• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහා ආර්ථික අර්බුදයකින් ඉන්දියාව ගොඩගත්ත මෙහෙයුමේ පුරෝගාමී… මොන්ටෙක් සිං අලුවාලියා ලංකාවට ආවේ කාව හමුවෙන්නද? ලංකාව ගොඩගන්න උදවු කරන්න හදන්නෙ කාටද? I Sri Lanka Latest News

December 9, 2023
in Exclusive, News
Reading Time: 7 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘ශ්‍රී ලංකාව සිය ආර්ථික ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයන් සිදුකිරීමේදී අවශ්‍ය සහ අවදානමට ලක්විය හැකි ජනගහනය ඇතුළු කරගැනීමට සහ ඔවුන්ගේ සුබසාධනයට ප්‍රමුඛත්වය දිය යුතුයි. මොන ආකාරයේ ක්‍රියාමාර්ග ගත්තත් සමාජයේ අවශ්‍යතා ඇති කොටස් සඳහා ප්‍රතිපාදන අත්‍යාවශ්‍ය බව අප හඳුනාගත යුතුයි. ප්‍රතිසංස්කරණ විසින් එහිදී දිගුකාලීන බලපෑම් ඇතිකරන අතර, ආන්තික වූවන් සඳහා ප්‍රතිලාභ සහතික කිරීම ඉතා වැදගත් වනු ඇත.(Sri Lanka Latest News)

කෙටිකාලීන දර්ශකවලට වඩා ව්‍යූහාත්මක වෙනස්කම් කෙරෙහි අවධානය යොමුකරන ලෙස මම ඉල්ලා සිටිනවා. ශ්‍රී ලංකාවේ අර්බුදය විසඳීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) වෙත ආරාධනා කිරීමට ශ්‍රී ලංකාව ගත් පියවර ගැන මගේ ප්‍රශංසාව හිමිවෙනවා. ආර්ථිකයට නිවැරැදි බලපෑම් ඇතිකිරීම සඳහා එවැනි ආයතනවල සවිස්තරාත්මක පිහිටුවීම් සහ පත්කිරීම් අවශ්‍ය බව මම අවධාරණය කර සිටිනවා. ශ්‍රී ලංකාව සිය අභියෝගවලට මුහුණ දීමට අදහස් කරන බැරෑරුම් බවත් මම පිළිගන්නවා…’

ශ්‍රී ලංකාවේ යම් ආර්ථික පසුබිමක් ගැන කියැවෙන මෙම කතාව කුමක්ද? මෙම වගතුග ප්‍රකාශ කර සිටින්නේ කවුරුන් විසින්ද? මෙම තොරතුරු සොයාබැලීමට ප්‍රථම එම කතාවේ තවත් සවිස්තරාත්මක කොටසක් ගැන සොයා බලමු. එම ප්‍රකාශය තවදුරටත් ගලායන්නේ මේ ආකාරයටය.

‘ඉන්දියාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ආරම්භ වුණේ 1991 දී අලුතින් තේරීපත්වූ කොංග්‍රස් ආණ්ඩුවක් පැමිණි විටදීයි. එකල සුවිශේෂ ලෙස දැඩි ගෙවුම් ශේෂ අර්බුදයකට මුහුණ දෙමින් සිටින විටදී විස්තීරණ ව්‍යූහාත්මක ප්‍රතිසංස්කරණවල දිගුකාලීන වැඩසටහනක් සමග ඒකාබද්ධ කෙටිකාලීන ස්ථාවර කිරීමේ වැඩසටහනක්ද සමගින් මෙම ප්‍රතිසංස්කරණ දියත් කෙරුණා. රාජ්‍ය අංශයේ ආධිපත්‍යය සහ පෞද්ගලික අංශය කෙරෙහි පැතිරුණු රාජ්‍ය පාලනය අසූව දශකයේ මැද භාගයේ සිටම ඉන්දියාව තුළ පැවැතුණා. එවක සිට ආර්ථික ප5තිපත්ති පිළිබඳ නැවත සිතාබැලීම ආරම්භ වූ නමුත්, ප්‍රතිපත්තිමය ප්‍රතිචාරයන් නිසා ක්‍රියාවලිය සීමා වුණා.

