බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් මහතා හට කොරෝනා වෛරසය වැළදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
තමන්ට කොරෝනා වෛරසයේ රෝග ලක්ෂණ පෙන්නුම් කළ බවත් ඒ අවස්ථාවේදී තමන්ට ලද උපදෙස් මත ඒ සම්බන්ධයෙන් වන පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව පරීක්ෂණය ධනාත්මක වූ බව හෙතෙම අනාවරණය කොට තිබේ.
මිට දින කිහිපයකට පෙර බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාර්ල්ස් කුමරයාටද නව කොරෝනා වෛරසය වැළදී ඇති බව තහවුරු විය.










