• About us
  • Contact us
Saturday, June 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මල් කැකුලුත් අරන් ආශා දෑසින් බලාගෙන කස්තුරි සුවඳ ඔස්සේ නිල්ල සොයා ගියත් චංචල රේඛා නිසා බඹර කලාපයෙන් ඈතින් ඈතට ගිය සේන…! යළි හමුවෙනව කිව්වා! අපි බලන් ඉන්නවා තාමත්..! එක වතාවක් ඇවිත් යළි හමුවෙලා යන්න සේන…! අපි ඔබව කැන්දන් යන්නෙ රන් මල්මාලා දාලා…! I Sri Lanka Latest News

December 8, 2023
in Exclusive, News
Reading Time: 20 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දේශීය සිනමාව ස්වර්ණමය යුගයක් කරා ගෙනයාමට උරදුන් තවත් ප්‍රබල සිනමාකරුවෙකි සේන සමරසිංහ. සිය චිරාගත සම්ප්‍රදායක රටාව තුළ ප්‍රබල සිනමා නිර්මාණ රැසක් එතුමා අතින් නිර්මාණය විය. සිනමා ශාලාවලට ප්‍රේක්ෂකයන් කැන්දූ සිනමා පට ඒ අතර විශේෂිතය.(Sri Lanka Latest News)

1937.11.25 වැනි දින කෑගල්ලේ රන්දෙණියේදී උපන් සේන සමරසිංහයන්ගේ මුල් නම නන්දසේන සමරසිංහය. බණ්ඩාරවෙල ගුරුතලාව ශාන්ත තෝමස් විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ හෙතෙම පාසල් සමයේදී ක්‍රීඩා අංශයෙන් දස්කම් දක්වමින් පාසලේ නායකත්වයේද කැපීපෙනුණු ශිෂ්‍යයකු වූවේය.

බණ්ඩාරවෙල විසූ එවක ජනප්‍රිය සිනමා නළුවකු වූ ආනන්ද ජයරත්න ‘පටාචාරා’ චිත්‍රපටයේ රඟන අයුරු ඔහුට දක්නට ලැබෙන්නේ එම රූපගත කිරීම තම පියාට අයිති වතුයායක සිදුවෙද්දීය. රූපගත කිරීම් දෙස විමසිලිමත්ව සිටි ඔහු, එම චිත්‍රපටයේ අධ්‍යක්ෂ විමලනාත් දිසානායක චිත්‍රපටය මෙහෙයවන අයුරු ඉතා වුවමනාවෙන් බලා සිටියේය. සිනමාව ගැන ඇල්මක්, ළැදියාවක් ඔහුගේ සිත තුළ ලියලන්නට පටන්ගත්තේ එම රූපගත කිරීම දැකීමෙන් පසුවය.

ව්‍යාපාරික පවුලකින් පැවැත ආ ඔහුට සිය අධ්‍යාපන කටයුතු අවසන් කිරීමෙන් පසු, සිනමාව කෙරෙහි සිත් යොමුවීමට මූලික වූයේ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා තම හිතවත් මිතුරකු වීම නිසාය.

1973 දී මිල්ටන් ජයවර්ධන සමග ‘සදහටම ඔබ මගේ’ චිත්‍රපටය නිෂ්පාදනය කිරීම ඔහුගේ සිනමා ගමන් මගේ ආරම්භයයි.

ගාමිණී, මාලිනී, ජෝ, සෝනියා වැනි සිනමාවේ ජනප්‍රිය සිනමා නළු නිළියන් යොදාගනිමින් එම චිත්‍රපටය නිෂ්පාදනය කළේය. එම චිත්‍රපටය තුළින් සිංහල සිනමාවට ස්වතන්ත්‍ර ගී තනු නිර්මාණය කරන තවත් විශිෂ්ට සංගීතවේදීයකු වන සරත් දසනායකයන්ව හඳුන්වා දුන්නේද මෙතුමාය.

