• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘අපි කරන විදිහට කැමතිනම් රටේ ඉන්න පුලුවන්… නැතිනම් රටෙන් යන්න පුලුවන්’! ආණ්ඩුවේ අලුත් තේමා පාඨය! VIDEO I Sri Lanka Latest News

December 13, 2023
in Exclusive
Reading Time: 5 mins read
A A
පාර්ලිමේන්තුව ඇතුළේ දැවැන්ත කුමන්ත්‍රණයක්! විපක්ෂනායකතුමා අහන ජනතා ප්‍රශ්නවලට කටඋත්තර නැති ජනාධිපතිවරයාත්-පොහොට්ටු ආණ්ඩුවත් විපක්ෂනායකවරයාට නින්දිත විදිහට පහර දෙන්න පටන් අරන්! කතානායකතුමාගේත් සහයෝගය මේකට තියෙනවා! රට බංකොලොත් කරපු රාජපක්ෂවරුන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න ඉල්ලද්දියි මේ ‌සියලු කුමන්ත්‍රණ කරන්නේ!  VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දෙවැනි වාරිකය ලබාදෙන්න නිවැරදි ආදායම් මාර්ග රට තුළ ඇතිකළ යුතු බව පැවසුවත් ආදායම් මාර්ග ඇති කිරීම වෙනුවට ආණ්ඩුව සිදුකරන්නේ වැට් බද්ද වැඩිකර ජනතාවගේ සාක්කුවේ තියෙන මුදල් ටික පික්පොකට් ගැසීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පැවැසීය.Sri Lanka Latest News

කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා මේ බව සඳහන් කළේය.

වැට් බද්ද අයකිරීම තුළ රටේ සුලු හා මධ්‍ය පරිමාන කර්මාන්ත ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් තිබිය යුතු බවත් ඔවුන් ආරක්ෂා කරන අතරතුර කර්මාන්තකරුවන්ගෙන් අයකරන වැට් බදු හරහා රට තුළ සුබසාධක වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු බවත් එවැනි කිසිදු වැඩසටහනක් ආණ්ඩුව ක්‍රියාත්මක කරන්නේ නැති බවත් මෙවැනි වැඩසටහන නිර්මාණය කරන්න ආර්ථික දැනුමක් සැලසුමක් තිබෙන පිරිසක් අවශ්‍ය බවත් ආණ්ඩුව තුළ එවැනි පිරිසක් නැති බවත් හෙක්ටර් අප්පුහාමි මහතා කීය.

අයවැය ඉදිරිපත් කළ දිනයේ සිට අද වනතුරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ගෞරවය කෙලෙසන ආකාරයේ මඩ ව්‍යාපාරයක් පාර්ලිමේන්තුව තුළ සැලසුම් සහගතව ක්‍රියාත්මක වුණ බවත් ඒ දෙය හැරෙන්න ජනතාවට කිසිදු දෙයක් 2024 අයවැය යෝජනා වලින් සිදුවුණේ නැති බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ලබන වසර අවසන් වීමට පෙර රටේ බලය සමගි ජනබලවේගය සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් ලබාගන්නා බවත් සමගි ජනබලවේගය දැනුමෙන් , සැලසුම්වලින් , සන්නද්ධ බවත් රට හදන වැඩපිළිවෙල ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක කරන්න සියල්ල මේ වනවිට සුදානම් කර තිබෙන බවත් හෙක්ටර් අප්පුහාමි මහතා කීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ හෙක්ටර් අප්පුහාමි මහතා මෙසේ පැවැසීය.

‘‘අපි කරන විදිහට කැමතිනම් රටේ ඉන්න පුලුවන් නැතිනම් රටෙන් යන්න පුලුවන් කියන තේමාව අනුව වර්තමාන රජය රටේ ජනතාවගේ බෙල්ල මිරිකලා බදු ගහන තත්ත්වයකට පත්වෙලා තිබෙනවා. 

අයවැය ඉදිරිපත් කළ දිනයේ සිට අද වනතුරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ගෞරවය කෙලෙසන විදිහේ මඩ ව්‍යාපාරයක් කතානායකවරයාගේ සහයත් ඇතිව සැලසුම් සහගත කුමන්ත්‍රණයක් පාර්ලිමේන්තුව තුළ ක්‍රියාත්මක කළා. ඒ දෙය හැරෙන්න ජනතාවට කිසිදු දෙයක් 2024 අයවැය යෝජනා වලින් සිදුවුණේ නෑ.

