පොල්දූව මංසන්ධියේ, පාර්ලිමේන්තු වටරවුම අවහිර කරමින් මහජන පීඩාවක් ඇති වන ලෙස පැවැත්වීමට නියමිත විරෝධතාවය වළක්වාලමින් ගුරු – විදුහල්පති සංගම් නියෝජිතයින්ට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ අතිරේක මහෙස්ත්‍රාත්වරයා විසින් නියෝගයක් නිකුත් කර තිබේ.Sri Lanka Latest News
අද (05) දින කාර්යාල දිනයක් බැවින් ජනතාවට සිදුවිය හැකි අපහසුතාවය සලකා බලා අධිකරණය විසින් එම නියෝගය නිකුත් කර ඇත.
ගුරු විදුහල්පති සමිති සංධානයේ ලේකම් ජොසප් ස්ටාලින්, ලංකා ගුරු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා ඇතුළු වගඋත්තරකරුවන් 8 දෙනෙකු වෙත එම අධිකරණ නියෝගය ලබාදී තිබේ.










