කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය සහ තොරතුරු සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් හෝ කොරෝනා මර්දන ජනාධිපති කාර්යසාධක බළකාය මගින් පමණක් නිල වශයෙන් නිවේදනය කරනු ලබන තොරතුරු පමණක් විශ්වාස කරන ලෙස නිවේදනයක් නිකුත් වී ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක විසින් මෙම නිවේදනය නිකුත් කරනු ලැබ තිබේ.
එහි මෙසේද සදහන්ය.
කොරෝනා වෛරසය ව්‍යාප්තිය, රෝගීන් ගණන සහ සුව වූ තැනැත්තන් ගණන ආදී තොරතුරු සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් හෝ කොරෝනා මර්දන ජනාධිපති කාර්යසාධක බළකාය මගින් පමණක් නිල වශයෙන් නිවේදනය කරනු ලැබේ.
වෙනත් ආකාරයෙන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය වන තොරතුරු, නිවැරදි හා විශ්වාසදායි තොරතුරුම විය නොහැකි බැවින් නිල වශයෙන් නිකුත් කරන තොරතුරු පමණක් විශ්වාස කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින අතර, ව්‍යාජ තොරතුරු පැතිරවීම අපරාධ නීතිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බව ද මහජනතාව වෙත දන්වා සිටිනු ලැබේ.
- පොලිස් මාධ්‍ය ප්‍රකාශක










