ලංකා ධිවර සංස්ථාවේ පාලනාධිකාරිය විසින් එහි සේවකයන් වෙත ඊපීඑෆ්, ඊටීඑෆ් සහ විශ්‍රාමික පාර්තෝෂිත දීමනා ලෙස රු. මිලියන 653ක් ගෙවීමට ඇති බවත් එය කාලයක් පුරා සිදුවූ අඩුපාඩුවක් බවත් ඒ සදහා විසදුම් නොලැබී ඇති බවත් ඒ සඳහා බැංකු ණයක් ලබා ගන්නා බව පැවසුවත් ඒ සඳහා තිරසර විසඳුමක් අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
2017 වසරේ මහාභාණ්ඩාගරය මඟින් කොළඹ දිස්ත්‍රික් කාර්යාලයේ පැවැති ලක්ෂ 330ක ණය ගෙවා මෙට්රෝ නමින් ධීවර සංස්ථාවේ කාර්යාලයක් ආරම්භ කළත් එහි ණය බර මේ වන විට කෝටි 15ක් වී ඇති බවත් එහි වැඩබලන කළමනාකාරවරයා විරුද්ධව පියවරක් ගෙන නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එසේම 2022 වසරේ විශේෂ විගණන පරීක්ෂණ වාර්තාවක් තුළින් සංස්ථාවට වැකියුම් ඇසුරුම් යන්ත්‍රණයක් මිලදී ගැනීම ගැන සදහන් වුවත් එහි නිගමන ක්‍රියාත්මක නොවූ බවත් ගම්පහ දිස්ත්‍රික් කාර්යාලය කේන්ද්‍ර කර ගෙන දුෂණ අක්‍රමිකතා රැසක් ක්‍රියාත්මක බවත් කණගාටුවට කරුණක් වන්නේ ඒ සම්බන්ධ මෙතෙක් පියවරගෙන නොමැති වීම බවත් මීගමුව කාර්යාලයේ ලියාපදිංචි නොකළ සැපයුම්කරුවන්ගෙන් මාලු කිලෝවකින් රුපියල් 50 ගානේ කප්පම් ගන්නා බවත් මාසිකව මිලියන 18ක හොරකම ගැන සොයා බැලිය යුතු බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.
මීගමුව කලාපයේ සමහර වෙළෙදසැල්වලින් මසකට 50000, 100000 මුදල් ලබා ගෙන ඒ වෙළෙදසැල්වලට පාරිභෝගිකයන් සුරා කන්න ඉඩ සලසා ඇති බවත් ඩබ්ලිව්. ජී යසන්ත යන නිලධාරියාගේ අක්‍රමිකතා ගැන මීට පෙරත් ප්‍රශ්න කළත් කිසිදු ප්‍රතිඵලයක් නොමැති බවත් මේ පුද්ගලයා තාක්ෂණික කමිටුවේ සභාපති, තලපත් කොප්පරා කමිටුවේ ප්‍රසම්පාදන කමිටු ආදි සැම කමිටුවකම සභාපති වී මහාපරිමාණ වංචා රැසක් සිදු කරන බවත් මේ සම්බන්ධ සාක්ෂි ඇති බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කර සිටියේය.
ප්‍රසම්පාදන ක්‍රමවේදයෙන් තොරව මාලු කිලො 12950ක් ආනයනය කර ඇති බවත් එය නිදහස් කර ගැනීමට ධීවර සංස්ථාවේ සාමාන්‍යාධිකාරවරයාගේ අනුමැතිය ලබා ගැනීම ප්‍රතික්ෂේප වූ අවස්ථාවේ ඔහු සභාපතීත්වය දරණ කමිටුවලින් ඉවත් කර ඇති බවත් මෙය පළිගැනීමක් බවත් මේවා කරන පුද්ගලයන් සම්බන්ධයෙන් සොයා බැලිය යුතුබවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.









