• About us
  • Contact us
Sunday, July 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අලි ඇතුන්ට නම් තියන්නේ කොහොමද? I Sri Lanka Latest News

December 14, 2023
in Exclusive, Holiday, News
Reading Time: 5 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අද අපි කතාකරන්න යන්නේ ටිකක් වෙනස් මාතෘකාවක් ගැන. ඒ තමයි අපේ රටේ ජීවත් වෙන අලි ඇත්තුන්ට නම් තබන්නේ කොහොමද කියන දේ. ඒ ගැන කතාකරන්න අපි සමග ඉන්නවා උසකාTuskers Sri Lanka සමූහයේ ආරම්භක සාමාජිකයකු වන චන්දික ලක්මාල් මහත්මයා.(Sri Lanka Latest News)

චන්දික මුලින්ම කියන්න අලි ඇතුන් නාමකරණය සිදුකරන්නේ ඇයි, ඒක සිද්ධ වෙන්නේ කොහොමද කියන එක ගැන?

අපි මුලින්ම වනජීවී ඡායාරූප ලබාගන්න වනාන්තරවලට යනකොට දකිනවා වන අලින් විශාල වශයෙන් සැරිසරනවා. නමුත් ඒ සත්තු දිගටම ඒ ප්‍රදේශයේ ඉන්නවද, වෙනත් ප්‍රදේශවලට මාරුවෙනවද, උන්ගේ ප්‍රමාණය, වගේ දේවල් ගැන කවුරුවත් ඒ වෙද්දී අධ්‍යයනයක් කරලා තිබුණේ නෑ. උදාහරණයක් විදියට යාල අභයභූමියේ දකින අලියා පහුවදා ලුණුගම්වෙහෙර ප්‍රදේශයේදී දකින්න ලැබෙනවා. ඒ සත්තු නිසි පරිදි ලේඛනගත වෙලා නැති නිසා ඔවුන්ව හඳුනාගැනීමේ දුෂ්කරතාවක් තිබුණා. ඇතැම් වෙලාවට දඩයක්කරුවන් විසින් වන අලියෙක් ඝාතනය වුණාම ඒ ඝාතනය වුණේ කොයි අලියාද කියන එක හොයාගැනීම අපහසු වුණා. ඒ හේතුව නිසා තමයි අපි මේ අලින් ලේඛනගත කරන්න ඕනෙ කියන තීරණයට එළැඹුණේ.

2017දී විතර මේක ආරම්භ කළේ අපි දන්න ප්‍රසිද්ධ ඇතුන් පදනම විදියට අරගෙන. ඒ අනුව ‘පානම දළ පූට්ටුවා 001’ එක කියන එකෙන් පටන් අරගෙන අපි ළඟ ඡායාරූප, වාර්තා තියෙන අලි ඇත්තු ටික නාමකරණය කළා. මේ වෙද්දී 001 ඉඳලා ඇත්තු 256 දෙනෙක්ගේ ලේඛනයක් අපි හදලා තියෙනවා. ඒ ලේඛනයට ජීවත්ව සිටින සහ මියගිය ඇතුන් ඇතුළත් වෙනවා. තවත් 5 දෙනෙක් විතර ඉන්නවා ලේඛනයට ඇතුළත් නොකරපු. ඒකට හේතුව තමයි ඒ අයව නිශ්චිතව හඳුනාගැනීමට නොහැකි වීම. සමහර වෙලාවට ඇත්තුන්ගෙ දළ ළංවෙනවා, ඈත් වෙනවා, කන් ඉරාගන්නවා, දළ කඩාගන්නවා. ඒත් එක්කම හොඬවැලේ සහ කන්වල තියෙන ගෝමර රටාව, දළවල හැඩය වගේ කරුණු ගොඩක් හොඳින් අධ්‍යයනය කරලා තමයි ඒ සතුන්ව ලේඛනගත කරන්නේ. ඒක තරමක කාලයක් ගතවෙන වැඩක්.

මේ ලේඛනය සකස් කරන්න ඔබට සහාය දෙන්නේ කවුද?

