• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දුටුගැමුණු රජුගේ රන් කඩුව තැන්පත් කර ඇති නන්දිමිත්‍ර යෝධයා නිර්මාණය කළ පුදබිම I Sri Lanka Latest News

December 1, 2023
in Exclusive, News
Reading Time: 3 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලාංකේය ඉතිහාසයේ කැපීපෙනෙන සේවාවන් රැසක් කරපු වීරෝදාර නරපතියෙක් විදියට දුටුගැමුණු රජතුමාට හිමිවෙන්නේ අද්විතීය සේවාවක්. මූලාශ්‍ර රාශියකම රජතුමා ලක් දෙරණ වෙනුවෙන් කරපු ආගමික සහ ශාසනික සේවාවන් රැසක් ගැන සඳහන් වෙනවා. ඒ අතරින් රුවන්මැලි මහා සෑ රදුන් ගොඩනැගීම වඩාත් සුවිශේෂ කොට සලකන්න පුළුවන්. මේ ලිපියේ ප්‍රස්තුතය වෙන්නේ රුවන්මැලි සෑය හා සමකාලීනව ඉදිවුණු දැනට අභාවයට යමින් පවතින ඓතිහාසික පින් බිමක් ගැන.(Sri Lanka Latest News)

එහි ඉතිහාසය දුටුගැමුණු රාජ සමය දක්වාම දිවයන බව විශ්වාස කෙරෙනවා. මේ පුදබිමට ළඟාවෙන්න පුළුවන් වෙන්නේ හලාවත ඉඳලා පුත්තලම දෙසට කිලෝමීටර් 7ක් පමණ ගිය විට හමුවෙන ආනමඩුව මාර්ගය ඔස්සේ කිලෝමීටර් 12ක් විතර ගිය විටයි. එවිට අපට හමුවෙන්නේ ඓතිහාසික නන්දිමිත්‍රාරාම නව වංගු රජමහා විහාරය. ඒ කාලේ දුටුගැමුණු මහ රජුගේ දසමහා යෝධයන් අතර හිටපු නන්දිමිත්‍ර යෝධයා විසින් ක්‍රි.පූ. 160ත් 131ත් අතර කාලයේදී කරවන ලද විහාරයක් විදියටයි මේ විහාරය සැලකෙන්නේ. එකල දුටුගැමුණු මහ රජු යුද්ධය ජයගැනීමෙන් පස්සේ මේ දසමහා යෝධයන්ට විවිධ ගම්වර ලබාදීලා තියෙනවා. නන්දිමිත්‍ර යෝධයට දැදුරු ඔයේ උතුරු කොටසෙන් අක්කර 4000ක් සම්මාන ලෙස ලැබී තිබෙනවා. නන්දිමිත්‍ර යෝධයා දැදුරු ඔයේ උතුරු කොටසේ ප්‍රාදේශීය පාලකයෙක් විදියට කටයුතු කරපු බවත් සඳහන් වෙනවා.

පල්ලව කියන ප්‍රදේශය තමා උපන් ගම නිසා ජයග්‍රහණය සමරමින් ජය පැන් පානය කළ ස්ථානයක් ලෙසත්, දුටුගැමුණු මහ රජුගේ කඩොල් ඇතා ගාල්කර සිටි එක් ස්ථානයක් ලෙසත් මේ විහාර භූමිය සලකනු ලබනවා. නන්දිමිත්‍ර යෝධයා සිය සහෝදරයන් නවදෙනා සිහිකරන්නට අංග නවයකින් පිපුණු නෙලුම් මලක් මත මෙහි චෛත්‍යයක් ඉදිකර ඇති බව මෑතකදී කරන ලද කැණීම්වලදී අනාවරණ කරගෙන තිබෙනවා. මුලින් සඳහන් කළ විදියට මේ දාගැබ රුවන්මැලි සෑය ඉදිකිරීම ආරම්භ කරපු දිනට පසු දින ආරම්භ කරන ලද බවයි සැලකෙන්නේ.