2024 අයවැය පරතරය පියවා ගන්නේ කොහොමද පැහැදිලි නිශ්චිත යෝජනාවක් ඉදිරිපත් කරන්න ආණ්ඩුවට නොහැකි වුණා. ආණ්ඩුව ආදායම් බදු සම්බන්ධයෙන් යෝජනාවලියක් සම්මත කරගත්තා. ඒ යෝජනාවලියේ තිබුණේ අවුරුදු 18 ට වැඩි සියලු දෙනා බදු ලිපිගොනුවක් විවෘත කරන්න ඕන. ලක්ෂයට වඩා වැඩි වැටුප් ගන්න අය බදු ගෙවන්න ඕන කියලා. ඒවායින් කොපමණ මුදලක් රාජ්‍ය ආදායමට එකතුවෙනවාද කියලා ආණ්ඩුව සඳහන් කළේ නෑ.

ආණ්ඩුව ඉදිරිපත් කළ වැට් බද්ද අයකරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අවශ්‍ය ආකාරයට. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දෙවැනි වාරිකය ලබාදෙන්න නිවැරදි ආදායම් මාර්ග පිළිබඳ , වංචා දූෂණ නතර කිරීම පිළිබඳ වැඩපිළිවලක් තමයි ඉල්ලන්නේ. නමුත් ආණ්ඩුව සිදුකරන්නේ වැට් බද්ද වැඩිකරලා ජනතාවගේ සාක්කුවේ තියෙන මුදල්ටික පික්පොකට් ගහන එක.

ජනතාවගෙන් බදු අය කරන්නේ රටේ සුබසාධනය වෙනුවෙන් ඉටුවිය යුතු මුදල් වෙන් කර ගැනීමට සහ ඒ බදු හරහා ජනාතාවට සාධාරණයක් ඉටුකිරීමට. රටේ ජනතාවට පහසුකම් සලසා ඒ පහසුකම් හරහා ජනතාව උපයන මුදලින් බද්දක් අයකර ඒ බදු හරහා ජනතාවගේ අනෙකුත් සුබසාධන වැඩකටයුතු සිදුකිරීමයි ආණ්ඩුවක් සිදුකළ යුත්තේ.

විදෙස් රටවලින් ණය ලබාගැනීමට , ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මුදල් වාරිකය ලබාගැනීමට රටේ ආදායම් මාර්ග පෙන්විය යුතුයි. රටේ ආදායම් මාර්ග පෙන්වීමට ආණ්ඩුවට තිබෙන පහසුම ක්‍රමය තමයි ජනතාගේ පොකට් එක පික්පොකට් ගහන එක. ආණ්ඩුව අද රටේ බරපතල වංචා දූෂණ වලට වගකිවයුතු පොකට් කාරයෙකු බවට පත්වෙලා තිබෙනවා. ජනතාගේ පොකට් එකට ගහලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට කියනවා අපි ලඟ සල්ලි තිබෙනවා කියලා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැනගන්න ඕන ආණ්ඩුව සතුව තිබෙන මුදල් ජනතාවගෙන් පොකට් ගහපු සල්ලි කියලා. වැට් බද්දට ගෙවන්න අවශ්‍යවන මුදල ජනතාව ලබන වැටුපෙන් ගෙවන්න අපහසුයි.

අලුත් ජවනිකාවක් මේ දිනවල රඟපානවා රාජපක්ෂ 2024 කියලා. තාත්තා සම්මානනීය නළුවා. පුතා නැගී එන නළුවා. තාත්තා සම්මානනීය නළුවා විදිහට පාර්ලිමේන්තුවට ඇවිල්ලා වැට් බද්ද වැඩි කිරීම වෙනුවෙන් පැවැති ඡන්දයේදී පක්ෂව ඡන්දය දෙනවා. පුතා කියනවා අපි පොකට් ගහපු අය නෙවෙයි මිනිසුන්ගේ සල්ලි පොකට් ගහන්න හොද නැ කියලා. පුතා තමයි වැට් එකේ මහ මොළකරු. පුතා එළියේ ඉදන් කණ්ඩායම මෙහෙයවනවා. රාජපක්ෂලා තමයි රටේ ආර්ථිකය බංකොලොත් කළා කියලා ශ්‍රේෂ්ඨාධිකරණය කියලා තියෙනවා. බදු වැඩි කිරීම හරහා රාජපක්ෂලා ප්‍රමුඛ පොහොට්ටු ආණ්ඩුව ජනතාවට අලුත් අවුරුද්දට දුන්නේ නින්දිත තැග්ගක්.