සුරාජ් පෙරේරා, ජනක බණ්ඩාර, මිලින්ත වත්තෙගෙදර, සදීප, රවීන්ද්‍ර, නාමල් කමල්ගොඩ වගේ පිරිසක් මුල ඉඳලම හිටියා. ඒ අය ළඟත් හඳුනාගත්ත ඇතුන් හැටක හැත්තෑවක විතර ඡායාරූප තිබුණා. ඊට අමතරව මා සතුවත් ඡායාරූප රාශියක් තිබුණා. ඒ විදියට මේක අපි කරගෙන යද්දී ස්වාධීන ඡායාරූප ශිල්පීනුත් අපේ සංගමයට බැඳිලා ඒ අය සතුව තිබුණු ඇතුන්ගෙ ඡායාරූපත් අපට එවන්න පටන්ගත්තා. ඒ විදියට එවන ඡායාරූප සහ අපි සතුව තියෙන ඡායාරූප අපි සසඳලා බලලා අපි සතුව නැති ඇතකුගේ ඡායාරූපයක් ලැබුණොත් ඒ සතාව අපේ ලේඛනයට අලුතෙන් එකතු කළා.

ඒ විදියට ඇතෙක් හඳුනාගත්තාම කේත අංකයක් සමග ඒ ඇතාට විශේෂ නමකුත් ඔබ ලබාදෙනවා හඳුනාගැනීමේ පහසුව පිණිස. මේ නම ලබාදෙන්නේ මොන පදනම යටතේද?

උදාහරණයක් විදියට ඔබට සහ මට ජාතික ඇඳුනුම්පත් අංක 2ක් තියෙනවා. නමුත් ඔබගේ අංකය කිව්වා කියලා කාටවත් ඔබව මතකයට එන්නේ නැහැ. ඔබේ නම කිව්වොත් තමයි ඔබව මතක් වෙන්නේ. ඒ නිසා සතා පිළිබඳ විස්තරාත්මක අධ්‍යයනයක් කිරීමේ පහසුව පිණිස කේත අංකයක් ලබාදෙනවා. නමුත් නමක් ලබාදෙන්නේ ඒ සතාව මතක තබාගැනීමේ පහසුව පිණිසයි. මේ ඇත්තු ගම්වල, හේන්වල, කුඹුරුවල ඉන්නකොට ඒ අවට මිනිස්සු ඒ සත්තුන්ව නිතර දකිනවා.

ඒ මිනිස්සුම ඒ ඇත්තුන්ට විවිධ නම් දානවා. උදාහරණයක් විදියට ‘ගල්ගමුවේ චණ්ඩි’ කියලා කියන්නේ ගමේ මිනිස්සු දාපු නමක්. නම වගේම තමයි එයා චණ්ඩියෙක්. දැන් වෙඩි තියලා තුවාල වෙලා හිටියට ඉස්සර නම් ජීප් එකක් දැක්කාම එළවගෙන එනවා. හොරොව්පතානෙ ඉඳලා වැටවල් කඩාගෙන ආපු එහෙම වෙන ඇතෙක් නෑ. ඒ නම දාලා තියෙන්නේ ගමේ මිනිස්සු. එහෙම කවුරු හරි දැනටම නමක් දාලා තියෙනවා නම්, ඒ නමම අපි අපේ ලේඛනයටත් යොදාගන්නවා.

ඊට අමතරව අතීතයේ අපේ රටේ අලි ඇතුන් නරඹන එක විනෝදාංශයක් විදියට පටන්ගත්ත කාලේ දාපු නමුත් තියෙනවා. ටෙන්ජිස් කාන්, කුප්ලායි කාන්, ස්ටාර් කියන්නේ ඒ වගේ දාපු නම්. පොඩි පූට්ටුවා, මහ පූට්ටුවා කියන්නේ සතාගේ ශරීර ලක්ෂණයක් පදනම් කරගෙන දාපු නම්. ඒ නමුත් අපේ ලේඛනයට ඇතුළත් කරලයි තියෙන්නේ. ඒ වගේම වනජීවී ඡායාරූප ශිල්පීන් අපට ඇතකුගේ ඡායාරූපයක් එව්වාම අපි කරන්නේ අපි සතුව තියෙන ඡායාරූප ගොන්න පරීක්ෂා කරලා ඒ සතාගේ පින්තූරයක් අපි ළඟ තියෙනවද කියන එක බලන එකයි.