සේන සමරසිංහයන් ‘සදහටම ඔබ මගේ’ චිත්‍රපටය නිෂ්පාදනය කිරීමෙන් පසුව 1974 දී ‘කස්තුරි සුවඳ’ චිත්‍රපටය තුළින් සිනමා අධ්‍යක්ෂවරයකු බවට පත්විය. එයද ජනප්‍රිය සිනමාව තුළ වාර්තා පිහිටුවීමට සමත් වූ චිත්‍රපටයක් විය.

  1. කස්තුරි සුවඳ (1974.03.03)
  2. නිල්ල සොයා (1976.11.12)
  3. ආශා දෑසින් (1978.04.28)
  4. මල් කැකුළු (1980.01.04)
  5. චංචල රේඛා (1981.12.18)
  6. ඈතින් ඈතට (1983.05.06)
  7. යළි හමුවෙන්නයි (1986.02.07)
  8. බමර කලාපේ (1991.12.06)

යන සිනමා නිර්මාණයන් එතුමා නිර්මාණය කරන ලදී.

මෙම සිනමා නිර්මාණයන් විවිධ කතා තේමාවන් රැගත් ප්‍රබල වාණිජ ධාරාවේ චිත්‍රපට වීම විශේෂත්වයකි. වාණිජමය අතින් අති සාර්ථක වූ එම චිත්‍රපටවල දේශීය නැඹුරුවක් දක්නට තිබිණි. ඉතා මිහිරි සංගීත තනු නිර්මාණයන් සේම ඉතා විචිත්‍රවත් නැටුම් දර්ශනයන් එම චිත්‍රපටවල ඇතුළත්ව තිබිණි.

සිනමාවේ කලා ශිල්පීන් කිහිප දෙනකුම එතුමාගේ සිනමා නිර්මාණ තුළින් සිනමාවේ නමක් දීනූ කලා ශිල්පීන් ලෙස මතුවිය.

බන්දු සමරසිංහ ‘සදහටම ඔබ මගේ’ චිත්‍රපටයෙන් විකට නළුවකු ලෙස දොරට වැඩීම, සේනක පෙරේරා, රිචාඩ් වීරක්කොඩි (නිල්ල සොයා), මිල්ටන් මල්ලවාරච්චි ‘නිල්ල සොයා’ චිත්‍රපටයෙන් තිර කටහඬකට උචිත ගායකයකු ලෙස ස්ථාවර වීම, සරත් දසනායක ‘සදහටම ඔබ මගේ’ චිත්‍රපටය තුළින් සිනමා සංගීතයේ නව පිබිදීමක් ඇති කිරීම, හරිස් ජයරත්න ‘ඈතින් ඈතට’ තුළින් සිනමා නළුවකු ලෙස දොරට වැඩීම, ග්‍රේෂන් ආනන්ද ‘මල් කැකුළු’ චිත්‍රපටයෙන් සිනමා ගීත ගායනයට පිවිසීම, ශ්‍යාමි ෆොන්සේකා ‘මල් කැකුළු’ තුළින් සිනමා ගීත ගායිකාවක් වීම, චන්ද්‍රලේඛා පෙරේරා ‘යළි හමුවෙන්නයි’ චිත්‍රපටයෙන් සිනමා ගීත ගායිකාවක් ලෙස ක්ෂේත්‍රයට පිවිසීම ඒ අතර කැපීපෙනෙන සිදුවීම්ය.

සිනමා අධ්‍යක්ෂකවරයකු මෙන්ම තිර නාටක රචකයකු ලෙසද සිනමා පටවල සේන සමරසිංහයන් සම්බන්ධ විය.

‘බමර කලාපේ’ ඔහුගේ තිර නාටකයකි. ගීත රචකයකු ලෙසද ගීත කිහිපයක්ම රචනා කර ඇති එතුමා, විජය කුමාරතුංග සමග චන්ද්‍රලේඛා ගැයූ ‘මංගල නැකත’ සහ ‘සුදු දුව’ කැසට්පටද නිෂ්පාදනය කළේය. එහි ආ ගීත අතර, විජය කුමාරතුංග සමග චන්ද්‍රලේඛා ගැයූ ‘ඈත එහා ඔබ සිටිනා’, ‘මංගල නැකතින් යන්න’ යන ගීතද එතුමාගේ පද රචනාය. චන්ද්‍රලේකා ගයන ‘මංගල නැකතේ චූටි නංගි මගේ’ ගීතයේ රචකයාද මෙතුමාය.