වර්ග කිලෝමීටර් 164කින් සමන්විත මේ විහාරය ඒ කාලයේ විශාල විහාරයක් විදියට පවතින්නට ඇති නමුත්, අද වෙද්දී නම් මේ භූමියේ තත්ත්වය ඉතා කනගාටුදායකයි. දසමහා යෝධයන් පිළිබඳ ජීවමාන සාක්ෂි පවතින පල්ලව නන්දිමිත්‍ර නවවංගු රජමහා විහාරය බලධාරීන් කිසිවකුගේ අවධානය යොමු නොවීම නිසා අද වන විට ගරාවැටීමට ලක්ව ඇති ආකාරය දැකගන්න පුළුවන්.

විශේෂයෙන්ම මෙහි පිහිටි දාගැබ දීර්ඝ කාලයකින් ප්‍රතිසංස්කරණය නොකිරීම නිසා අභාවයට ගොස්, පස් ගොඩක් බවට පත්ව ඇති ආකාරයත් දැකගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි මේ විහාරයට අතීතයේ අයත්ව තිබුණු භූමි ප්‍රමාණයෙන් අද වෙද්දී තියෙන්නේ ඉතා කුඩා භූමි ප්‍රමාණයක් විතරයි. මේ පුදබිමේ පිහිටි දාගැබේ එදා දුටුගැමුණු රජුගේ රන් කඩුව වගේම යුද්ධය ජයගැනීමෙන් පසුව කඩොල් ඇතුට පැලැන්දූ රන් දම්වැලද තැන්පත් කර ඇති බව සඳහන් වෙනවා.

මේ චෛත්‍යයේ පාදමේ වංගු නවයක් ඉදිකර සහෝදර යෝධයන් නවදෙනා සිහිවන්නට නිර්මාණය කළ බවත් සඳහන් වෙනවා. ඒ නිසා මේ විහාරයට නව වංගු විහාරය කියන නාමය ලැබුණු බව ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. අද වෙද්දී මේ මළුවේ ප්‍රාකාරය දකින්න නොහැකි වුණත් අතරින්පතර එහි අත්තිවාරමේ නටබුන් අපට දකින්න ලැබෙනවා.

ජනප්‍රවාදගත තොරතුරු වගේම ඓතිහාසික මූලාශ්‍රවල දැක්වෙන තොරතුරුවලින් මේ විහාරය ආශ්‍රිතව කරන ලද ගවේෂණවලින් හමුවුණු ශිලාමය අවශේෂයන් සහ අනෙකුත් නිර්මාණ සාධකවලට සාපේක්ෂව මේ ස්ථානය අනුරාධපුර යුගයට අයත් බවටයි සලකනු ලබන්නේ. විහාරයේ ඇති චෛත්‍යයට පසෙකින් ගොඩනැගිල්ලක නටබුන් ලෙස ගල් කණු දකින්න ලැබෙනවා. වැඩිදුර පර්යේෂණ කරපු පුරාවිද්‍යාඥයන් කියන විදියට එය දෙමහල් ගොඩනැගිල්ලක් බව හිතන්න පුළුන්. නටබුන්වලට අනුව ඒ කාලේ මේ භූමිය ගොඩනැගිලි රැසකින් සමන්විත වෙලා තියෙන්න ඇති කියලත් කියැවෙනවා.

ඒ වගේම මේ භූමියට අතීතයේදී අයත්ව තිබුණු අසල ඉඩමකින් ජීවමාන ප්‍රමාණයේ පිත්තල ප්‍රතිමාවක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇති අතර, එය මිහිඳු හිමියන්ගේ බවට සැක කරනවා. ඒ හැරුණාම මේ ප්‍රදේශයේ සිදුකළ කැණීම්වලට අනුව ප්‍රතිමා, දිය නොසිඳෙන පොකුණු ඇතුළු පුරාවිද්‍යා වටිනාකම් සහිත ස්ථාන 36ක් සොයාගෙන තිබෙනවා. සඳකඩ පහණ සහිත පඩිපෙළක්ද මේ ස්ථානයෙන් සොයාගෙන තිබෙනවා. ඒ වගේම තවමත් සොයාගෙන නැති පෞරාණික වටිනාකම් රැසක්ද මෙහි ඇති බවට සැක කරන්න පුළුවන්.

