• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනාධිපති වෙන්න කලින් රනිල් කඩපු ගිවිසුමක් සුමන්තිරන් හෙළිකරයි I රනිල් පාර්ලිමේන්තුවට ඇවිත් සුමන්තිරන්ට ප්‍රහාරයක් දෙයි! අහක හිටපු සාලියත් පැටලෙයි! ට්විටර් එකෙන් සාලියත් ගහයි…! Sri Lanka Latest News

December 5, 2023
in Exclusive, News
Reading Time: 5 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘අද පාර්ලිමේන්තුවේ කතාවුණු ප්‍රධානතම විෂයක් වුණේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව යන්නයි. ජනාධිපතිතුමාත් මෙහි පැමිණ ඒ ගැන බොහෝ දේ කතා කළා. ඔහු ප්‍රකාශ කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පවතින්නේ විධායකයේ කොටසක් හැටියටයි. එහෙත් විපක්ෂයේ පාර්ශ්ව ප්‍රකාශ කරන්නේ එය ව්‍යස්ථාදායකයේ එක්තරා කොටසක් ලෙසටයි.(Sri Lanka Latest News)

කෙසේ නමුත් මේ වැදගත් සභාවේ නිසි ක්‍රියාභාරය අප හොඳින් අවබෝධ කරගන්නට ඕනෑ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තුළ මේ වන විට විශාල අර්බුදකාරී තත්ත්වයක් පවතින බව බොහෝ දෙනකු දන්නවා. මට මෙහිදී මූලික ප්‍රශ්නයක් මතුකිරීමට අවශ්‍යයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් දසදෙනකු සිටිය යුතුයි. එහෙත් මේ වන විට පත්කර ඇත්තේ සාමාජිකයන් නවදෙනකු පමණයි. මෙහි තව එක් පුරප්පාඩුවක් තිබෙනවා. මේ සඳහා මන්ත්‍රීවරයකු නම්කිරීමේ අයිතිය අපේ පක්ෂයටත් තිබෙනවා. ඒ නිසා පසුගිය කාලයේ එම පුරප්පාඩුව සඳහා අපගේ ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්තන් මහතාගේ නම යෝජනා කළා. එහෙත් අද වන තුරුත් ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පත්කළේ නැහැ…’

‘මේක ඉතා අසාධාරණ තත්ත්වයක්. අප මේ තත්ත්වය ගැන කිහිප වරක් කතාකර සිටියා. විපක්ෂ නායකතුමා පාර්ලිමේන්තුවේදී සහ පක්ෂ නායක රැස්වීමේදීත් මේ ප්‍රශ්නය ගැන පැහැදිලිවම කතා කරලා තියෙනවා. කතානායකතුමාටත් පැහැදිලිවම ප්‍රකාශ කර තිබෙනවා. මේ මගින් පාර්ලිමේන්තුවේ තුන්වැනි විශාලතම පක්ෂය වන සහ විපක්ෂයේ දෙවැනි විශාලතම පක්ෂය වන අපට විශාල අසාධාරණයක් සිදුව තිබෙනවා. මේ නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාකච්ඡාවලට සහභාගි වීමට අපට ඇති අයිතිය අහිමි කර තිබෙනවා.

මෙයින් ලැබෙන ප්‍රතිඵලය කුමක්ද? දෙමළ ජාතික ප්‍රශ්නය විසඳනවා කියලා ජනාධිපතිතුමා මුලින් අගමැති ධුරයට පත්වෙලා, පසුව ජනාධිපති ධුරයටත් පත්වුණු දිනයේ ඉඳන් කියනවා. ඔහු සර්වපාක්ෂික සභාවන් තුනක් පැවැත්වීමට කටයුතු කළා. මෙම සම්මන්ත්‍රණ ගිය වසරේ එකක් සහ මේ වසරේ දෙකක් ලෙස පවත්වනු ලැබුවා. මේ ප්‍රශ්නය විසඳන්න යම් එකඟතාවක් තිබ්බා. නමුත් ජනාධිපතිතුමා ඒ එකඟතා කැඩුවා. නමුත් එතුමාටවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවටත් මේ ප්‍රශ්නය විසඳන්න බැහැ. දෙමළ ජාතික ප්‍රශ්නය ගැන සාධාරණ ලෙසින් විසඳීමක් ගැන කතා කරනවා. මේ රටේ සැමට සමාන නියෝජනයක් තිබෙනවා කියලා ඔබතුමාලා ප්‍රකාශ කරනවා. එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අපගේ ස්ථානය අහිමි කර තිබෙනවා. මේක බරපතළ ජාතික ප්‍රශ්නයක් ලෙසට මම මේ වෙලාවේ සඳහන් කර සිටිනවා…’