‘බමර කලාපේ’ චිත්‍රපටයේ ආ වික්ටර් රත්නායක ගැයූ ‘කොවුලන් හඬනා හිමිදිරි යාමේ’ ගීතයද එතුමාගේ පද සංකල්පනාවකි.

එසේම, ‘සමරසිංහ චිත්‍රපට’ නමින් සිනමා චිත්‍රාගාරයක්ද එතුමා පවත්වාගෙන ගියේය. එයින් වෙනත් චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ චිත්‍රපට නිෂ්පාදන සඳහා කැමරා උපකරණ ආදිය සපයන ලදී. මෙසේ එතුමා සිනමා කර්මාන්තයට සුවිසල් සේවයක් ඉටුකළ සිනමාකරුවෙකි.

සිනමාව තුළ සිය චිරාගත සම්ප්‍රදායක ජනප්‍රියත්ව රටාවෙන් සිනමා ප්‍රේක්ෂකයන්ට සිනමාව ගැන සුන්දර ආකර්ෂණයක් ඇති කළ සේන සමරසිංහයන් පසු කලෙක ශ්‍රී ලංකා – පාකිස්තාන හවුල් නිෂ්පාදන කිහිපයක්ද ශ්‍රී ලංකාව වෙනුවෙන් අධ්‍යක්ෂණය කළේය.

එම චිත්‍රපට අතර,

  1. සදාකල් රැඳේවා
    (නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය)
  2. සිංහ පැටවු
    (සම නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය)
  3. දෝංකාරය
  4. අයියා නගෝ
  5. සෙබළියෝ
  6. ඔට්ටුයි බැරුවට
  7. සාගර පෙරළිය
  8. ඔක්කොම කපටියෝ

යන චිත්‍රපට වේ. එම චිත්‍රපටවල ශ්‍රී ලංකා අධ්‍යක්ෂණය සේන සමරසිංහගෙනි.

ජනප්‍රිය නිළි සබීතා පෙරේරා පාකිස්තාන චිත්‍රපටවල හඳුන්වාදීමේ ගෞරවයද හිමිවිය යුත්තේ සේන සමරසිංහයන්ටය ‘සදාකල් රැඳේවා’ චිත්‍රපටයේ රඟපෑමෙන් පසු සබීතා පාකිස්තානයේ ජනප්‍රිය නිළියක් බවට පත් වූවාය. සේන සමරසිංහයින් නිර්මාණය කළ ශ්‍රී ලංකා – පාකිස්තාන හවුල් නිෂ්පාදන කිහිපයකම ප්‍රධාන නිළිය වූයේද ඇයයි. මෙයින් ඇයට එරටේ මහත් කීර්තියක් අත්කර ගන්නට හැකි විය. එසේම ගාමිණී ෆොන්සේකා, ගීතා කුමාරසිංහටද පාකිස්තාන – ශ්‍රී ලංකා හවුල් නිෂ්පාදන සඳහා රංගනයන්ට අවස්ථාව ලැබුණේ සේන සමරසිංහයන් ශ්‍රී ලංකාව වෙනුවෙන් අධ්‍යක්ෂණය කළ හවුල් නිෂ්පාදන තුළිනි.

සමරසිංහයන්ගේ සිනමා නිර්මාණ කාර්යයෙහිලා රජ තුන්කට්ටුවක් සේ මෙතුමාට සහාය වූයේ සංගීතයෙන් සරත් දසනායකත්, කැමරාකරණයෙන් ඩැනී ඩබ්ලියු. පතිරනත්, තිරනාටක රචනයෙන් සෝමපාල ලීලානන්දත්ය. ඔවුන් තිදෙනාම එතුමාගේ සිනමා චාරිකාවට මහත් අත්වැලක් සැපයූ සිනමා කලාකරුවන්ය.