මෙලෙස 1991දී ආරම්භ කරන ලද ප්‍රතිසංස්කරණ හරියටම වෙනස් වූයේ රාජ්‍යපාලනයන් ලිබරල් කිරීම, පුද්ගලික අංශයට විශාල කාර්යභාරයක් පැවරීම සහ ලෝක ආර්ථිකය සමග වැඩි ඒකාග්‍රතාවක් ඇතුළත් පද්ධති වෙනසක අවශ්‍යතාව හඳුනාගැනීමෙන් පසුවය. ඉන්දියාවේ ප්‍රතිසංස්කරණ පසුව සැබෑ ලෙස වෙනස් වූ තැනකට පත්වූයේ ඒවා ක්‍රියාවට නංවන ලද ක්‍රමානුකූල වේගයයි. එහිදී ඉන්දියාවට කාලයත් සමග සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගැනීමට හැකි විය. එතැන් සිට මුල් වසර 07දී ඉතා යහපත් ප්‍රතිඵල ගෙන දුන්නේය. එදා 1991දී ඉන්දියාවේ අර්බුදය සහ අද ශ්‍රී ලංකාවේ වත්මන් අර්බුදය මෙසේ සංසන්දනය කරමින් අභියෝග හඳුනාගත හැකියි. එසේම පිළියම්ද යෙදිය හැකියි.’

දැන් එසේනම් එම වගතුග ශ්‍රී ලංකාවත්, ඉන්දියාවත් සම්බන්ධ කරමින් මෙසේ කියා සිටින්නේ කවුරුන් විසින්ද? ඔහු සුවිශේෂ විද්වතෙකි. එසේත් නැතිනම් බුද්ධිමතෙකි. ඉන්දියානු ජාතිකයකු වන ඔහුගේ නාමය මොන්ටෙක් සිං අහලුවාලියා (Montek Singh Ahluwalia) වෙයි. ඔහු ආචාර්ය උපාධි දෙකක් හිමිකරගත් විද්වතකු වන අතර, විශ්වවිද්‍යාල අධ්‍යයන ක්ෂේත්‍රය තුළදී ඔහු මහාචාර්යවරයකු ලෙසද කටයුතු කරයි. එහෙත් පොදු ව්‍යවහාරයේදී ඔහු හඳුන්වනු ලබන්නේ ආචාර්ය මොන්ටෙක් සිං අහලුවාලියා ලෙසිනි. 1943 නොවැම්බර් 24 වැනිදා උපන් ඔහු දැනට 80 වැනි වියෙහි පසුවෙයි. ඉන්දියාවේ අතිශය ප්‍රකට සහ කීර්තිමත් ආර්ථික විද්‍යාඥයෙක් වශයෙන් ඔහු සැලකෙයි.

මෙයට දශක තුනකට (වසර 30කට) ඉහතදී ඉන්දියාවේ පැවැති දැඩි ආර්ථික අර්බුදය හමුවේ එම තත්ත්වයෙන් එරට ගොඩගන්නට මහත් වෙහෙසක් සහ කාර්යභාරයක් ඉටුකළ විද්වතකු වශයෙන් ඔහු සැලකෙයි. ඔහු සකස් කරන ලද විවිධ ආර්ථික ප්‍රතිපත්ති සහ සැලසුම් හරහා එකල ඉන්දියාව මහා ආර්ථික අගාධයකින් ගොඩ ගැනීමට හැකි විය. මේ නිසා අදටත් ඉන්දියානු ජනතාව තුළ ඔහුට ඇත්තේ දැඩි ගෞරවයකි. ආචාර්ය අහලුවාලියා ඉන්දියාවේ දිල්ලි විශ්වවිද්‍යාලයේ සහ එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ උපාධිධරයකු වෙයි. ඔහු මෙම විශ්වවිද්‍යාල දෙකෙන්ම ආචාර්ය උපාධි හිමිකරගෙන ඇත.