අපි ළඟ නැති සතෙක් නම් අපි ඒ පින්තූරෙ එවපු කෙනාටම කියනවා ඒ ඇතාට නමක් යෝජනා කරන්න කියලා. ඒ විදියට කවුරු හරි කෙනෙක් ඇතෙක් අපට හොයලා දෙන එකේ ගොඩක් හොඳ පැත්තක් තියෙනවා. ඒ තමයි, ඒ කෙනා තමන් හොයා දීපු ඇතා ගැන නිරන්තරයෙන් අවධානයෙන් ඉන්න පටන්ගන්න එක. අවුරුද්දට කිහිප සැරයක් ඒ වනගත ප්‍රදේශයට ගිහින් ඒ සතා ගැන හොයලා බලනවා. ඒක ඒ ඇතාගේ ආරක්ෂාවටත් ලොකු පිටිවහලක්.

එහෙමත් නැතුව කවුරුවත්ම දැකලාවත් නැති ඇතෙක් ගැන තොරතුරු ලැබුණොත් අපි කරන්නේ ඒ සතා ජීවත් වෙන ප්‍රදේශය හා බැඳුණු ඓතිහාසික පුරාවෘත්ත තියෙනවද කියලා බලන එක. එහෙම නැත්නම් ඇතාගේ දේහ ලක්ෂණ හෝ විශේෂ ලකුණක් තියෙනවා නම් ඒ අනුවත් ඇතාට අපි නමක් දානවා. ඒ විදියට දාපු නමක් තමයි ‘අග්බෝ’ කියලා කියන්නේ. ඒ නම යොදන්න පසුබිම වුණේ ‘අග්බෝ’ ඉන්නේ අනුරාධපුර ආශ්‍රිතව. අනුරාධපුර හිටපු කීර්තිමත් රජ කෙනකු වූ අග්බෝ රජතුමාගේ නම තමයි අපි මේ සතාට දැම්මේ.

‘කාවන්තිස්ස’ කියන ඇතාට ඒ නම දැම්මේ ඔහු වටා ඉන්නවා විශාල අලි ඇත්තු පිරිසක්. දසමහා යෝධයන් පිරිවරාගෙන හිටපු කාවන්තිස්ස රජතුමා වගේ හැඟීමක් ඇතිවෙන්න තමයි ඒ සතාට ‘කාවන්තිස්ස’ කියන නම දාලා තියෙන්නේ. ඒ නම මීට ගොඩක් කාලෙකට සජිත් ප්‍රේමදාස මහත්තයා තමයි දාලා තියෙන්නේ මම හිතන විදියට.

පොම්පරිප්පුවල ‘විජය’ට ඒ නම දාලා තියෙන්නේ විජය කුමාරයා ගොඩබැහැපු පැත්තේ ජීවත් වෙන නිසා. ‘සුබාහු’ කියලා ඇතෙක් හිටියා. ගජබාහු රජ්ජුරුවන්ගේ මහ සෙනෙවියා වුණු නීලමහා යෝධයාගේ ඇත්ත නම තමයි ‘සුබාහු’ කියන්නේ. එයා හිටියේ ගජබාහු රජ්ජුරුවන්ගේ හමුදා කඳවුරක් පිහිටා තිබුණු නවගත්තේගම ප්‍රදේශයේ. ‘සුබාහු’ ටික කාලෙකට කලින් මැරුණා විදුලිසර වැදිලා. කරුවලගස්වැව ඉන්නවා ‘සිංහබාහු’ කියලා ලස්සන ඇතෙක්. එයාගේ පෙනුම ‘සිංහරාජා’ට 99%ක්ම සමානයි. ඒ නිසාම තමයි අපි එයාට ‘සිංහබාහු’ කියන නම තිබ්බේ. ඒ වගේ කුමක් හෝ හේතුවක් ඇතුව තමයි ඇතෙකුට නමක් දාන්නේ. ඊට අමතරව වනජීවීන් වෙනුවෙන් විශාල සේවයක් කරපු කෙනෙක්ව සිහිවෙන්නත් නම් දාන වෙලාවල් තියෙනවා.

ඇතුන්ව ආරක්ෂා කරගන්න, ඒ සතුන්ගේ සුබසාධනය වෙනුවෙන් Wild Tuskers Sri Lanka සමූහයේ අනාගත වැඩපිළිවෙළ මොකක්ද?