කුමක්ද මේ බැරෑරුම් දෝෂාරෝපණය? මෙම වගතුග කියා සිටින්නේ කවුරුන් විසින්ද? පසුගියදා මෙම අදහස් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේ ප්‍රවීණ නීතිවේදියකු වන යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතා විසිනි. ඔහු 2015 වසරේ සිට දෙමළ ජාතික සන්ධානය (ඉලංකෙයි තමිල් අරසු කච්චි) නියෝජනය කරන මන්ත්‍රීවරයෙකි.

එසේ නම් මෙම මන්ත්‍රීවරයා මෙවැනි ප්‍රකාශයක් සිදුකිරීමට හේතු වූයේ කුමක්ද? එය නම් මෙයට දින කිහිපයකට ඉහතදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ දිනවල පැවැත්වෙන අයවැය විවාදය අතරතුරදී පාර්ලිමේන්තුවට පැමිණ සිදුකරන ලද විශේෂ ප්‍රකාශයකි. මෙහිදී ඔහු බොහෝ සුවිශේෂ කරුණක් ලෙසින් ගෙනහැර දැක්වූයේ වර්තමානයේ ශ්‍රී ලංකාවේ ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ’ ස්ථාවරය පිළිබඳ උද්ගතව ඇති යම් අර්බුදකාරී තත්ත්වයක් ගැනය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නීතිමය ස්ථාවරය සම්බන්ධයෙන් යම් දේශපාලනික අර්බුදයක් හටගෙන ඇති ආකාරයක් ගැන ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී කරුණු ප්‍රකාශ කර සිටියේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විධායක ක්‍රමය යටතේ පවතින බව ජනාධිපතිවරයා ප්‍රකාශ කරන නමුත්, විපක්ෂය පවසන්නේ එය ව්‍යවස්ථාදායකයේ කොටසක් ලෙස පවතින බවයි. මෙම තත්ත්වය දැනට දේශපාලනික අර්බුදයක් සහ ඒ හරහා දේශපාලනික විවාදයක් බවටද පත්ව ඇත. පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තුවේදී සිදුකරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශය ගැන සොයා බලමු.

‘අපි දූෂණ විරෝධී කොමිෂන් සභා පනත ඉදිරිපත් කළා. මම දැන් මාස තුනක් තිස්සේ කොමසාරිස්වරුන්ගේ නම් ලැබෙන තුරු බලාගෙන ඉන්නවා. දූෂණයට එරෙහිව කටයුතු කිරීම සම්බන්ධයෙන් අප සාකච්ඡා කළද යම් පුද්ගලයන් කිහිප දෙනකු විසින් මතුකරන ලද එක්තරා කනස්සල්ලක් හේතුවෙන් කොමිෂන් සභාවේ සාමාජිකයන් පත්කිරීම ප්‍රමාද වෙලා තියෙනවා. සුළු ගැටලුවක් තිබුණත් පත්වීම් සඳහා නම් එවිය යුතු බව අවධාරණය කරමින් අපි නීතිපතිවරයාගෙන් උපදෙස් පැතුවා. ඕනෑම නෛතික අභියෝගයකට මුහුණ දීමට මම සූදානම්.

