• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනප්‍රවාදවලින් පුරාවෘත්තවලින් පෝෂණය වුණු යාන්ඔය I Sri Lanka Latest News

November 23, 2023
in Exclusive, News
Reading Time: 2 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අපි කැලෑ කොලමෙන් කතා කරන්නේ වැඩි දෙනකුගේ අවධානයට ලක් නොවන, එහෙත් ඉතා වටිනා පාරිසරික සහ වනජීවී කලාපයක් වන යාන්ඔය නිම්නයයි. උතුරුමැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයට සහ නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයට මායිම්ව පිහිටා ඇති යාන්ඔය පරිසර කලාපයට යාන්ඔය ජලාශය කෙන්ද්‍ර වී ඇති අතර, එය වර්ෂ 2012දී ඉදිකර ඇත.(Sri Lanka Latest News)

ශ්‍රී ලංකාවේ දිගින් වැඩිම ගංගා අතර පස්වැනි තැන හිමිකර ගන්නා යාන්ඔය දිගින් කිලෝමීටර් 142ක් පමණ වනවා. යාන්ඔය වේල්ල හා බැඳි ජලාශය පරිසර හිතකාමීන්ගේ තෝතැන්නක් ලෙස හැඳින්වීමට පුළුවන. මෙම ප්‍රදේශය වටා පිහිටා ඇති කඳු වළල්ල ජනප්‍රවාද හා පුරාවෘත්ත රාශියකින් පෝෂණය වී තිබෙනවා. වෙහෙරගල කන්ද හා යකිනි බැඳි කන්ද අතර ඉදිකර ඇති වේල්ල ආශ්‍රිතවද මෙම පුරාවෘත්ත ගොඩනැගී ඇත.

යාන්ඔය ජලාශයේ බැම්ම ඉදිකර ඇත්තේ වාහල්කඩ ප්‍රදේශයේය. නියං සමය ආරම්භ වීමත් සමග යාන්ඔය වැව් පිටිය නිරාවරණය වන අතර, ඒත් සමගම වන අලින් ඇතුළු සතා සිවුපාවුන් ආහාරයට ගන්නා තෘණ වර්ග එහි වැවීමද ආරම්භ වෙනවා. එම හේතුවෙන් නියං කාලයට වැඩි වශයෙන් අලි ඇතුන් එම වැව් පිටියට ආහාර සහ ජලය සොයා ඇදී ඒම සිදුවෙනවා. විශාල වැව් පිටියේ තැනින් තැන කණ්ඩායම් වශයෙන් සැරිසරන අලින් එහි සුලබ දසුනක් වන්නේ එම නිසයි.

කෙසේ වෙතත් මෙම සුන්දර පරිසර කලාපය වෙත දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය තවමත් ලැබී නොමැති බව සඳහන් කළ යුතුය. ක්‍රමවත් මාර්ග පද්ධතියක් නොමැති වීම නිසා එහි පිවිසීම ඉතා දුෂ්කර කාර්යයක් වීමද ඊට බලපා ඇත. එම නිසා මෙහි පිවිසීමට සාමාන්‍ය මෝටර් රථවලට නොහැකි බැවින් ෆෝවීල් ජීප් රථයක සහාය ලබාගැනීමට ඔබට සිදුවනු ඇත. එහෙත් වනජීවී ඡායාරූප ශිල්පීන් සහ පරිසරවේදීන් නම් මෙම ප්‍රදේශයේ නිරන්තරව දැකගැනීමට පුළුවන.

යාන්ඔය පරිසර කලාපයට යාබදව කොක්ඇබේ පුරාවිද්‍යා ස්ථානය පිහිටා ඇති අතර, එහි කටාරම් කෙටූ ලෙන් සහ බ්‍රාහ්මී අක්ෂර දැකගන්නට ලැබෙනවා. එම පෞරාණික ලෙන් ලිපිවලින් කියැවෙන්නේ මෙම ස්ථානය අනුරාධපුර මුල් යුගයට අයත් බවයි. මෙගලිතික සුසාන භූමියද පිහිටා ඇත්තේ මෙම ප්‍රදේශය ආසන්නයේමය. ක්‍රි.පූ. 790ත් 770ත් අතර කාලපරිච්ඡේදයට අයත් බවට පුරාවිද්‍යාඥයන් විසින් කාලනිර්ණය කර ඇත.

ජාතික වනෝද්‍යානයකට අවශ්‍ය සියලු සුදුසුකම් සහිත යාන්ඔය නිම්න පාරිසරික ප්‍රදේශයේ මාර්ග පද්ධතිය පිළිසකර කොට, වනජීවී කලාපයක් බවට පත්කොට, නුදුරු අනාගතයේදීම සංචාරකයන් සඳහා විවෘත කරනවා නම් එය වනජීවී දෙපාර්තමේන්තුව සිදුකරන මාහැඟි මෙහෙවරක් වනු ඇත. එසේම එය මෙරට සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයටද සුවිශාල දායකත්වයක් සලසනු ඇත. සොබා සෞන්දර්යයෙන් සහ වනජීවී විවිධත්වයෙන් ප්‍රමුඛ තැනක් ගන්නා යාන්ඔය සුවිශේෂ පාරිසරික කලාපය සංචාරක ආකර්ෂණය දිනාගන්නා සංචාරක කේන්ද්‍රයක් සේම පරිසර හිතකාමීන්ගේ තෝතැන්නක් වනු දැකීම කැලෑ කොලමේ අපේ අපේක්ෂාවයි.

