ගෙල වැලලාගෙන මියගොස් ඇති බවට සැක කෙරෙන පිරිමි දරුවෙකුගේ සිරුරක් සයින්දමරුදු ප්‍රදේශයේ මද්‍රසා පාසලක තිබී සොයාගෙන තිබේ.Sri Lanka Latest News
මෙලෙස මියගොස් තිබුණේ කාත්තාන්කුඩි ප්‍රදේශයේ පදිංචිව සිටි එම්. එස්. මුෂාබ් නමැති 13 හැවිරිදි සිසුවෙකි.
එම දරුවාගේ මරණය සැක සහිත බව පවසමින් ඊයේ (05) රාත්‍රියේ ප්‍රදේශවාසීන් අදාළ මද්‍රසා පාසල වැටලා තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ඇරඹූ සයින්දමරුදු පොලීසිය අදාළ මද්‍රසා පාසලේ පාලකවරයාව අත්අඩංගුවට ගත්තේය.
පොලීසිය සඳහන් කරන්නේ මෙම මරණය හේතුවෙන් ජනතාව ව්‍යාකූල තත්ත්වයකට පත්වී සිටින බවය.










