• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මේක නම් ඇත්තටම හාස්කමක්… බුදුන් වහන්සේගේ ජීවමාන පෙනුම සියැසින් දුටු ලංකාවේ හිමිනමක් කියූ විස්මිත කතාව I Sri Lanka Latest News

November 24, 2023
in Exclusive, News
Reading Time: 3 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ගෞතම බුදුරජාණන් වහන්සේගේ දර්ශනය පිළිබඳ කාලෙන් කාලෙට විවිධ ප්‍රශ්න ගැටලු මතුවෙන්න පටන්ගත්තා. ඒ අතරින්, උන්වහන්සේ නිශ්චිතවම ඉපදුණු කාල වකවානුව සහ උන්වහන්සේගේ පෙනුම කොයි වගේද කියන ප්‍රශ්න දෙක ලෝකය පුරාම සැදැහැවතුන් විමසන ප්‍රධාන මාතෘකාවක් වුණා. සඳහන් වන ආකාරයට බුදුරජාණන්වහන්සේගේ පෙනුමට සමාන පෙනුමක් තිබුණු කිසිම පුද්ගලයෙක් අදටත්, හෙටටත් මේ මිහිපිට පහළවන්නේ නැහැ.(Sri Lanka Latest News)

නමුත් බුදුරජාණන්වහන්සේගේ සැබෑ ස්වරූපය කෙසේද යන්න පිළිබඳ හරි අපූරු කතාවක් අතීතයේ සඳහන් වෙනවා. එකල උන්වහන්සේ ජේතවනාරාමයේ වැඩවසන සමයේ ධර්ම ශ්‍රවණය කිරීම සඳහා අඹුසැමි යුවලක් නිතර පැමිණියා. ඔවුන් තමන්ගේ ආදරණීය කුඩා දියණිය මේ අවස්ථාවට නිතරම සහභාගි කරගත් අතර, නිතර ජේතවනාරාමයට ගිහින් බුදුරජාණන්වහන්සේගෙන් බණ අහන ගමන් මේ කුඩා දැරිය උන්වහන්සේගේ ශාන්ත රූපකාය මනසේ සටහන් කරගන්න අමතක කළේ නෑ. ඊට පස්සේ මේ ආදරණීය දියණිය වැඩිවියට පත්වීමත් සමග විවාහ ජීවිතයට එළඹෙනවා.

ඉන් කාලයකට පස්සේ ඇය ආදරණීය පුතුන් දෙදෙනකුගේ මවක් වන අතර, ඇයට අවශ්‍ය වුණා ඇය ළමා වියේදී බණ ඇසූ බුදුරජාණන්වහන්සේගේ රූපය නැවත වතාවක් මනසින් සිහිපත් කොට වන්දනාමාන කරන්න. හැබැයි ඒ වෙද්දී ඇය මහලු වියට පාතැබූ කාන්තාවක්. නමුත් පුංචි කාලෙදී ඇගේ සිතේ ඇඳුණු බුදුරජාණන්වහ්නසේගේ රූපය ඒ වෙද්දීත් අමතක වෙලා තිබුණේ නෑ. ඒ වගේම ඇගේ ආදරණීය පුතුන් දෙදෙනා දක්ෂ චිත්‍ර ශිල්පියෝ දෙන්නෙක්.

ඒ නිසා ඇය තමන්ගේ දරුවන් ලවා ඇගේ සිතේ සටහන් වූ බුදුරජාණන්වහන්සේගේ රුව චිත්‍රණය කරන්න තීරණය කළා. ඒ අනුව දරුවන් දෙදෙනා සමග බුද්ධගයාවට යන මේ මහලු කාන්තාව ඇගේ මතකය පරිදි පුතුන් දෙදෙනා ලවා බුදුරජාණන්වහන්සේගේ රූපය ඵලකයක පින්තාරු කළ බව ඉතිහාසයේ සඳහන්. ඒ වන විටත් කිසිදු තැනක බුදුරජාණන්වහ්නසේගේ රූපය චිත්‍රණය කර නොතිබුණු බවත්, මේ කාන්තාව චිත්‍රණය කළ රුව ප්‍රථම බුද්ධ සිතුවම බවටත් ඉතිහාසගත වුණා.