ඉන්දියාවේ පැවැති රජයන් කිහිපයක් යටතේ සහ ලොව ජාත්‍යන්තර රාජ්‍ය සංවිධාන ගණනාවකම ඔහු උසස් නිලයන් දැරූ විද්වතෙකි. එසේම ඔහු විවිධ උසස් සම්මාන සහ ගෞරව නාමයන්ටද හිමිකම් කියන විද්වතකු වෙයි. දැනට 80 වැනි වියෙහි පසුවුවද ආචාර්ය අහලුවාලියා තවද බොහෝ ක්‍රියාශීලීව ආර්ථික විද්‍යා ක්ෂේත්‍රයෙහි නිරතව සිටියි.

දැන් මෙම කීර්තිමත් ඉන්දියානු විද්වතා අපගේ ශ්‍රී ලංකාවේ යම් කාර්යභාරයකට සම්බන්ධ වූයේ කෙසේද? එම වගතුග සොයා බලන්නට ප්‍රථම ආචාර්ය මොන්ටෙක් සිං අහලුවාලියා විසින් දරන ලද උසස් තනතුරු සහ වගකීම් ගැන යමක් සොයා බලමු.

★ ඉන්දීය සැලසුම් කොමිෂන් සභාවේ නියෝජ්‍ය සභාපති (Planning Commission of India) ධුරය දැරීම, 2004 සිට 2014 දක්වා වසර 10ක් පුරා මෙම උසස් තනතුර ඉන්දීය රජයේ කැබිනට් අමාත්‍ය ධුරයකට හා සමාන සුවිශේෂ බලතල හිමිය.

★ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (International Monetary Fund – IMF) ස්වාධීන ඇගයුම් කාර්යාලයේ ප්‍රථම අධ්‍යක්ෂවරයා ලෙස පත්වීම.

★ එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ධුරය ඉසිලීම.

★ ඉන්දීය මුදල් අමාත්‍යාංශයේ ස්ථිර ලේකම් ධුරය දැරීම සහ ආර්ථීක උපදේශක ධුරයන් දැරීම.

★ ඉන්දීය අගමැතිවරුන් කිහිප දෙනකුගේ විශේෂ ලේකම්, වාණිජ ලේකම් සහ ආර්ථික ලේකම් ධුර දැරීම.

★ ඉන්දියාවේ හිටපු ජනාධිපති වූ ප්‍රතිභා පටෙල් මහත්මිය විසින් රාජ්‍ය සේවය සඳහා ඉන්දියාවේ වන ඉහළම සිවිල් සම්මානය වන ‘ශ්‍රී පද්ම විභූෂණ’ සම්මානය ආචාර්ය අහලුවාලියාට පිරිනැමීම.

★ ලෝක බැංකුවේ (World Bank) උපදේශන තනතුරු කිහිපයක්ම දැරීම.

දැන් ඔබට මෙම සුවිශේෂ මිනිසා කවුරුන්දැයි හොඳින්ම අවබෝධ වනු ඇතිය. එසේනම් ඔහු පසුගියදා ශ්‍රී ලංකාව තුළ සිදුකළ භූමිකාව කුමක්ද? එම කටයුත්ත සඳහා ශ්‍රී ලංකාව තුළින්ම එක්තරා විශේෂිත මිනිසකුද සහභාගි විය. ඔහු නම් මෙරට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාය. ආචාර්ය මොන්ටෙක් සිංහ අහලුවාලියා සමග මෙරට විපක්ෂ නායකවරයා පසුගියදා විශේෂ හමුවක් පවත්වනු ලැබුවේය.