දූෂණය පිටුදැකීමට අප සැබැවින්ම කැපවී සිටියා නම්, අපට මෙම පත්කිරීම් කරගෙන යෑමට තිබුණා. එහෙත් මෙම ක්‍රියාවලියේ ප්‍රමාදය නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභවේ ඵලදායී ක්‍රියාකාරීත්වය අඩාළ කරනු ලැබුවා. පසුගියදා පාර්ලිමේන්තුවේදී සඳහන් කරනු ලැබුවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව යනු ව්‍යවස්ථාදායකයේ කොටසක්ය කියලා. එහෙත් මෙහිදී මම ප්‍රකාශ කර සිටින්නේ ව්‍යවස්ථාදායක සභාව කියන්නේ විධායකයේ කොටසක් හැටියටයි. මේ තත්ත්වය ගැන සුමන්තිරන් මන්ත්‍රීතුමා මතය ප්‍රතික්ෂේප කරමින් තම අදහස කියා සිටියා.

මම කැමැතියි මෙතැනදී එතුමාට 17 වැනි ව්‍යවස්ථා සංශෝධන නඩුවේ තීන්දුව කියවන්න. මෙහිදී පැහැදිලිවම ප්‍රකාශ කර තිබෙනවා 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ ව්‍යවස්ථාදායක සභාවේ බලතල හිමිවන්නේ විධායකයටය කියලා. සුමන්තිරන් මන්ත්‍රීතුමාට ඒ ගැන කියවලා පැහැදිලිවම අදහසක් ලබාගන්න පුළුවන්. මේක විධායකයේ කොටසක් හැටියටයි අපි යෝජනා කළේ. විධායක ජනාධිපතිවරයාගේ කටයුතුවලට සහාය වීමටයි එසේ සිදුකර ඇත්තේ…’

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු ප්‍රකාශය තවදුරටත් මෙසේ ගලායයි.

‘මේ අතර තවත් ප්‍රකාශයක් සිදුකරලා තිබුණා අපි නීතිඥ සංගමයේ ලියවිල්ලකට අස්සන් කරලා තිබුණා කියලා. මට එක දෙයක් පැහැදිලිවම කියන්න ඕනෑ. මම ඔය නීතිඥ සංගමයේ කිසිම දෙයක් ගැන දන්නේ නැහැ. නීතිඥ සංගමයේ කිසිම දෙයකට මම අස්සන් කරලා නැහැ. ඔය නීතිඥ සංගමය මගෙන් කිසිම දෙයක් අහලවත්, ඒ වගේම කිසිම දේකට මාව කැඳවලත් නැහැ. සමහර පක්ෂ සම්බන්ධ වුණු ඒ වගේ ලියවිල්ලක කොපියක් නම් පසුගිය කාලේ දකින්න ලැබුණා. මටත් ඒ කොපියක් ලැබුණා. මෙවැනි ලියවිල්ලක් කොහේවත් සම්මත වෙලා තිබුණද? මම නම් දන්න තරමින් එහෙම දෙයක් වුණේ නැහැ.

ඉතින් මේ වගේ ප්‍රකාශ සිදුකරන්නේ කොහොමද? මැයි 09 දාට පෙර අපි හුඟ දෙනෙක් එකඟ වෙලා තිබුණා මේ ආණ්ඩුවට කරගෙන යන්න බැරිනම් පළමුවැනි දේ කරන්න ඕනෑ වෙන්නේ විපක්ෂ නායකතුමා කැඳවන එකය කියලා. එතුමා ඒ සඳහා සහභාගි වන්නේ නැතිනම් ඊළඟ පියවර වශයෙන් කියලා තිබුණා පාර්ලිමේන්තුවේදී මේ ගැන සාකච්ඡා කළ යුතුයි කියලා. ඉතින් අපිට මේ නීතිඥ සංගමයක් ඕනෑ නැහැ. ඔය නීතිඥ සංගමය එක්ක සාකච්ඡා කරන්න සමහර පක්ෂ නායකයන් ගියා. ඒ පක්ෂ නායකයන්ට තිබුණා පාර්ලිමේන්තුවත් එක්ක කතා කරන්න. ඒත් ඒ වෙනුවට ඒ අය දුවගෙන ගියා නීතිඥ සංගමයේ ප්‍රධාන කාර්යාලයට. මම නම් ඔය කියන කිසිම තැනකට ගියේ නැහැ. මම ඒ අය එක්ක කිසිම සම්බන්ධයක් තියාගත්තෙත් නැහැ.