බුදුරජාණන්වහන්සේ ජීවමානව වැඩසිටින කාලයේදී උන්වහන්සේගේ රුව ප්‍රතිමාවට නැඟූ අවස්ථා කිහිපයක් පිළිබඳවත් ඉතිහාසයේ සඳහන් වෙනවා. ඉන් එක් අවස්ථාවක් විදියට බුදුරජාණන්වහන්සේ එකල දෙව් ලොවට වැඩම කරන්න සූදානම් වූ අවස්ථාවක ශ්‍රාවකයන් වහන්සේලා දැඩි ලෙස ශෝකයට පත්වුණා. එයට හේතුව දින ගණනක් බුදුරජාණන්වහන්සේගෙන් දුරස්ව සිටීමට සිදුවීම සහ උන්වහන්සේ දින ගණනක් වන්දනාමාන කිරීමට නොහැකි වීම යන ගැටලුව නිසයි. ඒ හේතු කාරණා නිසාම ඒ සඳහා මැදිහත් වූ දෙවිවරු රැයකින් සඳුන් ලීයෙන් බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණය කළ බවත් ඉතිහාසයේ සඳහන්.

ඒ වගේම තමයි මේ සියලු කාරණා අතර ආන්දෝලනාත්මක කාරණාවක් හෙළිවන්නේ ලංකාවේ කෑගල්ල ප්‍රදේශයේ වනවාසීව භාවනා කරමින් ජීවත් වූ හිමිනමකගේ ප්‍රකාශයක් සමගයි. උන්වහන්සේ බුදුරජාණන්වහන්සේගේ ස්වරූපය සියැසින් දුටුවා යැයි කියන වනවාසී හිමිනමක්. ඒ නිසාම නම්ගම් සඳහන් නොකොට මේ වනවාසී ස්වාමින්වහන්සේ එදා උන්වහන්සේ දුටු අත්දැකීම පැහැදිලි කළ ආකාරය උන්වහන්සේගේම වචනවලින් ප්‍රකාශ කළේ මේ විදියටයි.

‘මම කුඩා කල සිටම මහණ ජීවිතයක් ගතකරන්න කැමැත්තෙන් සිටියත්, මට මහණවෙන්න ලැබුණේ වයස අවුරුදු 60දී. දැන් මගේ වයස අවුරුදු 77යි. මම මහණ වුණු දවසේ පටන් මට ඕනෙ වුණා බුදුරජාණන්වහන්සේගේ සැබෑ ස්වරූපය කොයි වගේ ද කියලා දකින්න. මහණවූ දා පටන් හැම දවසකම මම නින්දට ගියේ ඒ ප්‍රාර්ථනාව හිතේ තියාගෙන. ඉතින් මම මහණ වෙලා අවුරුදු 16කට පස්සේ නින්දෙදී මම දකිනවා දිව්‍ය පුත්‍රයෙක් මට කතාකරනවා. මම හිතන්නේ සමන් දෙවියන් වෙන්න ඕනෙ. උන්වහන්සේ මට ගමක නමක් කියනවා.

එයින් මට තේරුම් ගියා මේ කියන්නේ බුදුරජාණන්වහන්සේගේ සැබෑ ස්වරූපය සහිත ප්‍රතිමාවක් සහිත ගමක නමක් කියලා. පහුවදා මම ඒ ගමට ගියා. ඒ ගියාම මට පැහැදිලි වුණා එහි තියෙන ප්‍රතිමාව සැබෑ බුදුරජාණන්වහන්සේගේ රූපයට සමාන ප්‍රතිමාවක් කියලා. ඉන් පසු ඡායාරූප කිහිපයක් රැගෙන ඇවිත් පරිගණකය ආධාරයෙන් විවිධ වර්ණ යොදා මම සොයාබැලීමක් සිදුකළා. ඒ අනුවත් මට පැහැදිලි වුණා මේ තමයි බුදුරජාණන්වහන්සේගේ සැබෑ ස්වරූපයට සමාන රූපය කියලා. ඉතින් තව ටික කාලයකින් උන්වහන්සේගේ ජීවමාන ස්වභාවය හොයාගන්න හැකි වේවි කියලා මම විශ්වාස කරනවා…’

එදා ඉඳන් අද දක්වා බුදුරජාණන්වහන්සේ සියැසින් දැකගැනීම උදෙසා මේ වනවාසී හිමියන් බණ භාවනා කරමින් බොහෝ කාලයක් පෙරුම් පිරුවා කියලා තමයි ආරංචි වෙන්නේ. ඒ නිසාම අවසානයේ උන්වහන්සේට ඒ අවස්ථාව උදාවීමත් සමගම ජීවමාන බුදුරජාණන්වහන්සේගේ සැබෑ ස්වරූපය පිළිබඳ ලෝකයට හෙළිකිරීමට උන්වහන්සේ සූදානමින් සිටිනවා. ඉතින් උන්වහන්සේගේ උත්සාහය කොයි තරම් දුරට සාර්ථක වේවිද කියන දේ සම්බන්ධයෙන් අපිට පූර්වකථනයක් සිදුකරන්න බැහැ. නමුත් බොහෝ දේවල් ලෝකයේ නොපෙනෙන බලවේගයන් අනුව සිදුවන අවස්ථා නැතුවාම නොවෙයි.