සංගීතවේදී සරත් දසනායකයන් තැනූ මිහිරිම තනු රාශියක් ඇතුළත්ව තිබෙනුයේ සේන සමරසිංහයන්ගේ නිර්මාණ තුළ වීමද විශේෂත්වයකි.

එම මියුරු ගී අතර,

  1. අමර පෙම් ලතාවේ
    (ජෝති-ඇන්ජලීන-සදහටම ඔබ මගේ)
  2. වාසනාව දොර ඇරලා බලනවා
    (ජෝති-එම්.එස්-සදහටම ඔබ මගේ)
  3. පෙම් රස වෑහෙන මංගල ගීතේ
    (වික්ටර්-ඉන්ද්‍රානි පෙරේරා-
    සදහටම ඔබ මගේ)
  4. පාට පොදක් තිලකලා
    (ජෝති-ඇන්ජලීන්-කස්තුරි සුවඳ)
  5. ලස්සන ලෝකෙක ඉපදීලා
    (ජෝති-කස්තුරි සුවඳ)
  6. මල් වයසේ මධු මිහිරේ
    (ජෝති-වික්ටර්-එම්.එස්.-කස්තුරි සුවඳ)
  7. පෙම්වතියන්නේ
    (ඇන්ජිලීන් ගුණතිලක-කස්තුරි සුවඳ)
  8. හද විමන් දොරින්
    (ජෝති-ඇන්ජලීන්-කස්තුරි සුවඳ)
  9. මියුරු පෙම් මදිරාවේ
    (මිල්ටන්-ඇන්ජලීන-නිල්ල සොයා)
  10. යෞවන උයනේ
    (මිල්ටන්-ඇන්ජලීන-නිල්ල සොයා)
  11. කෙල්ලේ මා ආදර කෙල්ලේ
    (මිල්ටන් මල්ලවාරච්චි-නිල්ල සොයා)
  12. නිල්ල නගන ස්වර්ණ කිකිණි රාවේ
    (මිල්ටන් මල්ලවාරච්චි-නිල්ල සොයා)
  13. සිටු මැඳුරේ හෝ පුංචි පැලේ හෝ
    (ඇන්ජිලීන් ගුණතිලක-නිල්ල සොයා)
  14. මුව මඳහාසේ
    (මිල්ටන් මල්ලවාරච්චි-ආශා දෑසින්)
  15. විකසිත පැතුමන්
    (මිල්ටන් මල්ලවාරච්චි-ආශා දෑසින්)
  16. ආශා බැඳේ හදේ මා ආශා
    (ලතා වල්පොල-ආශා දෑසින්)
  17. අනංග රන් හී
    (මිල්ටන්-ඇන්ජලීන්-ආශා දෑසින්)
  18. ආරාධනා ඉවසා
    (මිල්ටන්-ඇන්ජලීන්-ආශා දෑසින්)
  19. බිඳු බිඳු කඳුළු ගලා
    (ග්‍රේෂන්-ප්‍රියා-ශ්‍යාමි ෆොන්සේකා-
    මල් කැකුළු)
  20. සුරංගනා කතා පොතේ
    (මිල්ටන්-ප්‍රියා-මල් කැකුළු)
  21. මල් මල් වාරම්
    (මිල්ටන්-ඇන්ජලීන්-මල් කැකුළු)
  22. ලස්සන දෑසක්
    (මිල්ටන්-ශ්‍යාමි ෆොන්සේකා-
    මල් කැකුළු)
  23. කීන දං මිටක්
    (මිල්ටන්-නීලා-චංචල රේඛා)
  24. මී අඹ අත්තේ කොහෝ කොහෝ
    (මිල්ටන්-නීලා-චංචල රේඛා)
  25. හස කැලුම් උදාවේවා
    (නීලා වික්‍රමසිංහ-චංචල රේඛා)
  26. කැන්දම් යන්නම් රන් මල් මාලා දාලා
    (මිල්ටන්-ග්‍රේෂන්-ප්‍රියා-ඇතින් ඈතට)
  27. බෝධියේ විහාරයේ
    (නීලා වික්‍රමසිංහ-ඈතින් ඈතට)
  28. ආදරයේ මන්දිරේ
    (වික්ටර්-චන්ද්‍රලේඛා-යළි හමුවෙන්නයි)
  29. සඳ පායා ආකාසේ
    (මිල්ටන් මල්ලවාරච්චි-යළි හමුවෙන්නයි)
  30. හිරු සඳු පායා
    (මිල්ටන්-චන්ද්‍රලේඛා-බමර කලාපේ)