මෙය සැබෑ ලෙසම සුවිශේෂ හමුවක් ලෙසට වාර්තාවූ අතර, එමගින් මෙරට ආර්ථික වටපිටාව ගැන බොහෝ කරුණු කාරණා සාකච්ඡාවට ලක්විය. ආචාර්ය අහලුවාලියා පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණියේ මෙරට දින දෙකක් පුරා පැවැත්වුණු ‘ශ්‍රී ලංකා ආර්ථික සමුළුව 2023’ (Sri Lanka Economic Summit 2023) සඳහා සහභාගි වී එහි ප්‍රධාන දේශනය පැවැත්වීමටය. ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය සංවිධාන කරන ලද මෙම සමුළුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙම සමුළුව ‘තිරසාර ප්‍රතිසංස්කරණ සහ වේගවත් වර්ධනය’ (Sustain reform and Accelerated growth) යන තේමාව යටතේ පැවැත්විණි. ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය වේගවත් කිරීම සඳහා උපායමාර්ග ගවේෂණය කිරීම මෙම සමුළුවේ අභිමතාර්ථය විය. මෙම විශේෂිත අවස්ථාවට සහභාගි වූ ආචාර්ය මොන්ටෙක් සිංහ අහලුවාලියා මහතා ශ්‍රී ලංකාව තුළ සිටින කාලය තුළදී මෙරට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සාකච්ඡා කිරීමට දැඩි කැමැත්තක් ප්‍රකාශ කර තිබිණි. ඒ අනුව පසුගියදා මෙම නායකයන් දෙදෙනාගේ හමුව විපක්ෂ නායක කාර්යාලයේදී පවත්වන ලදී. එහිදී මෙරට ආර්ථික සංවර්ධනයට අදාළවූ කරුණු රැසක් ආචාර්ය අහලුවාලියා විසින් අවධානයට ලක්කර ඇත.

මෙම සුවිශේෂ ආර්ථික විද්‍යාඥයා වන ආචාර්ය මොන්ටෙක් සිංහ අහලුවාලියා මහතා හමුවීමේ අවස්ථාව ගැන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ සටහනක් තබා තිබිණි.

‘ආචාර්ය මොන්ටෙක් සිං අහලුවාලියා මහතා හඳුන්වන්නේ ඉන්දීය ආර්ථික සමෘද්ධියේ නිර්මාණකරුවා ලෙසයි. ස්ථාවර ඉන්දීය ආර්ථිකයක් ගොඩනගන්නට පසුගිය වසර 30ක කාලයක් පුරා ඔහුගෙන් සිදුවූ සේවය අමරණීයයි. ඔහු ඉන්දියානු අභිවෘද්ධිය සඳහා ලබාදුන් කැපකිරීම ඉතා විශිෂ්ටයි. මෙවැනි සුවිශේෂ විද්වතකු සමග මා හට සාකච්ඡා කිරීමට ලැබීම දුර්ලභ අවස්ථාවක් ලෙස මා සලකනවා. මාත් සමග තවත් අපේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් කිහිප දෙනකුම මෙම සාකච්ඡා සඳහා උද්‍යෝගිමත්ව සහභාගි වුණා.

මෙහිදී ඔහු ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය කෙරෙහි ගත යුතු බොහෝ කාලීන පියවර රැසක් සාකච්ඡා කළා. අප ඉදිරිපත් කරන ලද යෝජනා කරන ලද යම් කරුණු ගැනද ඔහු බොහෝ විනිවිදභාවයකින් කතා කළා. ශ්‍රී ලංකාව දැනට වැටී ඇති ආර්ථික අගාධයෙන් ගොඩ ඒමට ගත යුතු පියවර ගැන ඔහු අප සමග දීර්ඝ ලෙස සාකච්ඡා කළා. මේ සඳහා ඔහු ඉන්දියානු අභිවෘද්ධිය වෙනුවෙන් කැපකළ ක්‍රියාමාර්ග ගැන වූ අත්දැකීම් පැහැදිලි කළා.