අද වෙද්දී මේ භූමිය නිධන් හොරුන්ගේ ග්‍රහණයට අවස්ථා කිහිපයකදීම ලක්ව තිබෙන්නේ බලධාරීන් නිසි අවධානයක් මේ කෙරෙයි යොමු නොකිරීම නිසා කියලා හිතන්න පුළුවන්. මේ පුදබිම තුළ දක්නට ලැබෙන ගල් කණු එදා දසමහා යෝධයන්ගේ දස්කම් මැනැවින් හෙළිකරන අතර, කාලිංග මාඝ වැනි බුදු දහමට එරෙහිව කටයුතු කළ ආක්‍රමණිකයන් හමුවේ මේ පුද බිම විනාශයට පත්වෙන්න ඇති.

අදටත් දකින්න ලැබෙන චෛත්‍ය අසල තියෙන විශාල ගල් පතුර ගැන අපූරු කතාවක් ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. එදා මේ විහාරය කරවන්නට නන්දිමිත්‍ර සෙනෙවියා සිය දෑතින්ම ඊට දායකත්වය සපයා ඇති බවත්, ඔහු ගල් පතුර ඔසවාගෙන එද්දී දුටුගැමුණු රජු කලුරිය කළ පුවත සැලවූ බවත්, ඒ පුවත ඇසීමෙන් මහත් කම්පනයට පත්වුණු නන්දිමිත්‍ර යෝධයා අතින් එය අතහැරුණු බවත් ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. මේ පින්බිමේ අදටත් දකින්න ලැබෙන්නේ ඒ ගල් පතුර බවයි බොහෝ දෙනා විශ්වාස කරන්නේ.

2007 වසරේ මාර්තු මාසයේදී මේ විහාරයේ කැණීම් කටයුතු ආරම්භ කළ අතර, එය අවසන් වෙන්නේ සර්වඥ ධාතුන් වහන්සේලාගේ සහ මහරහතන් වහන්සේලාගේ ධාතු, විවිධ පබළු වර්ග චෛත්‍ය ගර්භයෙන් සොයාගැනීමෙන් පසුවයි. ඒ, 2007 අගෝස්තු මාසයේදී. අද වෙද්දී පස් ගොඩක් විදියට දකින්න ලැබෙන දුටුගැමුණු රජගේ රන් කඩුව නිධන් කළ චෛත්‍යයේ තත්ත්වය ඉතා අවදානම් බවයි දකින කෙනකුට වැටහෙන්නේ. මේ භූමිය සංරක්ෂණය කරන්න වගකිව යුතු බලධාරීන් ඉදිරිපත්ව සිටීමත් අගය කළ යුතුයි. අපේ උරුමය අනාගතය වෙනුවෙන් ආරක්ෂා කරගැනීම අප හැමගේම වගකීමක් බව සිහියේ තබාගත යුතුයි.

YAKK PRODUCTION යූටියුබ් නාලිකාවෙනි

SendShareShare
Previous Post

සජිත්ගේ නොනවතින රැල්ලේ 51 වන ස්මාර්ට් පන්ති කාමරය අද මුල්ලේරියාවේ ශ්‍රී රාහුල විද්‍යාලයට! VIDEO I Sri Lanka Latest News

Next Post

රාත්‍රී තැපැල් දුම්රියකට කොන්ඩාවිල්හිදී ගල් ප්‍රහාරයක්! Sri Lanka Latest News

MORE NEWS

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන රැඳවුම්...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.