වැනි රසාලිප්ත සිනමා ගී රැසක් ඇත. මෙතුමාගේ ජනප්‍රියතම සිනමා නිර්මාණයක් වූ ‘චංචල රේඛා’ සිනමා පටයේ ඇතුළත් වූ මිල්ටන් සමග නීලා ගැයූ ‘මී අඹ අත්තේ කොහෝ කොහෝ’ ගීතය සෑම සිංහල අවුරුද්දකදීම සැබෑ සිනමා රසික ශ්‍රාවක අපගේ සවන් අග රැව්දෙන ගීතයක්ව අදටත් පවතී.

අයියා නගෝ දෙදෙනකුගේ සහෝදර ප්‍රේමයක් ගැන කියවුණු ඉතා සුන්දර සිනමා නිර්මාණයක් ලෙස එය සදා අප හදවත්වල රැඳී තිබීමට සමත්ය.

සිනමා සක්විති ගාමීණී ෆොන්සේකා සමග ප්‍රවීණ රංගවේදිනී නදීකා ගුණසේකරගේ සුන්දර රංගනයන් කිසිදා අමතක නොවන සිනමා මතක සටහන් අතර තිබෙන්නේය. එය සේන සමරසිංහයන්ගේ නිර්මාණ විශිෂ්ටත්වයේ සලකුණකි.

සිය නිර්මාණයන් තුළින් හරවත් සුන්දර සිනමා නිර්මාණයන් එළිදැක් වූ එතුමා සිනමාව පෝෂණය කරමින් සිනමා ශාලාවලට ප්‍රේක්ෂකයන් කැන්දූ චිත්‍රපට නිර්මාණය කර ‘බමර කලාපය’ චිත්‍රපටයට පසු සිනමා අධ්‍යක්ෂණයෙන් ඇත්වූයේය. සියලු කලා කටයුතුවලින් ඇත්ව සිය ජීවිතයේ සැඳැ සමය තම දූ දරුවන් සමග සතුටින් ගතකරන මෙතුමාගේ 86 වැනි ජන්ම දිනය පසුගිය 25 වැනිදාට යෙදී තිබිණි. සිය නිර්මාණකරණයෙන් සිංහල සිනමාවට විශිෂ්ට සේවාවක් කළ සේන සමරසිංහ සිනමාකරුවාට නිදුක්, නිරෝගී සුවය, දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් මා මෙම සටහන නිම කරනුයේ මෙය එතුමාට උපහාරයක් වේවායි ආශිංසන කරමිනි.

රොහාන් සෙනෙවිරත්න (විශේෂ ස්තුතිය – සජිනි සමරසිංහ)

SendShareShare
Previous Post

සජිත් වැඩ කරන එක නොනවත්වයි! සක්වල නොනවතින රැල්ලේ 52වන ස්මාර්ට් පන්ති කාමරය අද කොළඹ ශන්ත අන්තෝනි සිංහල විදුහලට! 53 වැන්න හෙට මැදකොළඹ හින්දු කාන්තා මහා විද්‍යාලයට! 54 වැන්න සපුගස්කන්ද මහා විද්‍යාලයට! VIDEO I Sri Lanka Latest News

Next Post

රොෂාන් රණසිංහ කොටු කරන්න ගහපු ප්ලෑන් එක BBC එක හෙළිකරයි I Sri Lanka Latest News

MORE NEWS

අසූචි පොහොර නැවේ සිද්ධියට වරෙන්තු පිට සිටි මහින්දානන්ද රිමාන්ඩ්!  I Sri Lanka Latest News
Exclusive