අප සතු මේ දත්ත වනජීවී අමාත්‍යාංශයත් එක්ක හුවමාරු කරගැනීම ගැන අපි සාකච්ඡා කරමින් යනවා. මොකද ලංකාව ඇතුළේ තියෙන නීතිමය රාමුව අනුව වන සතුන් වෙනුවෙන් දෙයක් කරනවා නම් වනජීවී අමාත්‍යාංශයත් එක්ක කටයුතු කරන්න ඕනේ. ඊට අමතරව ඇතුන් නරඹන්න යන්න අපෙන් තොරතුරු ලබාගන්නා පිරිසකුත් ඉන්නවා. ඒ වෙලාවට අපි කරන්නේ අපි තොරතුරු ලබාදීලා, ඒ ඇතා ඉන්න ප්‍රදේශයේ ගම්වැසියෙක්වත් ඒ අයට හඳුන්වා දෙනවා.

එතකොට මනුස්සයටත් යම් ආදායමක් ලබාගන්න පුළුවන් අර සංචාරකයන්ගෙන්. අලි ඇතුන් කියන්නේ කරදරයක් කියලා හිතන ගම්වැසියන්ට ඒ හරහා යම් සුබදායී හැඟීමක් ඇතිවෙන්න පටන්ගන්නවා. අලි ඇතුන් කියන්නේ තමන්ටත්, ගමටත්, රටටත් ආර්ථිකමය වශයෙන් සහනයක් ලබාගන්න පුළුවන් සත්ව කොට්ඨාසයක් කියලා ඔවුන් තුළ මතයක් ඇතිවෙනවා. අන්න ඒ අවබෝධය මිනිස්සු තුළ ඇතිකරන එක තමයි අපේ මූලිකම අරමුණ. ඒ වගේම අපේ දත්ත එකතුව තවත් පුළුල් කරලා, වනජීවී ඡායාරූප ශිල්පීන්, වන අලි ඇතුන්ට ආදරේ කරන පිරිස් එක තැනකට ගෙන්වලා ඒ තොරතුරු එළිදක්වන්නත් අපි අපේක්ෂා කරනවා. ඒ හරහා දවසකට එක කණ්ඩායමක් හරි ඇතුන් බලන්න ගමකට ගියොත් ඒ මිනිස්සුන්ගෙන් ඇතුන්ට තියෙන තර්ජන ඔක්කොම නැතිවෙනවා.

සමන් හල්ලොලුව

SendShareShare
Previous Post

බිත්තරය 65යි! ලොකු ළූණු 440යි! දැන් තියාම කඩවල්වල බඩු නගින්න පටන් අරන්! I Sri Lanka Latest News

Next Post

Operation Successful..! Patient Dead..! Medical Equipment VAT..! මෙහෙයුම සාර්ථකයි..! ලෙඩා මළා..! වෛද්‍ය උපකරණවලටත් වැට්! රනිල් පාර්ලිමේන්තු ඇවිත් කරපු අයවැය කතාවට විවාදයේ අන්තිම කතාව කරමින් විපක්ෂනායක සජිත් දීපු උත්තරේ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

දුවත් එක්ක තියෙන ප්‍රේම සම්බන්ධය නතර කරන ලෙස බල කරමින්, පොලිස් කාන්තාවක් පාසල් සිසුවෙකු පැහැරගෙන ගිහින් හොඳටම ගහලා I Sri Lanka Latest News
Exclusive

විනිසුරු විශ්‍රාම යාමේ වසර දෙකේ දීර්ඝය තවත් ක්ෂේත්‍ර රැසකට එයි! විශේෂඥ වෛද්‍යවරුන්ට පොලිසියට රස පරීක්ෂවරුන්ටත් දෙන්න සැලසුමක්! Sri Lanka Latest News

මාග්‍රට් තැචර් ලංකාවවට ආ වෙලාවේ යාපනය කොටුවේ සිරවී සිටි සෙබළුන් 250ක් බේරාගන්න දියත් කළ ඓතිහාසික රාත්‍රී මෙහෙයුම ඇතුළු තවත් මෙහෙයුම් රැසක්! හිටපු ගුවන් හමුදාපති ඔලිවර් රණසිංහයන්ගේ ස්වයංචරිතාපදානය එළිදකී! Sri Lanka Latest News
Exclusive

මාග්‍රට් තැචර් ලංකාවවට ආ වෙලාවේ යාපනය කොටුවේ සිරවී සිටි සෙබළුන් 250ක් බේරාගන්න දියත් කළ ඓතිහාසික රාත්‍රී මෙහෙයුම ඇතුළු තවත් මෙහෙයුම් රැසක්! හිටපු ගුවන් හමුදාපති ඔලිවර් රණසිංහයන්ගේ ස්වයංචරිතාපදානය එළිදකී! Sri Lanka Latest News