කොහොම හරි 07 සහ 08 දිනවල නීතිඥ සංගමය ගිහින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා එක්ක කතා කළා. එදා කතා කළේ විපක්ෂ නායකතුමාට මේ තනතුරු දෙන එකක් ගැන නෙවෙයි. එතැනදී කතා වුණේ මේ තනතුරු සඳහා දේශපාලනයෙන් තොර කවුරු හරි පත්කරන්නට ඕනෑය කියලයි. ඕනෑ නම් මන්ත්‍රීවරයකුට පාර්ලිමේන්තුවෙන් ඉවත් වෙලා, ඒ කියන්නේ ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීවරයකු ඒ සඳහා යොදවලා ඒ තැනැත්තාට අගමැතිකම භාරදෙන්න කියලා. මම මෙතැනදී කතා කරන්නේ කරු ජයසූරිය මැතිතුමා ගැන නෙවෙයි…’

මෙහිදී ජනාධිපතිරවයාගේ ප්‍රකාශය හරහා යම් සුවිශේෂ කරුණක් ප්‍රකාශ වූ අතර, එය ආන්දෝලනාත්මක වගතුගක් බවට පත්විය. එය මෙසේ ගෙනහැර දක්වමු.

‘මම මේ කරුණු ගැන මෙහිදී විශේෂයෙන්ම කියා සිටින්නට ඕනෑ, නීතිඥ සංගමය බලාපොරොත්තු වුණේ එදා සාලිය පීරිස් මැතිතුමා (ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති) මන්ත්‍රීවරයෙක් වෙලා පසුව අගමැති ධුරයට පත්වෙයි කියලා. ඕක රහසක් නෙවෙයි. ඒක එතකොට කවුරුත් දන්නවා. අපි ඒ වග දැනගත්තා. ඒත් 09 වැනිදා වෙනකොට ගෝල්ෆේස් ඇතිවුණු සිද්ධියෙන් ඒ තත්ත්වය වෙනස් වුණා. පාර්ලිමේන්තු කණ්ඩායම්වත් මේ ගැන දන්නේ නැහැ. එදා එතැනට විපක්ෂ නායකතුමා ගියා. අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා ගියා. ඒත් ඒ අය එතැනින් පලවා හැරියා.

නිර්පාක්ෂික අගමැතිවරයෙක් සොයාගන්න එක හොඳයි කියලා ඒ වෙලාවේ හැමෝම හිතුවා. නිර්පාක්ෂික අගමැතිවරයෙක් එයි කියාල තමයි බලාගෙන හිටියේ. සමහරු සූට් හිටන් මහගෙන ලෑස්ති වෙලා හිටියේ (සභාවෙන් සිනා). ඒක අපි හොඳටම දන්නවා. විපක්ෂ නායකතුමා මේක භාරගත්තේ නැහැ. ඒ නිසා අනෙක් අය සූට් මහගෙන ලෑස්ති වෙලා හිටියේ (සභාවෙන් සිනා). මේක ඔබතුමන්ලාගේ වැරැද්ද. අන්තිමට ඔබතුමන්ලා ගිහින් ජනාධිපතිතුමාට කිව්වා මාව කැඳවන්න කියලා. ඒ එක්කම මට ඇවිල්ලා කරදර කළා කතා කළොත් එපා කියන්න එපා ගිහිල්ලා හම්බවෙන්න කියලා. බලන්න ඉතින් ඕගොල්ලන් කරපු වැඩේ. සූට් එකටත් ආපහු ගෙවන්න වෙන වැඩක්නේ කළේ (සභාවෙන් සිනා). තමුන්නාන්සේලා කරපු වැඩේ නිසා විශාල නාස්තියක් ඇතිවුණා.

