• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බදු වාරික නොගෙවූ මත්පැන් නිෂ්පාදකයන්ගේ බලපත් අත්හිටුවන්න උපදෙස්! තිරිගු පිටි සමාගම්-සීනි සමාගම් අයුතු ලාබ උපයලා! පාර්ලිමේන්තු කාරක සභාවේදී හෙළි වූ දේ! Sri Lanka Latest News

December 12, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
විවේක කාලය ඉවරයි ඔළුවෙන් හිටගනිල්ලා…!
Share on WhatsAppShare on Facebook

හිඟ සුරාබදු ගෙවීමේ සැලසුමට අනුව 2023.12.04 දිනට නියමිත බදු වාරිකය නොගෙවා ඇති මත්පැන් නිෂ්පාදන සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය අත්හිටුවීමට කටයුතු කරන ලෙස පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව විසින් නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා. (Sri Lanka Latest News)

එමෙන්ම 2023 ජූනි 30 වන දිනට රුපියල් මිලියන 100ක් හෝ ඊට වැඩි හිඟ බදු පවතින බදු ගෙවන්නන්ගේ ලැයිස්තුවක් ලබාදෙන ලෙස 2023.07.24 දින කාරක සභාවාරයේ දී කරන ලද නියෝගය ප්‍රකාරව අදාළ වාර්තාව කාරක සභා රැස්වීම් වාර දෙකක දී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙතින් ඉල්ලා ඇති නමුත් මේ දක්වා එය ලබා නොදුන්නේ මන්දැයි කාරක සභාව විසින් මෙහිදී විමසා සිටියා .

මේ සම්බන්ධයෙන් නීතිපති මතය විමසා ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රකාශ කළ අතර, දෙසැම්බර් 31 දිනට පෙර එම ලැයිස්තුව කාරක සභාව වෙත ලබාදෙන ලෙස කාරක සභාව විසින් නිලධාරීන්ට නියෝග කළා.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අදාළව ලබා දී ඇති නිර්දේශ අතුරින් ඇතැම් නි‍ර්දේශ සම්බන්ධ වාර්තා ලබා නොදීම, කාලය ඉල්ලා සිටීම, නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් කාරක සභාව මෙහිදී සිය අසතුට පළ කර සිටයා .

මේ පිළිබඳව සාකච්ඡා කරනු ලැබුවේ පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව එහි සභාපති පාඨලී චම්පික රණවකගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (06) රැස් වූ අවස්ථාවේදීයි.

තිරිඟු ආනයනය කරන ප්‍රධාන සමාගම් වන ප්‍රීමා සහ සෙරන්ඩිබ් හැර වෙනත් සමාගම් සඳහා තිරිඟු පිටි ආනයනය කිරීම රජය විසින් තහනම් කර තිබූ අතර, එම තහනම් කාලය තුළ මෙම සමාගම් දෙක විශාල වශයෙන් පිටි තොග රැස් කර ගෙන තිබූ බවත්, තහනම ඉවත් කිරීමෙන් පසු තිරිඟු පිටි කිලෝවකට රුපියල් 16.00 බැගින් වූ බද්දක් පැනවීමෙන් මෙම සමාගම් ඉන් සැළකිය යුතු ලාභයක් උපයා ගෙන ඇති බවත් කාරක සභාව විසින් අවධාරණය කරනු ලැබුවා.

තවද, සීනි සඳහා වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ශත 25 සිට රු. 50ටවැඩි කිරීම මගින් සීනි ආනයනකරුවන් විසින් ආනයනය කර ගබඩා කර තිබූ සීනි ටොන් 8500කට ආසන්න තොග ප්‍රමාණයක් වෙළඳපොලට මුදාහැරීමෙන් සැළකිය යුතු අයුතු ලාභයක් අදාළ සමාගම් විසින් උපයා ගෙන ඇති බවත්, එබැවින් 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ විධිවිධාන ප්‍රකාරව ඉහත අවස්ථා තුනේදී එසේ උපයාගත් අනිසි ලාභයට අදාළ නියමිත බද්ද අදාළ පාර්ශවයන්ගෙන් අය කර ගැනීමට කඩිනම් පියවර ගන්නා ලෙසත් කාරක සභාව විසින් නැවත නියෝගයක් නිකුත් කළා.

බදු මග හරිමින්, පැහැර හරිමින්, කට්ටි පනිමින් සිටින බදු ගෙවන්නන්ගේ හිඟ බදු අය කර ගැනීමට කටයුතු කිරීම සඳහා මුදල් අමාත්‍යාංශය සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව එක්ව එකතු කර ගත හැකි මට්ටමේ පවතින හිඟ බදු (Collectable Taxes) බිලියන 173 ක ප්‍රමාණය නැවත අය කර ගැනීම සඳහා බදු අය කරගැනීමේ සැළැස්මක් සකස් කර දෙසැම්බර් 31 දිනට පෙර එය ක්‍රියාවට නංවන ලෙස කාරක සභා සභාපතිවරයා මෙහිදී උපදෙස් දුන්නා.

සුරාබදු දෙපාර්තමේන්තුව වෙත සිදු කර ඇති නියෝග 39 ක් අතරින්, මත්පැන් නිෂ්පාදන බලපත්‍ර අලුත් කිරීමේ ගාස්තුව අවමය මිලියන 10 දක්වා වැඩි කිරීමේ කාරක සභා නිර්දේශය හා දිස්ත්‍රික්කයක් තුළ එක්ම ත්පැන් බලපත්‍රයකට වඩා සන්තකයේ පවතින පුද්ගලයන් හා සමාගම් ලැයිස්තුවක් කාරක සභාව වෙත ලබා දෙන ලෙස කාරක සභාව විසින් නියෝග කර තිබුණද එම නියෝගය මෙතෙක් ක්‍රියාත්මක කර නොමැත්තේ මන්ද යන්න කාරක සභාව විසින් ප්‍රශ්න කර සිටියා.

