• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආර්ථික අර්බුදය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව I Sri Lanka Latest News

November 23, 2023
in Exclusive, News
Reading Time: 7 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මීළඟට සිදුවන්නේ කුමක්ද?

රට තුළ මතුවී තිබෙන ආර්ථික අර්බුදයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් වගකිව යුතු යැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම පිරිස මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි (නොවැම්බර් 14 වැනිදා) තීන්දු කළේය.(Sri Lanka Latest News)

හිටපු මහබැංකු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල්, මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන්, මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් එස්.ආර්. ආටිගල, හිටපු ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය යන පිරිස මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලේ බහුතර විනිසුරුවරු මෙහිදී තීන්දු කළහ.

සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනකු විමසා තිබුණේ මෙම තීන්දුවත් සමග වගඋත්තරකරුවන්ට දඬුවම් නියම කිරීමක් හෝ ඔවුන්ගෙන් වන්දි අයකර ගැනීමක් කළ හැකිද යන්න පිළිබඳවය.
ඒ අනුව මෙහි නීතිමය පසුබිම පිළිබඳ සහ මීළඟට සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳ ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වාගෙන් විමසා සිටියෙමු.

‘ඔවුන් (වගඋත්තරකරුවන්) වගකිව යුතුයි කියලා තමා තීන්දුව දීලා තියෙන්නේ. වගකිව යුතු නම් මිනිස්සුන්ට ඒ පිළිබඳ නඩු දලා ඒ අයගෙන් වන්දි ඉල්ලීමක් කරන්න පුළුවන්. වෙනම වන්දි නඩු දාලා.’

‘එක් එක් පුද්ගලයාගේ මූලික අයිතිවාසිකම්වලට නෙමේ පොදුවේ නඩු තීන්දුව දීලා තියෙන්නේ, රටේ හැමෝගෙම මූලික අයිතිවාසිකම් කඩවුණා කියලා තමා මේ තීන්දුව දීලා තියෙන්නේ. ඒ තුළින් තමන්ට (එක් එක් පුද්ගලයාට තනි තනිව) පාඩුවක් වුණා කියලා කියමු… විශාල මූල්‍යමය හානියක් කොහේ හරි වෙලා තියෙනවා නම් ඒගොල්ලන්ට (වගඋත්තරකරුවන්ට) විරුද්ධව නඩු දාන්න පුළුවන්….’

මෙම නඩු සිවිල් වාණිජ අධිකරණයක හෝ දිසා අධිකරණයක පැවරිය හැකි බව ඔහු සඳහන් කළේය.

ඒ අනුව මෙම ආර්ථික තීරණ ගැනීම තුළ ඍජුව තමන්ට ආර්ථික හානියක් සිදුව ඇතැයි සනාථ කළ හැකි නම් ඕනෑම පුරවැසියකුට එම වන්දි නඩු ගොනු කිරීමේ හැකියාව පවතියි.

රාජපක්ෂවරුන්ට සිර දඬුවම් නියම කළ හැකිද?

ජනාධිපති නීතිඥ යූ.ආර් ද සිල්වා කියා සිටියේ අපරාධ වගකීමක් නොමැති නිසා දඬුවම් නියම කිරීමක් මෙහිදී සිදු නොවන බවය. මෙම නඩුවේදී නොසැලකිලිමත් බව සහ වගකීම් පැහැර හැරීම සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමුවී ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සඳහන් වන්නේ කුමක්ද?

වත්මන් ආර්ථික අර්බුදයට වගකිවයුතු පුද්ගලයන් සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස නියෝග කරන මෙන් ඉල්ලා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න, පිහිනුම් ශූරයකු වන ජුලියන් බෝලිං ඇතුළු පිරිසක් සහ කොළඹ විවෘත විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මහිම් මෙන්ඩිස් ඇතුළු පිරිසක් මෙම පෙත්සම් ගොනුකර තිබිණි.

එම මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාග කොට තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මුර්දු ප්‍රනාන්දු, විජිත් මළල්ගොඩ, බුවනෙක අළුවිහාරේ යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව අගවිනිසුරු ජයන්ත ජයසූරිය විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබීය.

සුළුතර නඩු තීන්දුව ප්‍රකාශයට පත්කළ පංච පුද්ගල විනිසුරු මඬුල්ලේ සාමාජික විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන සඳහන් කළේ තමන් අදාළ පෙත්සම් නිෂ්ප්‍රභ කිරීමට නියම කරන බවයි.

එම පෙත්සම් නිසි නීතිමය කාලසීමාව තුළ ගොනු කර නොමැති වීම ඇතුළු හේතු කිහිපයක් මත පෙත්සම නිෂ්ප්‍රභ කරන බවත් විනිසුරු ජයවර්ධන සඳහන් කළේය.

බහුතර විනිසුරුවරුන්ගේ තීරණය ප්‍රකාශයට පත් කළ අගවිනිසුරු ජයන්ත ජයසූරිය පෙන්වා දුන්නේ 2019 වසරේ නොවැම්බර් මාසයේ සිට 2022 වසරේ අගෝස්තු මාසය දක්වා කාල සීමාව තුළ වග උත්තරකරුවන් වගකිවයුතු නිලතල දරා ඇති බව පෙත්සම් විභාගයේදී අනාවරණය වූ බවය.

‘ආර්ථික අර්බුදය වැළැක්වීමට නිසි පියවර ගෙන නැහැ’

මෙම කාලසීමාව තුළ වගඋත්තරකරුවන් රට තුළ ආර්ථික අවපාතයක් මතුවිය හැකි බවට කරුණු වටහා ගෙන සිටි බව පැහැදිලි වන්නේ යැයි සඳහන් කළ අගවිනිසුරුවරයා මෙම තත්ත්වය වැළැක්වීමට ඔවුන් නිසි පියවර නොගත් බවත් සඳහන් කර සිටියේය.

