ශ්‍රී ලංකාව බංකොලොත් බවට කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැති බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.Sri Lanka Latest News
ඔහු පවසන්නේ, එම අවස්ථාවේ සිදු කළේ තාවකාලිකව ණය ගෙවීම අත්හිටුවීම පමණක් බවයි.
රට ආර්ථික අර්බුදයට ලක්වූ අවස්ථාවේ ජත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට නොහැකි වූයේ නම්, අර්බුදය තවදුරටත් තීව්‍ර වන බව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කර ඇත.
මේ අතර, ඉදිරි මැතිවරණයේ දී ජය ලබාගන්නා ඕනෑම ආණ්ඩුවක් මෙම වැඩපිළිවළ ඉදිරියට රැගෙන යාමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් ද මහබැංකු අධිපතිවරයා අදහස් පළ කර තිබේ.








