අද (26) දිනය තුළද මෙතෙක් කිසිදු කොරෝනා රෝගියකු මෙතෙක් වාර්තා වී නොමැති බව දැනගන්නට තිබේ.
මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වී අංගොඩ අයි.ඩී.එච්.රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් 4 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇත.
එම රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඔවුන් 4 දෙනාම පිරිමි පුද්ගලයින් බවය.
ඊයේ දිනයේදී ද 24 හැවිරිදි තරුණියක් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබිණ.
ඒ අනුව චීන ජාතික කාන්තාව ද ඇතුළුව පුද්ගලයින් 7 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇත.