• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

ගැහැනියෙක් මිනිහෙක් කිරීමයි මිනිහෙක් ගැහැනියෙක් කිරීමයි හැර ඕන දෙයක් කරන්න පුළුවන් කී පාර්ලිමේන්තුවට ක්‍රිකට් ලොක්කන් ගෙදර යවන්න බැරි වුණු හැටි! උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

December 16, 2023
in Exclusive, Gurudawa
Reading Time: 6 mins read
A A
ගැහැනියෙක් මිනිහෙක් කිරීමයි මිනිහෙක් ගැහැනියෙක් කිරීමයි හැර ඕන දෙයක් කරන්න පුළුවන් කී පාර්ලිමේන්තුවට ක්‍රිකට් ලොක්කන් ගෙදර යවන්න බැරි වුණු හැටි! උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලංකාවේ ජනාධිපති තේරී පත්වී ඉන්නේ මහජන ඡන්දයකින් නොවේ. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ ඡන්ද 134කිනි. එයින් පේන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 134ක් ඡන්දෙ දුන්නාම ලංකාවේ විධායක ජනාධිපති තෝරා පත්කරගත හැකි බවය.Sri Lanka Latest News

1964දී පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු බහුතරයක් එක් වී එවක ලංකාවේ අගමැති බණ්ඩාරනායක මැතිනිය ගෙදර යැවූහ. ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවේ දෝෂාභියෝග යෝජනාවක් අනුමත කොට ජනාධිපති ගෙදර යවන්න පුළුවන. මේ නිකම් ජනාධිපති කෙනෙක් නොව මහජන ඡන්දයෙන් පත් වෙච්ච ජනාධිපති කෙනෙක්ය.

ඒ වගේම පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයකින් මන්ත්‍රීවරයෙක් ගෙදර යවන්න පුළුවන. 1980 ජේ.ආර්.ගේ ආණ්ඩුව බණ්ඩාරනායක මැතිනියට මන්ත්‍රී ධුරය අහිමි කළේ පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කරලාය. ඇයගේ ප්‍රජා අයිතිය අහෝසි කළා පමණක් නොව ඇයට වසර 7ක් යන තෙක් ඡන්දයට ඉදිරිපත් වීමේ ඡන්දය දීමේ ප්‍රජා අයිතියද අහෝසි කරනු ලැබීය.

2012දී ලංකාවේ පාර්ලිමේන්තුව අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකව ගෙදර යැවූහ. ලංකාවේ අගවිනිසුරුවරයෙක් ගෙදර යවන්න පුළුවන් එකම ක්‍රමය පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කරලාය.

1972 ජනරජ ව්‍යවස්ථාවක් සම්මත කොට එවක බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුව බි්‍රතාන්‍යයේ මහ රැජිනට ලංකාවෙන් වහාම ඉවත් වෙන්න කීවේය. තුනෙන් දෙකක බලයෙන් බි්‍රතාන්‍ය කිරීටයේ බලය අහෝසි විය. එතෙක් ලංකාව බි්‍රතාන්‍ය කිරීටයට යටත් විය.

1978 ජේ.ආර්.ගේ ආණ්ඩුව පාර්ලිමේන්තුවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගෙන අගමැති ජේ.ආර්. විධායක ජනාධිපති ලෙස පත්කර ගත්තේය. එදා ජේ.ආර්. කීවේ අද පාර්ලිමේන්තුවට කරන්න බැරි ගැහැනියක් මිනිහෙක් කිරීම පමණක් කියාය.

‘ගැහැනියෙක් මිනිහෙක් කිරීමත්, මිනිහෙක් ගැහැනියක් කිරීමත් හැර හයෙන් පහක බලයක් ඇති පාර්ලිමේන්තුවට අන් ඕනෑම දෙයක් කළ හැකිය’

මේ, ජේ.ආර්. එදා ආඩම්බරයෙන් කී කතාවය.

2015 මෛත්‍රී ජනාධිපති වී පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කරගෙන විධායක බලතල අගමැතිට පවරා දුන්නේය.

2019 ගෝඨා ජනාධිපති වී මෛත්‍රී අගමැතිට පවරපු බලය යළි තමන්ට පවරා ගත්තේය.