දිස්ත්‍රික්කයක් තුළ එක් මත්පැන් බලපත්‍රයකට වඩා සන්තකයේ පවතින පුද්ගලයන් හා සමාගම් නොමැති බව සුරාබදු දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියට අනුව පෙන්වන බව සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රකාශ කළ අතර, ඒ බව කාරක සභාව වෙත ලිඛිතව දන්වා එවන ලෙස කාරක සභාව විසින් සුරාබදු දෙපාර්තමේන්තුව වෙත නියෝග කළා.

තවද, රා නිෂ්පාදනාගාර 46 ක් දැනට පවතින බවත්, එම නිෂ්පාදනාගාර 46 දෛනිකව අධීක්ෂණය කිරීම සඳහා ක්‍රමවේදයක් සැකසීම හා ඒවායේ දෛනික නිෂ්පාදනය ගණනය කිරීම සඳහා කාරක සභාව විසින් කරන ලද නියෝගය ප්‍රකාරව ජංගම දුරකතන යෙදවුමක් (Mobile App) දැනට සකස් කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළ අතර,එම යෙදවුම කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලෙස කාරක සභා සභාපතිවරයා පැමිණ සිටි නිලධාරීන් හට උපදෙස් ලබා දුන්නා.

රේගු තාක්ෂණික පද්ධතියේ ස්කෑනර් යන්ත්‍ර සඳහා කෘතිම බුද්ධිය (AI) එක් කර ගැනීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කළ කාරක සභා සභාපතිවරයා මුදල් අමාත්‍යාංශය හා එක්ව තොරතුරු තාක්ෂණ උපදේශකයන්ගේ මාර්ගෝපදේශය යටතේ රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යාපෘති ආකෘතියක් යටතේ මේ සඳහා යෝජනාවක් සකස් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දෙනු ලැබුවා.

ආපදා කළමනාකරණය, අස්වැසුම සුභසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමය සහ සමාජ සේවා දෙපාර්තමේන්තුවේ නාගරික යාචකයන් සම්බන්ධ වන සමීක්ෂණය සම්බන්ධ පසු විපරමක් ද, ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවාරයේ දී සාකච්ඡාවට ලක් කෙරුණා.

dasathalankanews

SendShareShare
Previous Post

ජනපති අද පාර්ලිමේන්තුවට ඇවිත් වැට් ගැන විශේෂ ප්‍රකාශයක් කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

රට බංකොලොත් කරපු දූෂිතයන්ට එරෙහි සම්මන්ත්‍රණයක්! ‘යුක්තිය වෙනුවෙන් ජනමතය’! කතාකරන්නේ විපක්ෂනායක සජිත්-ජනාධිපති නීතීඥ උපුල් ජයසූරිය-ආචාර්ය මහීම් මෙන්ඩිස්-මාධ්‍යවේදී තරිඳු! I Sri Lanka Latest News

MORE NEWS

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News
Exclusive

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

Exclusive

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

Exclusive

ආණ්ඩුවට එරෙහිව මුලු විපක්ෂයම එකමුතු කරපු සජිත් ගහන්න යන ඊළඟ ගේම! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

බැසිල් තමයි කළේ කිව්වා! නෑ.. රනිල්ගේ ඔළුවෙන් ගේම ගැහුවා කිව්වා! මෙන්න ඔක්කොම කියපු කරපු බොරු මාට්ටු! මහින්ද සමරසිංහ නොහිටින්න ලංකාවට IMF ගිවිසුම් ගහන්න වෙන්නෙ නෑ! අමෙරිකානු හිටපු තානාපතිනිය ජුලී චන්ග් ප්‍රසිද්ධියේම ඇත්ත කතාව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News
Exclusive

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News
Exclusive

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

යුධෝපකරණ සංචිත ගැටලුවක් හේතුවෙන් ඉරානයට එරෙහි ප්‍රහාර තාවකාලිකව අත්හිටුවන බව ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ප්‍රකාශ කොට ඇති බව විදෙස්...

Read more

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

ආණ්ඩුවට එරෙහිව මුලු විපක්ෂයම එකමුතු කරපු සජිත් ගහන්න යන ඊළඟ ගේම! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

බැසිල් තමයි කළේ කිව්වා! නෑ.. රනිල්ගේ ඔළුවෙන් ගේම ගැහුවා කිව්වා! මෙන්න ඔක්කොම කියපු කරපු බොරු මාට්ටු! මහින්ද සමරසිංහ නොහිටින්න ලංකාවට IMF ගිවිසුම් ගහන්න වෙන්නෙ නෑ! අමෙරිකානු හිටපු තානාපතිනිය ජුලී චන්ග් ප්‍රසිද්ධියේම ඇත්ත කතාව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

බැසිල් තමයි කළේ කිව්වා! නෑ.. රනිල්ගේ ඔළුවෙන් ගේම ගැහුවා කිව්වා! මෙන්න ඔක්කොම කියපු කරපු බොරු මාට්ටු! මහින්ද සමරසිංහ නොහිටින්න ලංකාවට IMF ගිවිසුම් ගහන්න වෙන්නෙ නෑ! අමෙරිකානු හිටපු තානාපතිනිය ජුලී චන්ග් ප්‍රසිද්ධියේම ඇත්ත කතාව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.