SendShareShare
Previous Post

ක්‍රිකට් නඩුව අධිකරණයේ විභාග වෙද්දී ජනාධිපතිවරයා එක්තරා විනිසුරුවකුගේ නමක් පාර්ලිමේන්තුවේ සඳහන් කර උසස්වීමක් ගැන කිව්වා! මේක බරපතළ ගැටලුවක්! විනිසුරුවරයාත්-අධිකරණයත්-පාර්ලිමේන්තුවත් බරපතළ අපහසුතාවකට පත් කිරීමක්! විපක්ෂනායකවරයාගෙන් කතානායකවරයාට දැනුම්දීමක්! VIDEO I Sri Lanka Latest News

Next Post

‘ප්‍රජා අයිතිය අහෝසි කරනු! ජනතාවට වන්දි ලබා දෙනු!’ රට බංකොලොත් කළ රාජපක්ෂවරුන්ට එරෙහිව ගෙන ගිය පාර්ලිමේන්තු සටන සජිත් මහපාරට අරන් එයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

වාහන ‌රටින් ගෙන්වන්න පුලුවන් ගැසට් එක හෙට අනිද්දාම එළියට එනවා! ගේන්න පුලුවන් වාහන වර්ග-ඩොලරයට ආපහු වෙන්න යන දේ මෙන්න! Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව පාවිච්චි කරපු වාහන ගෙන්වීමේ කොමිස් එක අයින් කරයි! Vezel ලක්ෂ 20කින්-Wagon R ලක්ෂ හතාමාරකින්-Yaris ලක්ෂ 10කින් යළි ඉහළට? I Sri Lanka Latest News

මාංචු දැම්මෙ නෑ.. KDH වෑන් එකේ ගෙනිච්චා කියලා කට්ටිය ඇඬුවනේ..! ඔන්න අද අත් දෙකට මාංචු දාලා බන්ධනාගාර බස් එකෙන් යෝෂිත උසාවියට ගෙනාවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

යෝෂිත අත්අඩංගුවට ගනී! I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)
Exclusive

බැසිල් අත්අඩංගුවට ‌ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න! CIDයට නියෝගයක්! I Sri Lanka Latest News

කොළඹ නගරාධිපති පුටුවෙන් පටන් අරන් කතානායක පුටුව දක්වාම ගිය එම්.එච්. මොහොමඩ්ගේ 104 වැනි ජන්ම දිනය සමරයි! සජිත්ගෙන් විශේෂ කතාවක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

රටක් ලෙස මේ අමාරු මොහොතේ දේශපාලන වෙනස්කම්වලට ගරු කරමින් රට සුරක්ෂිත කිරීමට සැවොම එකතු වෙමු! කොස්ගොඩ සුභූති අනුනායක නාහිමිපාණන් වහන්සේගේ ආදාහන පුජෝත්සවයේදී විපක්ෂනායක සජිත්ගෙන් විවෘත ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

100 පන්නලා ගිය බොරතෙල් බැරලය දැන්නම් ඩොලර් 75ටම බැහැලා! ලංකාවෙත් තෙල් මිල තිබ්බ ගානටම අඩු වෙයිද? I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේට අසාධ්‍යයි! සලේව නිරුවත් කර හැමෝම ඉදිරියේ ගුද මාර්ගය පරීක්ෂා කරලා! බිරිය මනෝරි මාධ්‍යයට කතාකරයි! VIDEO I Sri Lanka Latest News

Load More
වාහන ‌රටින් ගෙන්වන්න පුලුවන් ගැසට් එක හෙට අනිද්දාම එළියට එනවා! ගේන්න පුලුවන් වාහන වර්ග-ඩොලරයට ආපහු වෙන්න යන දේ මෙන්න! Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව පාවිච්චි කරපු වාහන ගෙන්වීමේ කොමිස් එක අයින් කරයි! Vezel ලක්ෂ 20කින්-Wagon R ලක්ෂ හතාමාරකින්-Yaris ලක්ෂ 10කින් යළි ඉහළට? I Sri Lanka Latest News

පාවිච්චි කරන ලද වාහනවල රේගු වටිනාකම තීරණය කිරීමේදී මීට පෙර අදාළ වූ සියයට 15ක තක්සේරු අඩු කිරීම ඉවත් කිරීමත් සමග,...

Read more
මාංචු දැම්මෙ නෑ.. KDH වෑන් එකේ ගෙනිච්චා කියලා කට්ටිය ඇඬුවනේ..! ඔන්න අද අත් දෙකට මාංචු දාලා බන්ධනාගාර බස් එකෙන් යෝෂිත උසාවියට ගෙනාවා! VIDEO I Sri Lanka Latest News

යෝෂිත අත්අඩංගුවට ගනී! I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)

බැසිල් අත්අඩංගුවට ‌ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න! CIDයට නියෝගයක්! I Sri Lanka Latest News

කොළඹ නගරාධිපති පුටුවෙන් පටන් අරන් කතානායක පුටුව දක්වාම ගිය එම්.එච්. මොහොමඩ්ගේ 104 වැනි ජන්ම දිනය සමරයි! සජිත්ගෙන් විශේෂ කතාවක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

රටක් ලෙස මේ අමාරු මොහොතේ දේශපාලන වෙනස්කම්වලට ගරු කරමින් රට සුරක්ෂිත කිරීමට සැවොම එකතු වෙමු! කොස්ගොඩ සුභූති අනුනායක නාහිමිපාණන් වහන්සේගේ ආදාහන පුජෝත්සවයේදී විපක්ෂනායක සජිත්ගෙන් විවෘත ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

100 පන්නලා ගිය බොරතෙල් බැරලය දැන්නම් ඩොලර් 75ටම බැහැලා! ලංකාවෙත් තෙල් මිල තිබ්බ ගානටම අඩු වෙයිද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.