මේ ඔක්කොම කළේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයකිනි. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ගන්න එක ලේසි නැත. මහින්ද 2011 දී යළිත් වරක් ජනාධිපති ධුරයට තරග වදින්න ව්‍යවස්ථාව වෙනස් කරගන්න තුනෙන් දෙක හදාගත්තේ විපක්ෂයේ මන්ත්‍රීවරු බාගෙනය.

මෛත්‍රී 2015 ජනාධිපති වී 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගත්තේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ව අල්ලස් කොමිසමට ගෙන යන බවට බය කරලාය. 2019 ජනාධිපති වූ ගෝඨාභය විධායක බලය යළි තමන්ට පවරාගත්තේ විපක්ෂයේ සුළු පක්ෂ මන්ත්‍රීවරු එකතු කරගෙනය.

එසේ තිබියදී පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් නොව මුළු පාර්ලිමේන්තුවේ 225ම එක්වී පසුගියදා යෝජනාවක් සම්මත කරගත්හ. එනම් ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ෂම්මි සිල්වා ඇතුළු ක්‍රිකට් පාලක මණ්ඩලය ගෙදර යවන යෝජනාවය. ලංකාවේ පාර්ලිමේන්තුවේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගත්හ. ආණ්ඩුවත් විපක්ෂයත් එක් වුණත් ඊට විරුද්ධව සරත් වීරසේකර මන්ත්‍රීවරයා ඡන්දය දුන් නිසා එය 225ම එක්වූ අවස්ථාවක් නොවීය.

හැබැයි 225ම එක්වී ක්‍රිකට් පාලක මණ්ඩලය ගෙදර යවන්න යෝජනාවක් සම්මත කරගත්හ. ඒ යෝජනාව ඉදිරිපත් කළේ එවක ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහය. යෝජනාව සම්මත වූ දිනට පසු දින ෂම්මි සිල්වා ආසියානු ක්‍රිකට් මණ්ඩල සභාපති ජේ ෂාට කතා කළේය. ඉන් පසු ෂම්මි සිල්වා රනිල් හමුවූ බව මාධ්‍ය වාර්තා කළේය. ඉන් පසු රනිල් ජේ ෂාට කතා කළ බව නව ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේ කීවේය. ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ලියුම් ලියා ක්‍රිකට් තහනම් කළ බව සජිත් පාර්ලිමේන්තුවේ කීවේය. වැඩි දවසක් ගියේ නැත. රනිල් ක්‍රීඩා ඇමැති රොෂාන් ඉවත් කොට හරීන් ක්‍රීඩා ඇමැති බවට පත් කළේය. දැන් හරීන් හිටපු ක්‍රීඩා ඇමැති රොෂාන් පත්කළ අතුරු කමිටුව ගැසට් පත්‍රයකින් අහෝසි කර ඇත. රොෂාන් ගැසට් එකකින් අතුරු කමිටුවක් පත්කළ විට රනිල් කීවේ රොෂාන් අතුරු කමිටුව පත්කිරීමට පෙර කැබිනට් මණ්ඩලය දැනුවත් කළ යුතුව තිබුණු බවය.

‘දැන් හරීන් රොෂාන්ගේ අතුරු කමිටුව අහෝසි කරන්න පෙර කැබිනට මණ්ඩලය දැනුවත් කළාද…?’

මේ කැබිනට් මණ්ඩලයේ ඉන්නේ ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවා හැරිය යුතුය කියන යෝජනාවට අත ඔසවපු ඇමැතිවරුය. ඒ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ සජිත්ය. එය අනුමත කළේ නිමල් සිරිපාලය. ඒ වගේම ඒ අතුරු කමිටුවේ විජයදාසගේ පුත් රඛිත රාජපක්ෂ සිටියේය. ප්‍රසන්න රණතුංගගේ සහෝදරයා අර්ජුන රණතුංග එහි සභාපති විය.

‘හරීන් අතුරු කමිටුව අහෝසි කරන කොට දිනේෂ්, නිමල්, අර්ජුන, විජයදාස හිටියේ කොහේද…?’

ඒක නම් කියන්න දන්නේ නැත. හැබැයි අද ක්‍රිකට් පාලක මණ්ඩලය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225 ජෝක් එකක් බවට පත්කොට ඇත.