මහින්දානන්දගේ කැරම් බෝඩ් නඩුවත් ජුලි 23 එනවා! Sri Lanka Latest News

කතරගම දේවාලයෙන් අපේක්ෂා රෝහලේ අලුත් ගොඩනැගිල්ල හැදුවේ බලෙන්ද? දැන් ජාතික සැලැස්ම හැදුවා කිව්වනේ? ඒක පාර්ලිමේන්තුවට දාන්න! සුවසැරියට ගහපු එකත් අසාධාරණයි! නලින්දගේ කතාවට තවත් උත්තරයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවේ 4 වැනි පේළියේ ඇඹිලිපිටිය අධිකරණයෙන් අත්හිටවූ සිර දඬුවම් ලබා ඉන්න මාලිමා මන්ත්‍රීවරයා කව්ද? මන්ත්‍රීවරයා සභාවේ සිටියදීම අජිත් පී. පෙරේරාගෙන් හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

පාස්කු බෝම්බයේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් වූ ඉල්හාම්-ඉන්සාෆ් සහෝදරයන්ගේ කෝටිපති පියා ඊබ්‍රාහිම්ට ඇප ලැබෙයි!
Exclusive

පාස්කු ප්‍රහාරයට සල්ලි දීපු ඊබ්‍රාහිම් නානාව කාලා බලලා ජාතික ලයිස්තුවට දැම්මෙ නෑ කියලා කියපු අනුරම අද සජිත්ගෙන් අහනවා චරිත් අබේසිංහ ගැන මොකද කරන්නේ කියලා! අද වනතුරු නානාව පක්ෂ සාමාජිකත්වයෙන් අයින් කරලා නෑ! VIDEO I Sri Lanka Latest News

2004 චන්ද්‍රිකා ළඟට ඇවිත් ඇමැතිකම් 5ක් ගත්තා! 2005 මහින්ද දිනවන්න රට වටේ ගිහින් වැඩ කළා! 2010 UNPයේ රනිල් එක්ක ෆොන්සේකාට වැඩ කළා! 2015 මෛත්‍රීපාලව දිනවන්න අපි ළඟට ආවා! ගිය අවුරුදු 11ට ජවිපෙ පැති 4ක් මාරු කළා! අධිකරණ ඇමැති ජවිපෙ ඉතිහාසය ගැන කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

විජේදාස අනුරටත් ලක්ෂ 25ක් දුන්නා! අනුරත් ඒක පිළිගත්තා! බොරු නම් අනුරගේ හඬපටය මෙන්න! චරිත්ට සජබය විනය ක්‍රියාමාර්ග ගත්තා! දැන් අනුරට ගන්න ක්‍රියාමාර්ගය මොකද්ද? VIDEO I Sri Lanka Latest News

‘සෝලා පවර්’ එක ආණ්ඩුව ගන්නේ නෑ කියලා පරාජිත-බංකොලොත් කණ්ඩායමක් බොරු කියලා රට ඇතුළේ බලශක්ති අර්බූදයක් හදන්න යනවා! අපි යන්නේ 2030 වෙද්දී 70%ක පුනර්ජනනීය බලශක්ති ඉලක්කයකට! විදුලිබල ඇමැතිගෙන් රටට ප්‍රකාශයක්!  I Sri Lanka Latest News
Exclusive

කළුවරේ ඉන්න කැමැති නැත්නම් දවස් 3ක් ගෙවල්වල සෝලාර් පද්ධති ඕෆ් කරන්න! I Sri Lanka Latest News