Exclusive

මුට්ටිය දාලා බැලුවේ කව්ද-කොහෙන්ද? මොන විරෝධය ආවත් වැඩේ කරනවා! අනුර ගත්ත තීන්දුවේම ඉඳියි! රාජ්‍ය රහස්! Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ආචාර්ය-උපාධි සටන අස්සේ උණුසුම් ඡන්ද සටනකින් මොරටුවේදී ජාජබය පරදා සජබය දිනයි! I Sri Lanka Latest News
Exclusive

නාඋල සමූපයත් පොදු විපක්ෂය දිනයි! මාලිමාවට 20යි! සජබය තනිවම 26ක් අරන්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගම් පෙරළිය දිගටම! කරුවලගස්වැව සමූප ඡන්දයෙන් සජබය ප්‍රමුඛ විපක්ෂය ජයගනී! Sri Lanka Latest News

රඹුක්කන නිරායුධ මිනිස්සුන්ට වෙඩි තියපු උන්ට වැඩ වරදින්නයි යන්නේ! (VIDEO)
Exclusive

පොලිස් උත්තමාචාර සහිතව සී.ඩී.ගේ අවසන් කටයුතු හෙට! Sri Lanka Latest News

Load More
දුවත් එක්ක තියෙන ප්‍රේම සම්බන්ධය නතර කරන ලෙස බල කරමින්, පොලිස් කාන්තාවක් පාසල් සිසුවෙකු පැහැරගෙන ගිහින් හොඳටම ගහලා I Sri Lanka Latest News
Exclusive

විනිසුරු විශ්‍රාම යාමේ වසර දෙකේ දීර්ඝය තවත් ක්ෂේත්‍ර රැසකට එයි! විශේෂඥ වෛද්‍යවරුන්ට පොලිසියට රස පරීක්ෂවරුන්ටත් දෙන්න සැලසුමක්! Sri Lanka Latest News

රාජ්‍ය සේවයට සම්බන්ධ ක්ෂේත්‍ර රැසක පවතින උග්‍ර සේවක පුරප්පාඩුව පියවා ගැනීම සදහා වන පිළියමක් ලෙස, එම ක්ෂේත්‍රවලට අදාලව විශ්‍රාම යන...

Read more
මාග්‍රට් තැචර් ලංකාවවට ආ වෙලාවේ යාපනය කොටුවේ සිරවී සිටි සෙබළුන් 250ක් බේරාගන්න දියත් කළ ඓතිහාසික රාත්‍රී මෙහෙයුම ඇතුළු තවත් මෙහෙයුම් රැසක්! හිටපු ගුවන් හමුදාපති ඔලිවර් රණසිංහයන්ගේ ස්වයංචරිතාපදානය එළිදකී! Sri Lanka Latest News

මාග්‍රට් තැචර් ලංකාවවට ආ වෙලාවේ යාපනය කොටුවේ සිරවී සිටි සෙබළුන් 250ක් බේරාගන්න දියත් කළ ඓතිහාසික රාත්‍රී මෙහෙයුම ඇතුළු තවත් මෙහෙයුම් රැසක්! හිටපු ගුවන් හමුදාපති ඔලිවර් රණසිංහයන්ගේ ස්වයංචරිතාපදානය එළිදකී! Sri Lanka Latest News

මුට්ටිය දාලා බැලුවේ කව්ද-කොහෙන්ද? මොන විරෝධය ආවත් වැඩේ කරනවා! අනුර ගත්ත තීන්දුවේම ඉඳියි! රාජ්‍ය රහස්! Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ආචාර්ය-උපාධි සටන අස්සේ උණුසුම් ඡන්ද සටනකින් මොරටුවේදී ජාජබය පරදා සජබය දිනයි! I Sri Lanka Latest News

නාඋල සමූපයත් පොදු විපක්ෂය දිනයි! මාලිමාවට 20යි! සජබය තනිවම 26ක් අරන්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

ගම් පෙරළිය දිගටම! කරුවලගස්වැව සමූප ඡන්දයෙන් සජබය ප්‍රමුඛ විපක්ෂය ජයගනී! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.