මෙතෙක් මේ රට පාලනය කළ සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ ප්‍රතික්ෂේප කිරීමේ කාලය එළඹ ඇතැයි, අති උතුම් මැල්කම් රන්ජිත් කාදිනල් හිමියෝ පවසති.Sri Lanka Latest News
ඊයේ රාත්‍රියේ, බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති, සිග්නීස් සිනමා සම්මාන උළෙලට සහභාගී වෙමින් කාදිනල් හිමියෝ මේ බව පැවසී ය.
“රට ඒකාධිපතිවාදය වෙත මෙහෙයවන්නට ක්‍රියාත්මක කරන මෙවැනි ප්‍රයත්නයන් පරාජය කිරීම, දේශමාමක හා ජනතාහිතෛෂී ජනමාධ්‍යයේ යුතුකම වේ. මෙතෙක් අප රට පාලනය කළ පාරම්පරික දේශපාලන පක්ෂ ප්‍රතික්ෂේප කිරීමේ කාලය එළඹී ඇත. දේශපාලන, පවුල්වාදය හා පරගැතිබව තුරන් කරමින් රටතුළ නව ප්‍රබෝධයක් ඇති කරලීමේ කාලය අත ළඟය. ඇස්බැස්ටෝස් තහඩුවට, රුපියල් 5,000ට හෝ බත්මුලට මත්පැන් බෝතල් භාගයට ඡන්දය භාවිතා කළ යුගය අපි අවසන් කළ යුතුයි. සම්ප්‍රදායික ජනපීඩක දේශපාලකයින් වෙනුවට රටට ආදරය කරන නව නායකත්වයක් කරා යමින් අප දේශය නව විමුක්තියක් කරා රැගෙන යෑමට ඊළඟට අපි සැවොම ක්‍රියාකළ යුතුය.” කාදිනල් හිමියෝ මෙහිදී වැඩිදුරටත් පැවසී ය.










