩා ගැන කියාගෙන එන්න එපා’ යනුවෙන් චින්තක පසුව මහින්දානන්දට කියද්දී මහින්දානන්දද, ‘නෑ නෑ හරි මල්ලි ඒක ඉවරයි. අපි අපි කෝන්තර තියාගන්න ඕනෙ නෑ’ යැයි කියමින් වාදය අවසන් කළ ආකාරයක් දැකගත හැකි විය. ඒ සමගම වාගේ පාර්ලිමේන්තුව කැඳවන සීනුව නාද වීම හේතුවෙන් ආණ්ඩු පක්ෂයේ සියලු මැති ඇමැතිවරුන් සාකච්ඡාව අවසන් කොට සභාගැබ දෙසට පිටව ගිය ආකාරයක් දැකගත හැකි විය. එහිදී පසුපෙළ මන්ත්‍රීවරු මහින්දානන්ද සහ චින්තක එක වරම මෙසේ ඇවිලී යෑමට හේතු වූ කරුණු පිළිබඳ එකිනෙකාගෙන් විමසා සිටීමට පියවර ගත්හ. එහිදී දෙදෙනාගේ යටගියාව දත් බොහෝ මන්ත්‍රීවරුන් කියා සිටියේ මෙම කෝන්තරය අද ඊයේ ඇතිවූවක් නොව, ගෝඨාගේ ආණ්ඩු සමයේ සිටම පැවැතෙන එකක් යැයි කියාය. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට සම්බන්ධ සිදුවීමක් ඊට මුල්වී ඇති බවක්ද එහිදී කියවිණි. කෙසේ වෙතත් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම සම්පූර්ණයෙන්ම වැඩිකිරීමට නියමිතව තිබූ වැට් බද්දට විරෝධය පළකරමින් කතා කළ එකක් වුවද එහි කිසිදු තීරණයකට නොපැමිණි බැවින් ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් බොහෝ දෙනා සාකච්ඡාවෙන් පිටව ගියේ වැට් බදු වැඩිකිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨයන්ට ලුණු ඇඹුල් ඇතිව බැණවදිමිනි.

රාජ්‍ය රහස්!

SendShareShare
Previous Post

අනුර කියනවා මට හන්තානේ හෝටල් තියෙනවාලු! අනුරලා ව්‍යාපාරයක් කරලා තියෙනවාද? රස්සාවක් කරලා තියෙනවාද? ඉතින් උන් ‌කොහොමද රටක් කරන්නේ? සුජීව යටින්ම අඹරලා දෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

විපක්ෂයට විවාදය නොදී වැට් එක පාස් කරගන්න ආණ්ඩුව පාර්ලිමේන්තුව ඇතුළේ ගහපු ගේම! සේමසිංහ බර කරට ගනී! සුසිල් විරුද්ධ වෙයි! ජනපතිගේ කාමරයේ තීරණාත්මක සාකච්ඡාවක්! I Sri Lanka Latest News

MORE NEWS

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News
Exclusive

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

Load More
ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාභයගේ නඩුවට නාමල් රාජපක්ෂත් අධිකරණයට.. Sri Lanka Latest News

Read more
ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.