එම සමහර ක්‍රමවේද ශ්‍රී ලංකාවටද අනුවර්තනය කළ හැකි ආකාරය ඔහු පෙන්වා දුන්නා. 1991 වසරේ සිට ඉන්දියාව ගෙවුම් ශේෂ අර්බුදයකට, දරාගත නොහැකි රාජ්‍ය මූල්‍ය හිඟයකට, ඉහළ යන ණය බර, විදේශ සංචිතවල අවපාතය, අඩු දළ දේශීය නිෂ්පාදිතය සහ ඉතා ඉහළ උද්ධමනයට මුහුණ දුන් රටක්.

එහෙත් දක්ෂ ඉන්දියානු මූල්‍ය හා ප්‍රතිපත්ති සම්පාදකයන් විසින් සිදුකරන ලද ලිබරල්කරණයට මාර්ගය සෑදීම සහ රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාව හරහා රටට සමෘද්ධියක් ඇතිවුණා. එහිදී ආචාර්ය අහලුවාලියා මහතා සිදුකළ මෙහෙවර ඉතා විශිෂ්ටයි.’ යනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර තිබුණේය.

ආචාර්ය අහලුවාලියා මහතා සහ විපක්ෂ නායකවරයා අතර මුහුණට මුහුණ සාකච්ඡාවක් මුලින් පැවැත්වුණු අතර, ඉන් පසුව අනෙක් සාමාජිකයන් එක්වුණු සාකච්ඡාව පැවැත්විණි. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙන්ම විපක්ෂය නියෝජනය කරන සෙසු පක්ෂයන්හි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද මෙම අවස්ථාව ලැබිණි.

තවද ඉන්දියානු ප්‍රධාන විධායක නිලධාරී සංසදයේ ගෞරවනීය සාමාජිකයන් පිරිසක්ද සමගින් සමගි ජන බලවේගයේ බුද්ධි මණ්ඩපයේ සාමාජිකයන් පිරිසක්ද මෙම විශේෂ අවස්ථාවට සහභාගි වූහ. ශ්‍රී ලංකා විපක්ෂ නායකවරයා සහ ආචාර්ය මොන්ටෙක් සිංහ අහලුවාලියා අතර පැවැති මෙම නිල හමුව දෙරට අතර නායකයන් දෙදෙනකුගේ වැදගත් හමුවක් ලෙස හැඳින්විය හැකිය. මෙම සුවිශේෂ හමුව හුදෙක් සංවාදයකට පමණක් සීමා නොවූ අතර, ශ්‍රී ලංකාවේ ආර්ථිකය දියුණු කළ හැකි නව ක්‍රමෝපායන් සහ මාවත් රැසක් සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

මෙරට ආර්ථිකය ගොඩනැගීම කෙරෙහි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තුළ ඇති දර්ශනය සහ දූරදර්ශී නුවණ ගැන මෙම හමුවේදී ආචාර්ය මොන්ටෙක් සිං අහලුවාලියා මහතා බොහෝ පැහැදීමකට පත්වුණු බැව් කරුණු ප්‍රකාශ වී ඇත. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බොහෝ පිරිසිදු ප්‍රතිපත්තියක් අනුගමනය කරන ප්‍රජාතන්ත්‍රවාදී නායකයකු ලෙස පිළිගැනීමට ලක්විය.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

අලුත්ම තීරණයෙන් දැන් උදේ ඉඳන් රෑ වෙනකම් හොඳටම බොන්න පුලුවන්! බාර් ඇරලා තියෙන්නේ! I Sri Lanka Latest News

Next Post

රටටම කරන්ට් එක නෑ!  I Sri Lanka Latest News

MORE NEWS

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News
Exclusive

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.