‘උඹලාට ජනාධිපතිලා එළවන්න පුළුවන්. අගවිනිසුරුලා එළවන්න පුළුවන්. අගමැතිලා එළවන්න පුළුවන්. ගැහැනියෙක් මිනිහෙක් කරන්නයි, මිනිහෙක් ගැහැනියෙක් කරන්නයි හැර ඕනෙ දෙයක් කරන්න පුළුවන්. හැබැයි අපිව එළවන්න බැහැ…’

මේ, අද ක්‍රිකට් පාලක මණ්ඩලය පාර්ලිමේන්තුව කෝචොක් කරන විදියය.

රනිල්, රොෂාන් රණසිංහට සහ සජිත්ට පමණක් නොව ක්‍රිකට් පාලක මණ්ඩලය ගෙදර යවන්න ඡන්දය දුන් ඔහුගේම ඇමැති මණ්ඩලයටත් මන්ත්‍රීවරුන්ටත් පාඩමක් උගන්වන්න හරීන්ව ක්‍රීඩා ඇමැති කොට ක්‍රිකට් පාලක මණ්ඩලය ආරක්ෂා කොට පෙන්නුවේය.

වහාම පළාත් පාලන ඡන්දය පවත්වන්න යැයි අධිකරණය තීන්දුවක් දී දැන් බොහෝ කල්ය. ඒ තීන්දුව එහෙමම තිබියදී රනිල් මැතිවරණ කොමසාරිස්ව ගෙදර යවා අලුත් මැතිවරණ කොමසාරිස්වරයෙක් පත්කර ගත්තේය. අධිකරණ තීන්දුවට වෙච්ච දෙයක් නැත.

ක්‍රිකට් පාලක මණ්ඩලය ගෙදර යවන්න පාර්ලිමේන්තුවේ 225ම අත් ඉස්සූහ. එම යෝජනාව එසේ තිබියදී රනිල් ක්‍රීඩා ඇමැති වෙනස් කොට වෙනත් ක්‍රීඩා ඇමැතිවරයෙක් පත් කළේය. යෝජනාවට වෙච්ච දෙයක් නැත.

ලංකාවේ ක්‍රිකට් තහනම පිටුපස ඇත්තේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රශ්නයක් නොව රනිල් සහ රොෂාන් රණසිංහ අතර ඇති ප්‍රශ්නයකි. රනිල් රටේ ජනාධිපති ලෙස මැදිහත් වී ක්‍රීඩා ඇමැති රොෂාන්ට ඉන්දියාවේ ක්‍රිකට් පාලක මණ්ඩල සභාපති සමග සාකච්ඡා කරන්න දුන්නා නම් ක්‍රිකට් පාලක මණ්ඩලය ගෙදර ගොස් බොහෝ කල්ය. ක්‍රිකට් පාලක මණ්ඩලය ක්‍රීඩා ඇමැති ආසියානු ක්‍රිකට් කවුන්සිලයට කතා කිරීමට බාධා කළේය. රනිල් සහ හරීන් ක්‍රිකට් පාලක මණ්ඩල සභාපති ෂම්මි සමග ඛඡඛ 2023 තරගය බලන්න ගියේ රොෂාන් රණසිංහව හලලාය. රොෂාන්ව පන්නන ගේම පටන්ගත්තේ එදාය. රටේ ජනාධිපති ක්‍රීඩා ඇමැති රොෂාන්ව පිළිගන්නේ නැහැ කියන පණිවුඩය ආසියානු ක්‍රිකට් කවුන්සිලයට ගියේ එදාය.

ගැහැනියක් මිනිහෙක් කිරීම හෝ මිනිහෙක් ගැහැනියක් කිරීම හැර අන් ඕනෑම දෙයක් පාර්ලිමේන්තුවේ හයෙන් පහක බලයකින් කළ හැකි යැයි ජේ.ආර්. එදා කීවේය. හයෙන් පහක් නොව 225ම කැමැති වුණත් ක්‍රිකට් පාලක මණ්ඩලය අයින් කරන්න බැරි බව ජේ.ආර්.ගේ බෑණා රනිල් පෙන්නුවේය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

බර උස්සලා 400ක් පරද්දලා අපේ කොල්ලෙක් මැලේසියාවේදී දෙවැනියා වෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

පොහොට්ටුවේ ඊළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා හිටියේ මහින්ද-බැසිල්-නාමල් මැද්දෙද? ඊයේ සමුළුවේදී දුන්නේ නිල නොවන සිග්නල් එකක්ද? I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.