සජිත් නාමල් එක්ක කතා කරද්දි ඩීල්.. ඩීල්.. ඩීල්.. ඩීල්.. කිව්වා! එතකොට මාලිමාව පොහොට්ටුව එක්ක සභා පිහිටුවද්දි ඩීල් නෙමෙයිද? පිල්ලෙයාන් හිරේ දාලා පිල්ලෙයාන්ගේ පක්ෂයත් එක්ක සභා පිහිටුවද්දී ඩීල් නෙමෙයිද? ඒවට මොකද කියන්නේ?  VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත් ඊයෙම කිව්වා! ගියේ පැය 24යි කියපු දේ ඔප්පු කරලම පෙන්නුවා! චරිත්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසියි! සජබෙ සියලුම තනතුරුවලිනුත් ඉවත් කරයි!  I Sri Lanka Latest News

Load More
අසූචි පොහොර නැවේ සිද්ධියට වරෙන්තු පිට සිටි මහින්දානන්ද රිමාන්ඩ්!  I Sri Lanka Latest News
Exclusive

මහින්දානන්දගේ කැරම් බෝඩ් නඩුවත් ජුලි 23 එනවා! Sri Lanka Latest News

කැරම් බෝඩ් සිද්ධිය සම්බන්ධයෙන් සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අයට එරෙහිව...

Read more
කතරගම දේවාලයෙන් අපේක්ෂා රෝහලේ අලුත් ගොඩනැගිල්ල හැදුවේ බලෙන්ද? දැන් ජාතික සැලැස්ම හැදුවා කිව්වනේ? ඒක පාර්ලිමේන්තුවට දාන්න! සුවසැරියට ගහපු එකත් අසාධාරණයි! නලින්දගේ කතාවට තවත් උත්තරයක්! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ 4 වැනි පේළියේ ඇඹිලිපිටිය අධිකරණයෙන් අත්හිටවූ සිර දඬුවම් ලබා ඉන්න මාලිමා මන්ත්‍රීවරයා කව්ද? මන්ත්‍රීවරයා සභාවේ සිටියදීම අජිත් පී. පෙරේරාගෙන් හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

පාස්කු බෝම්බයේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් වූ ඉල්හාම්-ඉන්සාෆ් සහෝදරයන්ගේ කෝටිපති පියා ඊබ්‍රාහිම්ට ඇප ලැබෙයි!

පාස්කු ප්‍රහාරයට සල්ලි දීපු ඊබ්‍රාහිම් නානාව කාලා බලලා ජාතික ලයිස්තුවට දැම්මෙ නෑ කියලා කියපු අනුරම අද සජිත්ගෙන් අහනවා චරිත් අබේසිංහ ගැන මොකද කරන්නේ කියලා! අද වනතුරු නානාව පක්ෂ සාමාජිකත්වයෙන් අයින් කරලා නෑ! VIDEO I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ හෙට දවස වෙනුවෙන් කෘෂි වන වගාව ශක්තිමත් කළ යුතුයි ! නියාමනය අවශ්‍යයි! නමුත් එය කර්මාන්තය ආරක්ෂා කරන නියාමනයක් විය යුතුය! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ හෙට දවස වෙනුවෙන් කෘෂි වන වගාව ශක්තිමත් කළ යුතුයි ! නියාමනය අවශ්‍යයි! නමුත් එය කර්මාන්තය ආරක්ෂා කරන නියාමනයක් විය යුතුය! Sri Lanka Latest News

2004 චන්ද්‍රිකා ළඟට ඇවිත් ඇමැතිකම් 5ක් ගත්තා! 2005 මහින්ද දිනවන්න රට වටේ ගිහින් වැඩ කළා! 2010 UNPයේ රනිල් එක්ක ෆොන්සේකාට වැඩ කළා! 2015 මෛත්‍රීපාලව දිනවන්න අපි ළඟට ආවා! ගිය අවුරුදු 11ට ජවිපෙ පැති 4ක් මාරු කළා! අධිකරණ ඇමැති ජවිපෙ ඉතිහාසය ගැන කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

විජේදාස අනුරටත් ලක්ෂ 25ක් දුන්නා! අනුරත් ඒක පිළිගත්තා! බොරු නම් අනුරගේ හඬපටය මෙන්න! චරිත්ට සජබය විනය ක්‍රියාමාර්ග ගත්තා! දැන් අනුරට ගන්න ක්‍රියාමාර්ගය මොකද්ද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.