එහි ප්‍රතිඵලයක් ලෙස අත්‍යවශ්‍ය සේවාවන් වන විදුලිය, ගෑස්, ඖෂධ ඇතුළු අත්‍යාවශ්‍ය සේවාවන් අඛණ්ඩව සපයා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී මහජනතාව මෙන්ම රටද දැඩි අගාධයකට ඇදවැටුණු බවත් තීන්දුවේ සඳහන් කර තිබේ.

රට තුළ ආර්ථික අර්බුදයක් මතුවිය හැකි බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ආර්ථික විශේෂඥයන් මත පළකර තිබියදීත් වගඋත්තරකරුවන් ඒ සම්බන්ධයෙන් සැලකිලිමත්ව කටයුතු කළ ආකාරයක් පෙනී නොයන බවත් වත්මන් ආර්ථික අර්බුදය මැඬලීමට තමන් සියලු ක්‍රියාමාර්ග ගත් බවට වගඋත්තරකරුවන් කරනු ලබන ප්‍රකාශ පිළිගත නොහැකි බවත් නඩු තීන්දුවේ සඳහන් කර ඇත.

මේ තුළින් වගඋත්තරකරුවන් මහජන විශ්වාසය හා භාරය කඩකරමින් කටයුතු කර ඇති බවත් ඒ තුළින් ඔවුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බවත් අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඬුල්ලේ බහුතර වියතුන්ගේ තීන්දුවේ සඳහන් කර තිබේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් වන්දි ගෙවන ලෙස අධිකරණය නියෝග නිකුත් නොකරන බව සඳහන් කළ විනිසුරු මඬුල්ලේ බහුතර විනිසුරුවරුන් වගඋත්තරකරුවන් විසින් පෙත්සම්කරුවන්ට රුපියල් 150,000 බැගින් නඩු ගාස්තු ගෙවිය යුතු බව වැඩිදුරටත් සඳහන් කර ඇත.

ගෝඨාභයගේ රජය රටට කළ ආර්ථික පාඩුව විගණනය කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගය

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ රජය යටතේ ගත් වැරදි ආර්ථික කළමනාකරණ තීරණ නිසා ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි පවසමින් ගොනුකළ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් 2 විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඬුල්ල තීරණය කරමින් වහාම විගණනයක් කරන ලෙසට (2022 ඔක්තෝබර් 07 වැනිදා) විගණකාධිපතිවරයාට නියෝග කරනු ලැබීය.

පෙත්සම්වලින් වගඋත්තරකාර පාර්ශ්වයන්ට එරෙහිව අපරාධ නඩු පැවරීමට පියවර ගන්නැයි, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට නියෝග කරන ලෙසද පෙත්සම්කරුවන් ඉල්ලා තිබිණි.

● විගණකාධිපතිවරයා විසින් නොවැම්බර් 30 වැනි දින වන විට විගණනයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කිරීමට,
● ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය රුපියල් 203ක පවත්වාගෙන යාම සහ ඊට සම්බන්ධ සියලු කරුණු.
● ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීමේ ප්‍රමාදය සහ ඊට සම්බන්ධ සියලු කරුණු.
● විදේශ සංචිත භාවිත කරමින් 2022 ජනවාරි 18 වන දින එක්සත් ජනපද ඩොලර් මිලියන 500ක ස්වෛරීත්ව බැඳුම්කර පියවීමට අදාළ සියලු කරුණු.
● එවැනි ගෙවීම් මගින් මහ බැංකුවට සිදුවූ පාඩුව පිළිබඳ විගණනයක්.

එවක මෙම පෙත්සම් විභාගයට අවසර දුන් අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල විගණකාධිපතිවරයාට නියෝග කර තිබුණේ, වහාම මෙම කරුණ ගැන විගණනයක් සිදුකර 2022 නොවැම්බර් 30 වැනිදාට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයට වාර්තා කරන ලෙසයි.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල වත්මන් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහට නියෝග කරනු ලැබුවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, කැබිනට් අමාත්‍යවරුන්, මහබැංකුවේ මුදල් මණ්ඩලය, හිටපු අධිපතිවරුන් දෙදෙනා, සහ භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල යන මහත්වරුන් යොමුකර ඇති සියලු ලිපි හා නිර්දේශ 2022 නොවැම්බර් 30 වැනිදා වන විට අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

බීබීසී සිංහල වෙබ් අඩවියෙනි

SendShareShare
Previous Post

රනිල්-සජිත් පාර්ලිමේන්තුවේ මුහුණට මුහුණ ගැටුමේ හතරවන කොටස! ජනාධිපතිවරයා එක්තරා විනිසුරුවකුගේ නමක් පාර්ලිමේන්තුවේ සඳහන් කරමින් උසස්වීමක් ගැන කිව්වා! මේක බරපතළ ගැටලුවක්! විනිසුරුවරයාත්-අධිකරණයත්-පාර්ලිමේන්තුවත් බරපතළ අපහසුතාවකට පත් කිරීමක්! VIDEO I Sri Lanka Latest News

Next Post

හිනාවක් නිසා ලංකාවෙම ජනප්‍රිය වුණු ස්ට්‍රෝබෙරි විකුණන පුංචි කෙල්ල I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විධිමත් ලෙස විසඳුම් දෙන්න වත්මන් රජයට නොහැකි වී ඇති බවත් අදටත් ගොවි ජනතාව අන්ත අසරණ...

Read more
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.