එතකොට එරාන් වික්‍රමරත්න මන්ත්‍රීතුමා කිව්වා අපි භාරගත්තේ නැති වුණොත් රනිල් වික්‍රමසිංහ භාරගත්තොත් මොකක් වෙයිද කියලා. කොහොම හරි තාම ඒ ගැන හිත හිතා ඉන්නවා. කමක් නැහැ ඒවා අමතක කරමු. මම සජබෙට චෝදනා මුකුත් කරන්නේ නැහැ. සමහරු හිතුවා මේක ද්‍රවිඩ ඩයස්පෝරාව කළා කියලා. ඒත් එහෙම දෙයක් වුණේ නැහැ කියලා පැහැදිලි වුණා. අපි ඒ වෙලාවේ හිතුවේ රාජපක්ෂලාට සිංහල සහයෝගය තියෙනවා කියලා. අපිත් මේ තාම සොයා බලන්නේ මේ අරගලය පිටුපස තිබුණු බලවේගය කුමක්ද කියලා. මම මේ තත්ත්වයන්ට විපක්ෂයටවත්, විපක්ෂ නායකතුමාටවත් චෝදනා කරන්නේ නැහැ. ඔබතුමන්ලා ප්‍රජාතන්ත්‍රවාදීයි. අපි ඒක පිළිගන්නවා….’

පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවේදී සිදුකළ මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය තුළ ගැබ්වී තිබුණු එවක ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ධුරය ඉසිලූ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ගැන සිදුකළ විශේෂ සඳහනක් ගැන දක්නට හැකි විය. එනම්, එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ සාලිය පීරිස් මහතා අගමැති ධුරය සඳහා පත්වීමට කටයුතු කරමින් සිටි බවය. මෙම ප්‍රකාශය ගැන සාලිය පීරිස් මහතා විශේෂ ට්විටර් පණිවුඩයක් තබමින් තම මතය ප්‍රකාශ කර ඇත. එය මෙසේය.

‘ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (නොවැ. 24) පාර්ලිමේන්තුවේදී මගේ නම සඳහන් කරමින් අසත්‍ය ප්‍රකාශයක් සිදුකර ඇති අතර, එයින් ප්‍රකාශ වී තිබුණේ 2023 මැයි 09 වැනිදාට පෙර මට මෙරට අගමැති වීමේ අභිලාෂයක් පැවැති බවයි. අවාසනාවකට රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ මුක්තියට මුවාවී මෙවැනි බොරු ප්‍රකාශ කරන අතර, අපට ඔහුට පිළිතුරු දිය නොහැකි ස්ථානයක ඔහු සිටියි. 2022 මැයි මාසයේදී ඉදිරිපත් කරන ලද ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ යෝජනා කිසිදු විටකවත් පුද්ගලයන්ට අදාළව සිදුකළේ නැහැ.

ඒවා එහි විධායක කමිටුව විසින් හොඳින්ම සිතා බලා නීතිඥ මණ්ඩලය විසින් අනුමත කරන ලද ඒවා විය. නීති ප්‍රජාව මෙම යෝජනා ඉදිරිපත් කළේ ශ්‍රී ලංකාවේ සහ එහි ජනතාවගේ අවශ්‍යතා පෙරදැරි කරගෙන, ශ්‍රී ලංකාවේ දේශපාලනය සහ පාලන අර්බුදයට විසඳුමක් යෝජනා කිරීමේ අරමුණ ඇතිවය. ඔහු වැනි (රනිල් වික්‍රමසිංහ) දේශපාලනඥයන් මෙන් මා කිසි විටෙකත් පෞද්ගලික අභිලාෂයක් රටේ අවශ්‍යතාවලට වඩා ඉහළින් තබා නැති බව ප්‍රකාශ කිරීමට මට බල කෙරෙයි. මම කිසි දිනෙක මගේ ප්‍රතිපත්ති පෞද්ගලික වාසි තකා හෝ තනතුරේ කෑදරකමට හෝ කැපකරලා නැති බව කිව යුතුයි…’

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

45%ක කාන්තා නියෝජනය 32%ට බැහැලා! බංකොලොත් රට ගොඩනගද්දී කාන්තා දායකත්වය ඉහළ නංවන නීති ගේන්න ඕනෑ! ඡන්දෙ කාලෙ ගේනවා කියපු කාන්තා කොමිසම කෝ? ආණ්ඩුවෙන් කට වහන්න හදන විපක්ෂනායක අද පාර්ලිමේන්තුවේදී කාන්තා හා ළමා අයිතීන් ගැන කතාකරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ප්‍රමෝද්‍ය ඉවතට! අලුත් තේරීම් කමිටුවේ සභාපති උපුල් තරංග! I Sri Lanka Latest News

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News
Exclusive

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.