ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයකට අදාළ චෝදනා මත හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාට එරෙහිව 2019 වසරේ දී පනවා තිබූ නඩුවෙන් නිදහස් කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (06) නියෝග කළේය.Sri Lanka Latest News
නීතිපතිවරයා අධිකරණයට අද දැනුම්දී ඇත්තේ, නාලක සිල්වා මහතාට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවයි.
මෙම චෝදනා එල්ල කරනු ලැබුවේ නාමල් කුමාර නැමැත්තකු විසිනි.
කෙසේවෙතත් එවකදී අතිබහුතරයක් මාධ්‍ය සම්පූර්ණයෙන්ම සිය වාර්තාකරණයන් සිදු කළේ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයට සම්බන්ධ බවට තහවුරු වන ආකාරයට වීම විශේෂ සිදුවීමකි.










