රහස් පොලිසියට එරෙහිව සිදු කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් පෙබරවාරි 28 වැනිදා පෞද්ගලිකව අධිකරණයට ඉදිරිපත් වී කරුණු දක්වන ලෙසට පොලිස්පතිවරයා ඇතුළු තිදෙනෙකුට නියෝග කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය නොතිසි නිකුත් කළේය.Sri Lanka Latest News
ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ නියෝග කළේ බලශක්ති විශේෂඥයකු විසින් ගොනු කොට තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැදවූ අවස්ථාවේදීය.
මෙම රීට් පෙත්සම ඒස්. තුරේරාජා, ශිරාන් ගුණරත්න සහ ප්‍රියන්ත ප්‍රනාන්දු මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිනි.
බලශක්ති විශේෂඥ ළුම්.පී රළපනාව මහතා විසින් ගොනු කොට ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස රහස් පොලිසිය, පරිගණක අපරාධ අංශයේ ස්ථානාධිපති, පොලිස්පති ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
තමන්ට එරෙහිව ඇති පැමිණිල්ල සම්බන්ධ චෝදනා පැහැදිලි කිරීම ප්‍රතික්ෂේප කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි සඳහන් කරමින් මෙම පෙත්සම ගොනු කරන ලැබ ඇත.