වැට් බදු අයකරන ක්‍රමවේදයක් තිබෙනවා. වැට් බද්ද අයකිරීම තුළ රටේ සුලු හා මධ්‍ය පරිමාන ව්‍යාපාරිකයින් ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් තිබිය යුතුයි. ඒ ක්‍රමවේද සමඟ රටේ සුලු හා මධ්‍ය පරිමාන ව්‍යාපාර ආරක්ෂා කරන ගමන් වැට් බදු අයකරලා රටේ සුබසාධන වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතුයි. අද එහෙම කිසිදු වැඩසටහනක් ආණ්ඩුව සතුව නෑ. මේ වැඩසටහන හදන්න ඕන ආර්ථික දැනුමක් ආර්ථික දැක්මක් තිබෙන පිරිසක්. මේ සම්බන්ධයෙන් කතා කරන් ආණ්ඩුව විපක්ෂයට අවස්ථාව ලබාදුන්නේ නෑ.

ලබන වසර අවසන් වීමට පෙර රටේ බලය සමගි ජනබලවේගය සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් ලබාගන්නවා. සමගි ජනබලවේගය දැනුමෙන් , සැලසුම්වලින් , සන්නද්ධයි. රට හදන වැඩපිළිවෙල ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක කරන්න සියල්ල මේ වනවිට සුදානම් කරලා අවසන්.

=======================================

ප්‍රශ්නය – වැට් බදු වැඩි කිරීමට එරෙහිව අභියෝගයක් එල්ල කරන්න සමගි ජන බලවේගයට බැරි වෙලා තිබෙනවා නේද?

පිළිතුර – විපක්ෂය ආණ්ඩුවට හොද අභියෝගයක් දීලා තිබෙනවා. විපක්ෂයේ ඡන්ද ප්‍රමාණය නෙවෙයි බලන්න ඕන වැට් බද්ද වැඩි කිරීමට පක්ෂව ආණ්ඩුවෙන් ලැබුණ ඡන්ද ප්‍රමාණයයි බලන්න ඕන. ආණ්ඩුවේ ඡන්ද ලැබුණේ 100 යි. එයින් පෙනෙන්නේ ආණ්ඩුවේ 113 නැති බවයි. ඒක අපිට කඩන්න පුලුවන් වුණා.

ප්‍රශ්නය – රෝෂාන් රණසිංහ වැට් බද්දට විරුද්ධව ඡන්දය ලබාදුන්නේ හෘද සාක්ෂියට එකඟවද නැත්නම් සමගි ජනබලවේගය සමඟ එකතුවීමේ බලාපොරොත්තුවෙන්ද

පිළිතුර – රොෂාන් රණසිංහට විතරයි කොන්දක් තිබුණේ
හොරකම්වලට විරුද්ධව නැගී සිටින්න. එළියට එන්න සුදානමින් කෙලින් වැඩකරපු පුද්ගලයෙක් තමයි රොෂාන් රණසිංහ.

SendShareShare
Previous Post

අදත් පළාත් කිහිපයකට වැස්ස! Sri Lanka Latest News

Next Post

දෙවැනි සමාලෝචනය ලබන ජූනියේ! ඊට කලින් විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කර අවසන් කරන්න! තුන්වැනි ණය වාරිකය ගන්න IMF එකෙන් ලංකාවට කොන්දේසියක්! I Sri Lanka Latest News

MORE NEWS

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

විවිධ වගාවන් පෙන්වමින් කිසිදු ආයතනයකට මහජනතාවගෙන් මුදල් එකතු කිරීම කළ නොහැකි බවත්, එය නීති විරෝධී බවත් මහබැංකුව පවසයි.Sri Lanka Latest...

Read more
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.