බුදුරජාණන්වහන්සේගේ උපත පිළිබඳ කතා කරද්දී පුරාවිද්‍යාඥයන් ඉතිහාසය අධීක්ෂණය කරමින් සිදුකළ පරීක්ෂණයන්ට අනුව ක්‍රි.පූ. 563-427 අතර කාලයේදී ලුම්බිණි සල් උයනේදී මැයි මස 22 හෝ 27 යන දිනවල සිදුහත් කුමාරයා මෙලොව පහළවූ බව සනාථ කෙරුණා. ඒ අනුව බුදුරජාණන්වහන්සේගේ අනුගාමිකයන්ට උන්වහන්සේගේ උත්පත්තිය පිළිබඳ තිබුණු ප්‍රශ්න රැසකට පිළිතුරු ලැබුණා.

ඒ වගේම බුදුරජාණන්වහන්සේ වැනි ශාස්තෘවරයෙක් ලෝකයට පහළ වුණා කියන දේ විශ්වාස කරන පුද්ගලයන් වගේම අවිශ්වාස කරන පිරිසකුත් ජීවත් වෙනවා. ඒ නිසාම ඒ සියලු දෙනාට ඔප්පු කළ හැකි ප්‍රබල සාක්ෂියක් සිදුහත් උපත සිදුවුණු ලුම්බිණි සල් උයනේදී සොයාගැනීමට පුරාවිද්‍යාඥයෝ සමත් වුණා. මහාමායා දේවිය විලකින් ස්නානය කර පියවර හතක් ගමන් කර සල් අත්තක් අල්ලාගෙන දරු ප්‍රසූතිය සිදුකළ බව තමයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. ඒ අනුව ඒ සම්බන්ධයෙන් අවධානය යොමුකළ පුරාවිද්‍යාඥයන් ඒ අදාළ විල සොයාගන්නා අතර, ඒ වටා පියවර 7ක් දුරින් ස්ථානයක් සලකුණු කොට ඒ අවට කැණීම් සිදුකරන්න පටන්ගත්තා.

අනතුරුව තමයි සිදුහත් උපත සිදුවුණා කියන ප්‍රබලම සාක්ෂිය හමුවීම සිදුවන්නේ. ඒ අවස්ථාවේදී මේ කැණීම්වල ප්‍රතිඵලයක් ලෙස එම ස්ථානයෙන් අඩි 15ක් යට යම්කිසි ඵලකයක් හමුවෙනවා. සිදුහත් කුමරු එම ස්ථානයේ උපන් බව දැක්වෙන සටහනක් එම ඵලකයේ තිබූ බව තමයි සඳහන් වෙන්නේ. ඒ අනුව මීට වසර ගණනාවකට කලින් සිදුහත් කුමරුගේ උපත ලුම්බිණි සල් උයන තුළ සිදුවූ බවට පුරාවිද්‍යාඥයන් තහවුරු කිරීම සිදුකළා.

ඒ නිසාම සත්‍යයත් අවිශ්වාසයත් අතර තියෙන මේ හේතු කාරණාවන් අනාගතය තුළ සැබෑවක් බවට පත්වුවහොත් මෙය බුදුරජාණන්වහන්සේ වන්දනාමාන කරන බැතිමතුන් බොහෝ දෙනකුට උන්වහන්සේගේ සැබෑ ස්වරූපය සැබෑ ලෙස දැකබලා ගැනීමට සහ බුදුරජාණන් වහන්සේ පිළිබඳ තවත් බොහෝ දේ දැනකියා ගැනීමට හැකි පූජනීය අවස්ථාවක් වනවා නොඅනුමානයි.

Amuthu යූටියුබ් නාලිකාවෙනි

SendShareShare
Previous Post

හිනාවක් නිසා ලංකාවෙම ජනප්‍රිය වුණු ස්ට්‍රෝබෙරි විකුණන පුංචි කෙල්ල I Sri Lanka Latest News

Next Post

චීනයේ අලුත් වයිරසයක් ආපහු පැතිරෙන්න ගනී! රෝහල් රෝගීන්ගෙන් පිරීයයි! මිනිස්සු ආපහු මාස්ක් දාන්න පටන් අරන්! Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.